තමා ඡන්දයකට ඉදිරිපත් වුවහොත් කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද තුන්ලක්ෂයක් ලෙහෙසියෙන් ගත හැකි බව බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී අද පැවසීය.
ඔහු එසේ පැවසුයේ තමාගේ පැමිණිල්ල විභාග කිරීමට ඔහු හවුල් කර නොගන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා කැර ඇති ඉල්ලීමක් සඳහන් කරමිනි.
අනුර සේනානායක මහතා මෙසේ ද කීවේය.
‘මම අවුරුදු සීයයක් ජීවත් වුණත් පොලීසිය වෙනුවෙන් මා සේවය කරනවා. මහජනයා එය අගය කරනවා.ඔහුගේ පැමිණිල්ල ගැන මා කරන පරීක්ෂණයට ඔහු අකමැති වීම ගැන මා බලවත්සේ කම්පාවට පත් වුණා.මා කියන්නේ ඇත්තයි.මේ සිද්ධිය ගැන අහවල් විදියට පරීක්ෂණ කරන්නැයි කිසිවකුගෙන් මා උපදෙස් ගත්තේ නෑ.කිසිවකු මට උපදෙස් දුන්නෙත් නෑ.පෞද්ගලික හේතු මත මේ පරීක්ෂණයෙන් ඉවත් විය යුතු බව මා පොලිස්පතිට ලියා දැන්වූවා.ඉන්පසු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්නට බාර දී තිබෙනවා‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මෙයා අදටත් කරන්නේ දේශපාලනය තමයි. ඒක මෙයා ගැන දන්නා අය දන්නවා. මනාප ලක්ෂ 3ක් දෙන්න නම් මේ රටේ ඡන්ද දායකයෝ බුරුවො වෙන්න ඕනි (නදී)
ලාල් සුරන්ජිත්, බොහෝ විස්තර ඇතුළු කරුණු අන්තර්ජාලයේ විස්තර සහිතව තිබෙනවා.පුලුවන් නම් බලන්න.පුදුමයි. (නි)
ගොඩක් අය ඔහොම තමයි තමන් ගැන හිතාගෙන ඉන්නේ. ඡන්දෙකට ඇවිල්ලාම බලන්න ඕනෑ නියම තත්ත්වය. (නි)
නිළියන්ටත් ඡන්දෙ දී දිනවන රටක ගායකයෙකුට ඡන්දය නොදෙන එකක් නැත. හැබැයි ජනප්‍රිය ගායකයෙක් පසුගියදා බස්නාහිරදී පරාදයි. (නදී)
අපි මෙයාගේ හොඳ ටීවී එකෙන් දැකලා තියෙනවා. වර්ජනයකට සභාගි උන විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඇහුවා නම් මෙයාගේ හොද කියයි. ලංකාවේ මිනිස්සු ඉක්මනටම අතීතය අමතක කරන එක තමයි මේ හෙනේ. (නදී)
සභාපති තුමාට ඇමරිකාවෙන් උපදෙස් ලැබෙන්න ඇති ඒ මහත්තයව අයින් කර ගන්න කියලා. මොකද වැඩෙි පත්තු උනොත් ඇමරිකාවටත් මඩනෙ. (නදී)
සින්දු කියල වෙන්න ඇති නේද.(නදී)
විශ්‍රාම ගියාම දේශපාලනයට එනවද නැත්නම් තානාපති කමක් අරගෙන යනවද (නදී)
ආණ්ඩු පක්ෂෙන්ම වෙන්න ඇති ඡන්දෙ ඉල්ලන්නෙත්. ඔව් ඉතින් දේශපාලනය කරන එකත් දැන් හොදට හම්බ කරන්න පුළුවන් රක්ෂාවක් නේ. (නදී)
වෙන කෙනෙක් මෙහෙම කිව්වා නම් හෙට සිට වැඩ තහනම්. කොහොමද කඩේ යාමේ රඟේ. (නදී)
නලු නිළියන්ට මන්ත්‍රීලා වෙන්න පුළුවන් රටේ අවංක ජනප්‍රිය පොලිස් නිලධාරියෙකුට මේ කියන මනාප ටික ගන්න බැරිවෙන එකකුත් නැහැ.ඒ වුණාට ඔබතුමා ඔය කරන දේ කරගෙන ඔතන ඉන්න. (නි)
නීල්, වෙන මොනවත් අගය කරන්නේ නැද්ද? මොලේ අමාරුවක් තියෙනව නම් ඉක්මනින්ම ගිහින් බෙහෙත් ටිකක් ගන්න (නදී)
බුද්ධික, ඔබ හරි ලංකාවේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ කියල වෙන්න ඇති හිතන් ඉන්නේ. (නදී)
රටට රටේ ජනතාවට මොන තරම් සේවයක් කරලා තියෙනවා කියල කියන්නේ අර නැති වුන රත්තරන් කඩු වලට "කන් ගැට්ටෙක්" හොයා ගත්තා. මාද්‍යවේදිනිය මරපු එකට "තීන්ත බාස්" කෙනෙක් හොයා ගත්තා. නීති අංශයේ ලේකම්ට අධි ආරක්ෂිත කලාපයේදී පහර දුන්නු එකට දුරකථන අංක ලක්ස 5 ක් පරික්ෂා කළා. අනේද කියන්නේ. (නදී)
සේනානායක මහත්තයට කාට ආරක්ෂාව දෙන්න පුළුවන් උනත් මේ වගේ අයටනම් දෙන්න ටිකක් අමාරු වේවි. මෙයාට ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ මෙයාගේ හෘද සක්ෂියෙන්ම තමයි. (නදී)
මට හිතා ගන්න බැරි එක කාරණයක් තියනවා. ලංකාව තුල මොන තරා තිරමක සිටින කෙනෙක් උනත් අන්තිමට පතන්නේ මැති ඇමති වෙන්නද? නිකන් එ්ක මට පෙනෙන්නේ නිවන් පතනවා වගේ. අනේ මම මෙතුමාට අපහාස කළා නෙමේ. මෙතුමා හොඳ පෞර්ශයක් තියන බුද්දිමත් මහත්මයෙක්.(නදී)
දැනට අවුරුදු තිහකට පමණ පෙර අනුර සේනානායක මහතා උප පරීක්ෂක වරයෙක් වශයෙන් සේවය කරනකොට එක්තරා පළාතක අවමගුල් පෙරහැර කට කරන ලද ගෞරවාන්විත උත්තමාචාරය එක්තරා පුවත්පතක ඉහලින් වර්ණනා කරලා තිබුන හැටි මට තවම මතක තියෙනවා. (නදී)
පොලිසිය දේශපාලනය කරනවා කියන්නේ ඕක තමා. පොලිසියේ මහත්වරු දැන් ඒගොල්ල ගන්න මනාප ගානත් දන්නවා. ජය වේවා (නදී)
මම නම් හිතන්නේ ලක්ෂ 3 නෙමෙයි ඊට වැඩිය ගන්න පුළුවන්. (නි)
එක කාලෙකට මටත් ඔහොම හිතුනා (නදී)
මහත්මා ගති පැවතුම් තියෙන හොඳ මහත්මයෙක්. මම ගොඩක් අගේ කරනවා ඔහු ගැන. ඒ වගේම ඔහු සතු පැහැදිලි කටහඬ හා වචන හැසිරවීම ගොඩක් අගේ කරනවා (නදී)
කරුණාකර එතුමා ගැන නොදන්නේ නම් අදහස් දාන්න එපා.අපේ පොලිස් දෙපාර්මේන්තුවේ සිටින ඉතා වැදගත් ,දක්ෂ මහත්මයෙක්. (නි)
ජය වේවා පොලිසියට .(දිල්)
රතු කොළ නිල් මොන පාටින්ද මහත්තයෝ ?(දිල්)
මෙතුමාගේ අවංක සේවය ගැන දන්නෝ දන්නවා (නි)
දක්ෂ අවංක නිලධාරියෙක්...මොන පක්ෂයෙන් ඉල්ලුවත් දිනනවා..අනේ දේශපාලනේටනම් එන්න එපා.(දිල්)
මෙහෙම ගියොත් තව කවුරු කවුරු ඡන්දෙ ඉල්ලාවිද දන්නෙ නැහැ (නි)
ඇත්තටම අනුර සේනානායක මහතා මිනිසුන්ට හිතවත් හොඳ නිලධාරියෙක්. (නි)
මා දන්නා විදියට ලංකාවේ දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක්. (නි)
මෙතුමා මේ ප්‍රකාශය හරහා මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නි)
ඔබතුමාට මිනිසුන් කොහොමත් මනාපයි (නි)
හරි. නිල ඇඳුම පැත්තකින් තියලා කොච්චර ඡන්ද ගන්න පුලුවන්ද එතකොට? (නි)
ලංකාවේ හැමෝම එකම විදියට හිතන්නේ නැහැ (නි)
කොහොමද දන්නේ නැහැ ඒ තරම් ගන්නේ? (නි)
අපේ රටේ දේශය පාලනය කරන්න යන අය කරන්නේ අපේදේශය පාලු කරන එකයි.තමන් පාලනය කරගන්න තමන්ට බැරිනම් මේ බොහෝ දෙනෙකු කොහොමද රටක් හෝ පලාතක් පාලනය කරන්නේ.ලොව පොලිස් සේවාවන් ගෙන් ශ්‍රී ලංකාවේ පොලිස් සේවයට හිමි වන්නේ කුමන ස්ථානයක් කියල හොයලා බලන්න. (අ)
පොලිසියට අමුතුවෙන් දේශපාලනයට එන්න ඕනෑ නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)
දන්නෝ දනිති (නි)
පොලිසියේ අය මෙතරම් ජනප්‍රියද? (නි)
නීල් , මම හිතන්නේ වෙන කෙනෙක් ගැන වෙන්න ඇති (නි)
මොනතරම් අවංක, නිහතමානි උසස් ගතිගුණ තිබුනත් පොලිස් සේවයේ ඉන්නතුරු තමයි කාගේත් සැළකිල්ල. විශ්‍රාමයෙන් පසු , බොහෝ දෙනෙකුට ඔය හිතන සැළකිලි නැහැ (නි)
අනේ අම්මෝ! උඩ තිබෙන අදහස් වලින්ම අපේ රටේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම පෙනෙනවා (නි)
අනිවාර්යයෙන්ම එහෙම වෙයි (නි)
මෙහෙම ගියොත් ලංකාවේ සියල්ලෝම මන්ත්‍රීලා, ඇමතිලා වෙනවා. මේ අහිංසක අපිට මොකද වෙන්නේ? (නි)
එඩිතර ප්‍රකාශයක් (නි)
නියම මහත්තයෙක් (නි)
සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වැව් ඉස්මත්තේ.... මනාපයන් එගොඩ නොවන්නේ.... ඔබත් එහාටම කැඳවා යන්නට යාවී..... ඔබත් අපේ කෙනෙක් කියාලා.... (නි)
දැන් කොහොමද ඔය තිස් දාහ ගන්නේ? (නි)
ඡන්ද ලක්ෂ 3ක්? ඒකත් බලනකොට ලේසි නැහැ (නි)
පොලිසියේ මහතුන්ට ජනතාව හරි ආදරෙයිනේ (නි)
කවුද කියන්නේ සේනානායක මහත්තයාට බැහැ කියලා මනාප ගන්න? (නි)
මේ වගේ පොලිස් නිලධාරීන්ද අපිට ඉන්නේ? (නි)
හොඳයි. ඒ ගාණ අරගෙන පෙන්වන්නකෝ (නි)
එතුමා දේශපාලනයට ආවොත් මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
සේනානායක මහතා ගැන නොදැන අපහාසයට ලියන්න එපා. එතුමා හොඳ නිලධාරියෙක් (නි)
අනේ මහත්තයෝ, ප්‍රවේශමෙන්. නිකන් අමාරුවේ නම් වැටෙන්න එපා (නි)
ඔබතුමා හිතාගෙන ඉන්න විදියටම ඔය ඡන්ද ලැබෙයිද? (නි)
බන්දුල පෙරේරා, ඔබතුමා නටන්නේ නැතුව ඉන්නකෝ. (නි)
හැමෝම දන්නවා මේකෙ තිබෙන රහ. (නි)
ඔහොම යමුකෝ (නි)
මනාප ඉල්ලලා දේශපාලුවෝ අමනාප කරගත්තොත් ,අන්තිමට ඔබතුමාට සිදුවෙන්නේ දේශද්‍රෝහී ලේබලය අලවාගන්නයි (නි)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
අවංක සහ නියම එඩිතර නායකයෙක් (නි)
එඩිතර මහත්මයෙක් (නි)
මමත් මගේ ඡන්දය දෙනවා (නි)
හොඳ මහත්මයෙක්. තමයි.ඒ වුණාට පොලිසියේ නීතිය, හරියට ක්‍රියාත්මක කරන්න යාමේදී ප්‍රවේශම් වන්න (නි)
මමත් එතුමා ගැන හොඳට දන්නවා.දක්ෂ නිලධාරියෙක්. (නි)
ඇයි මහත්තයෝ, හොඳ නැද්ද දැන් කරන රස්සාව? (නි)
අනේ! මම නම් විශ්වාස කරන්නෙ නැහැ (නි)
දක්ෂ, අවංක කියන වචන වල තේරුම සමහර අය දන්නෙ නැහැ (නි)
මොනවද මහත්තයෝ මේ කියන්නේ? (නි)
පොලිස් සේවයේ රාජකාරි කටයුතු කරමින් සිටියදීම පක්ෂ දේශපාලනය ගැන කටයුතු කිරීමෙන් පොලිස් සේවයේ අපක්ෂපාති භාවය මොනවට විදහා පෑම වෙනුවෙන් මේ උත්තමයට ශ්‍රී විභූෂණ පදක්කම පිරිනැමිය යුතුයි. (නදී)
අනේ මෙන්න වැන්ඳා, පාඩුවේ ඉන්න මහත්තයෝ! (නි)
පොදු අපේක්ෂකයා කලොත් නරකද ? (නදී)
සදුනි,එයා ගැන අපි දන්නවා (නි)
වසන්ති ඔබ හරි. මේක පොලිස් නිලධාරියෙක් කිවයුතු කතාවක් නෙමෙයි (නි)
මෙතුමටත් හොඳට සල්ලි ඇතිනේ ඡන්දෙට වියදම් කරන්න. මනාප ගන්න හොඳ ප්‍රචාරයක් අවශ්‍යයි නේ. නැත්නම් මට හිතා ගන්න පුළුවන් මෙතුමා මනාපේ ගන්න හැටි ඉතින් එතුමා ශ්‍රී ලංකා අාශ්චර්යේ තියෙන පොලිසියට අයිති කෙනෙක් නේ. හිතාගන්න බැරි එවැනි දේ උසාවියකදී කියන්නේ අැයි කියලා (නදී)
ඒ කියන්නේ දැනටම පාර කපා ගනිමින් යනවා දේශපාලනයට එන්න. එහෙමද? (නි)
ඕකට ඉතින් අමුතුවෙන් ඡන්දෙ ඉල්ලන්න ඕන නැහැ. දැන් ඔබතුමාලා කරන්නෙත් ඔය ටිකම තමා (නදී)
හැමෝම තමන් ගන්න ඡන්ද සංක්‍යාව ගැන කලින් දන්නවා නම් දැන් මොකටද ඒවා ගණන් කරන්න කියලා කට්ටියක් වෙනමම යොදවන්නේ ? (නද)
මාගේ මනාපේ සොයා යන්නේ (නදී)
කසිප්පු ජාවාරම්කාරයන්ගේ මනාපෙ නම් හම්බවෙයි (නදී)
තමන් ගන්න ඡන්ද සංක්‍යාව කලින් දන්නා එක නම් ආශ්චර්යයක්ම තමයි. (නදී)
ඔක්කොම දේශපාලනය කිට්ටු වෙන්නේ ඔය වර්ණපාල තියරිය පාවිච්චි කරලා තමයි. මෙතනත් ඒකේ කිසිම වෙනසක් නැහැ. (නදී)