ඉකුත් මහ මැතිවරණයේදී වාහන භාරදිය යුතුව තිබූ එහෙත් භාරනොදුන් මහජන නියෝජිතයින්ට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ වරද යටතේ ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් එවා ඇත.
රජයේ අමාත්‍යවරුන් හා වාහන භාවිතා කිරීමට සුදුසුකම් ලබාසිටි අපේක්ෂකයින් භාවිතා කර ඇත්තේ ඔවුන්ට හිමි වාහනද යන්නත්,එකී වාහන සඳහා රුපියල් ලක්ෂය බැගින් ගාස්තු ගෙවා ඇතිද යන්නත් සොයා බලන ලෙසද එම සංවිධානය ඉල්ලා තිබේ.
මැතිවරණයේදී රජයේ වාහන භාවිතයට සුදුසුකම් නොලද පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්,පළාත් පාලන ප්‍රධානීන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් භාවිතා කළ රථවාහන පිළිඹදවද සොයාබලන ලෙස එම සංවිධානය ඉල්ලා ඇත.
රාජ්‍ය වාහන අවභාවිතය පිළිඹදව ඉතා විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබූ බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවද පැෆරල් සංවිධානයේ ලිපියේ සඳහන්ය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙට රජයේ වාහන ගත් මන්ත්‍රීන්ට දඬුවම් ඉල්ලයි
අස්මිත් Sunday, 06 September 2015 03:14 AM
කැනඩා දිසා, ඔබ හරි. නමුත් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ටිකක් එතනින් ඔබ්බට ගිහින් විශේෂ වූ යමක් කළයුතුයි (ටික කාලයක් හෝ ) (නි)
කැනඩා දිසා Saturday, 05 September 2015 03:50 AM
හිටපු ජනපතිට දුන් වාහන නැවත දුන්නාද? දැන් ඔහුට වාහන කොපමණක් සහ ආරක්ෂාවට කොපමණ බලඇණියක් තියෙනවාද? දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී පමණයි. එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට අදාළ වාහන සහ ආරක්ෂාව පමණයි ඔහුට හිමිවිය යුත්තේ. ඔහු හිටපු ජනපති හැටියට, නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අපේක්ෂා නොකර සිටියා නම් ඔහුට හිටපු ජනපති වරප්‍රසාද හිමිකම ලැබිම සුදුසුයි (නි)
චන්න බුවනක Friday, 04 September 2015 04:59 PM
ඕවා කෙරෙන වැඩද? (නි)
විකුම් Saturday, 05 September 2015 01:09 AM
මැති ඇමතිවරුන්ට වාහන දෙන එක නවත්වන්න (නි)