ඉකුත් මහ මැතිවරණයේදී වාහන භාරදිය යුතුව තිබූ එහෙත් භාරනොදුන් මහජන නියෝජිතයින්ට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ වරද යටතේ ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් එවා ඇත.
රජයේ අමාත්‍යවරුන් හා වාහන භාවිතා කිරීමට සුදුසුකම් ලබාසිටි අපේක්ෂකයින් භාවිතා කර ඇත්තේ ඔවුන්ට හිමි වාහනද යන්නත්,එකී වාහන සඳහා රුපියල් ලක්ෂය බැගින් ගාස්තු ගෙවා ඇතිද යන්නත් සොයා බලන ලෙසද එම සංවිධානය ඉල්ලා තිබේ.
මැතිවරණයේදී රජයේ වාහන භාවිතයට සුදුසුකම් නොලද පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්,පළාත් පාලන ප්‍රධානීන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් භාවිතා කළ රථවාහන පිළිඹදවද සොයාබලන ලෙස එම සංවිධානය ඉල්ලා ඇත.
රාජ්‍ය වාහන අවභාවිතය පිළිඹදව ඉතා විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබූ බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවද පැෆරල් සංවිධානයේ ලිපියේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩා දිසා, ඔබ හරි. නමුත් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ටිකක් එතනින් ඔබ්බට ගිහින් විශේෂ වූ යමක් කළයුතුයි (ටික කාලයක් හෝ ) (නි)
හිටපු ජනපතිට දුන් වාහන නැවත දුන්නාද? දැන් ඔහුට වාහන කොපමණක් සහ ආරක්ෂාවට කොපමණ බලඇණියක් තියෙනවාද? දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී පමණයි. එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට අදාළ වාහන සහ ආරක්ෂාව පමණයි ඔහුට හිමිවිය යුත්තේ. ඔහු හිටපු ජනපති හැටියට, නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අපේක්ෂා නොකර සිටියා නම් ඔහුට හිටපු ජනපති වරප්‍රසාද හිමිකම ලැබිම සුදුසුයි (නි)
ඕවා කෙරෙන වැඩද? (නි)
මැති ඇමතිවරුන්ට වාහන දෙන එක නවත්වන්න (නි)