හිටපු ජනපතිගේ ඡන්ද රැස්වීම්වලට ලංගම බස් යොදා ගැනීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් නොගෙවීයැයි මහින්ද රාජපක්ෂ හා තවත් හය දෙනකුට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන 11 වැනි දා විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරු ශිරාණි ගුණරත්න මහත්මිය නියෝග කළාය.
එදිනට පැමිණිල්ල ඉදිරිපත් කරන්නැයි විනිසුරුවරිය ගමනාගමන මණ්ඩලයට නියෝග කළාය.
2015 ජනපතිවරණය වෙනුවෙන් කුලියට ගත් බස් වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් මුදල් ගෙවා නැතැයි හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ද මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙහාන්, ඔයා නොදන්නා දේවල් ලියන්න එපා. බලයේ සිටින ජනාධිපති කෙනෙකුට විතරයි නඩු දාන්න බැරි. (නි)
රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් නොගෙවීයැයි මහින්ද රාජපක්ෂ හා තවත් හය දෙනකුට එරෙහිව .......රුපියල් කෝටි 1000 කට වඩා පාඩු සිද්ද කරපු දේවල් වලට නඩු දන්නේ කවදද? (ස)
ශ්‍රී ලංකාව පුදුමාකාර වර්ගයේ මිනිසුන් ජීවත්වන රටකි (නි)
සතියෙන් සතිය එකිනෙකට නොගැළපෙන මේ වගේ සිදුවීම් නිසා අපේ රටේ දැවෙන ජාතික ප්‍රශ්න කීයක් යටපත් වෙනවාද? මහින්දට නඩුවක් කිවුවොත් මිනිසුන්ට අර ප්‍රශ්න සියල්ල අමතකයි. මෙහෙම ගියොත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
තෙහාන් මල්ලි,එහෙම තමයි අපිත් ඉස්සර හිතාගෙන හිටියේ. (නි)
හිටපු නෙවෙයි ඉන්න ජනාධිපතිටත් දැන් නඩු පවරන්න පුළුවන් , 19 වෙනි විව්‍යස්ථාවෙන් ජනපතිවරයෙකුට හිමි මුක්තිය අහිමි කලා , (අ)
එරික් සහ හර්ෂ මහත්වරුනි , මාළිගාවල ඉන්න බලවත් ඇත්තන්ට ඔබ කියන සොබාදහම බලපාන්නේ නැත. මුහුදු වෙරළ අයිනේ ජීවත්වෙන දුප්පතුන්ටත්, පැල්පත්වාසින්ට වගේම වර්ෂාව බලාගෙන හේනක්,කුඹුරක් කොටාගෙන ජීවත්වෙන අය වගේ තැනැත්තන්ට තමා වැඩියෙන් ඔය සොබාදහම දඬුවම් දෙන්නේ. (නි)
අවසානයේදී මේකත් අර අයි.ටී.එන්. චෝදනාව වගේ එකක් නම් නොවේවා කියායි මම නම් පතන්නේ (නි)
තෙහාන්,ජනාධිපති කෙනෙකුට නඩුදාන්න බැරි නම් ජනාධිපති දැනගන්න ඕනෑ නේද එම පදවිය ඇපයට තබාගෙන රටේ ධනය අයුතුලෙස පරිහරණය කිරීමෙන් වැළකී සිටීම වගේම, කවුරුහරි ඔහු වෙනුවෙන් එහෙම කරන්න හදනවා නම් එය වළක්වාලීමට. රටේ තනි පුද්ගලයෙකු වෙනුවෙන් මිලියන් ගණනක් වියදම් කිරීම අපි වගේ තුන්වන රටක ආර්ථිකයට වදින්නේ මරු පහරක් මෙන්ම අහස පොළොව නුහුලන අපරාධයක් (නි)
අනේ මන්දා මෙතුමා මෙහෙම කෙනෙක් කියලා හිතන්නවත් මම කැමති නැහැ (නි)
අප රටේ ජනයා හැඩගැසී තිබෙන්නේ උස් තැන් දැක හැකිළෙන්නටත් මිටි තැන් දැක පුප්පන්නටත්ය. තමන් තමන් කරන රාජකාරිය බලවතුන්ගේ බලපෑම් වලින් තොරව ඔවුන්ගේ කකුල් අසළ බිම දණනොනමා නීතියට අනුකූලව කරගෙන යන්නට බොහෝ දෙනෙකුට නොහැකි වී තිබෙනවා. මෙලෙස කියන්න සිදුවෙන්නේ පියවි ඇස් වලින් දකින්න තිබෙන නිසයි (නි)
නඩු අහලා සාක්කි ඇතුව ඔප්පු කරලා පෙන්වන්න. (නි)
අපි මේ ගැන කලබලවෙන්න අවශ්‍ය නැහැ (නි)
තිලක්-ඩුබායි, සැතපුම් 2 ක් නෙමෙයි සැතපුම් 20 ක් තිබුනත් ඒක ගෙවන්න ඕනෑ ඉදිරිපත් වුණ පක්ෂය. නිකම් මෝඩයෙක් වගේ කෑ ගහන්න එපා. ඔයාට මහින්ද එක්ක ප්‍රශ්නයක් තිබුනට ඒකට රටට කරන්න දෙයක් නැහැ.(නි)
වරදක් කළා නම් ඉතින් අනිවාර්යයෙන්ම දඩුවම් විඳිය යුතුයි (නි)
එතුමා වරදක් කර තිබෙනවා නම් ඒ බව පිළිගනීවි (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දැන් එයා පා.ම. කෙනෙක්. සහ පැරදුන කෙනෙක් නම්බු පිට ගිය කෙනෙක් නෙවෙයි. කුජිත වෙලා පිචන් වෙලා ගිය කෙනෙක් (බ)
නීතියෙන් ගැළවුණත් වරදක් කර ඇත්නම් සොබාදහමින් හෝ දඩුවම් ලැබෙනවාමයි (නි)
අනුරාධපුර රැස්වීමට පැමිණි බස් පෝළිම විතරක් සැතපුම් 2 ක් විතර තිබුනා.මොකද මේවා තමන්ගේ මුදලින් ගෙවනවා කියලද? (නි)
මට නම් විශ්වාසයි මෙතුමා නිදහස්වෙන බවට (නි)
සල්ලි ගෙවුවේ නැත්නම් බස් දුන් අය බස් ගෙනගිය අයගෙන්නේ සල්ලි ඉල්ලාගන්න ඕනෑ. නිසිපරිදි ක්‍රියාකර නොමැතිනම් මුලින්ම එම ඩිපෝ වල ප්‍රධානීන්ට විරුද්ධව නඩු දාන්න ඕනෑ. (නි)
අධිකරණය සහ මහජනතාව ඉදිරියේ කතා මවන සමහරු ගැන දන්නෝ දනිති. (නි)
පිටබැද්දර ජයා, දර්ශන, රෝහණ කුමාර, මෙන්ඩිස්, විජිත්, චානක ලොස් ඇන්ජලිස්, මට තේරෙන්නේ නැහැ නුඹලා මොන ලෝකයක ජීවත්වෙනවද කියලා. (නි)
තෙහාන්,එතුමාට විරුද්ධව නඩුදාන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් සළකලා. (නි)
නීතියෙන් ගැළවුණත් වරදක් කර ඇත්නම් සොබාදහමින් හෝ දඩුවම් ලැබෙනවාමයි කියන කතාව නම් සම්පූර්ණ ඇත්ත (නි)
අන්තිමට වරද පාක්ෂිකයන්ගේද? (නි)
මේ අදහස් දාන අය කෑගහන්න කලබල කරන්න අවශ්‍ය නැහැ. මේ මුදල ගෙවන්න කියලා උසාවිය තීන්දු කළොත් මහින්ද මහතාට ඡන්දය දුන් 58 ලක්ෂයක ජනතාව ඒක ගෙවන්න ඉදිරිපත්වෙයි. (නි)
හිටපු විධායක ජනාධිපති කෙනෙකුට නඩු දාන්න බෑ කියල නොදන්නා අය. (ස)