
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කුඩා දරු දෙදෙනෙකු ඇතුළු අඹුසැමි යුවළක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් හොරණ ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් කාන්තාව මියගොස් අනෙක් සියලුම දෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 34ක් තැනැත්තියකි.අනිද්දා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ඡන්දය දැමීම සඳහා පිළියන්දල සිට මිද්දෙණිය ගම් ප්‍රදේශය කරා යමින් සිටියදී අනතුර වී ඇත.
තුවාල ලද සියලු සියලු දෙනාගේම හිස් ප්‍රදේශවලට බරපතල තුවාල සිදුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ප්‍රවාහනයේ මෙහෙම දරුපවුල් වල අයට යන්න තියෙන අමාරුව නිසා ගෙවීමේ පදනමෙන් ත්‍රීවීලර් ගන්නවා. ලංකාවෙ දුම්රිය සේවය ඉතාමත් දුර්වලයි. බස් සේවය ගත්තාම අධිවේගී මාර්ගයේ යන්න විශාල මුදලක් ඕන. මේවායේ ගියාම ටිකක් විවේක අරගෙන හෙමින් යන්න පුළුවන් .රටේ බස් සේවය ගැන කියද්දී හාල්මැස්සන් පෙට්ටිවල හාල්මැස්සන් අහුරනවා වගේ මගීන් පටවන බස් තියෙනවා .උදාහරණයක් හැටියට 122 මාර්ගයේ කාර්යාල වේලාවෙ ධාවනය කරන වික්‍රමරත්න බස් රථ පෙන්නන්න පුළුවන් .අනෙක් මාර්ග වලත් එහෙම ඇති .මම කියපු බසය නම් දේශපාලුවන්ට අයිති නිසා උන් උන්ට ඕන ආකාරයට මගීන්ට දසවද දෙනවා වුනත් බලන්න මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ බලධාරීන්ගේ අවධානයට යොමුවෙන්නේම නැහැ .පොලිසිය අධික ලෙසට මගීන් පැටවීම බලන්නෙ නැහැ .සාමාන්‍යයෙන් දුර ගමන් බස් සෑම නැවතුමකම නවතන්නෙ නැතත් මේවාට එම නීති වලංගු නැහැ. මෙහෙම දේවල් මෙම නිසා මෙහෙම සිදුවීම් වෙලා ජීවිත හානිවෙනවා