
(ෂේන් සෙනෙවිරත්න)
ඡන්ද හිමි නාමලේඛනය මුද්‍රිතව ලබා ගැනීම වෙනුවට එය ඩිජිටල්ලේඛන ගත කිරීමේදී ව්‍යාප්ත වැඩසටහනක් ග්‍රාම සේවා වසම් 14,000ක් ආවරණය වන පරිදි ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඒ බව අවධාරණය කර සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (29) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට හමුවේ අදහස් දක්වමිනි.
ඩිජිටල් නාම හිමි ඡන්ද ලේඛනය සකස් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරියන් දැනුවත් කිරීම සහ ඊට දායක වූ ග්‍රාම නිලධාරීන් 42 දෙනෙකු සඳහා ප්‍රශංසා සහතික ලබාදීම නිමිත්තෙන් එම වැඩසටහන පැවැත්විණි.
කඩදාසි පත්‍රිකා මත දත්ත සටහන් කිරීම වෙනුවට මාර්ගගත තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් නාම හිමිඡන්ද ලේඛනය සකස් කරන බවත් ඒ මහතා කීය.
ඉදිරි මැතිවරණයක් පැවැත්වෙන්නේ 2024 ඡන්ද හිමි නාමලේඛනය පදනම් කරගෙනවන නමුත්මෙම වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වන තරුණ පිරිස ද නව ලේඛනයට ඇතුළත් වන බවද ඒ මහතා එහිදී පැවසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී යොදා ගන්නේ කුමන නාමයෝජනාවක් දයන්නඅධිකරණ නියෝග සහ පාර්ලිමේන්තු තීරණය අනුව දැනුම් දැනුම් දෙනු ඇති බවත්එම තීරණය අනුව නව නාමයෝජනාවක් යොදාගන්නේදයන්න තීරණය වනු ඇති බවදමැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිජිටල් නොවෙයි මොන ක්‍රමයට හැදුවත් ගෘහමූලිකයා මුලින් සිටින ආකාරයට ඡන්දහිමි නාමලේඛන හදන්න නම් මෙතෙක් කාලයක් බැරිවුණා කොතරම් දියුණු තාක්ෂණයක් තිබුණත් එම තාක්ෂණය උපයෝගී කරගෙන කටයුතු කරන්න බැරිවුණාට දිස්ත්‍රික්වල මැතිවරණ කාර්‍යාලයේ ඉහළම නිලධාරි සිටින ශ්‍රේණිය අනුව කාර්‍යාලයේ නාම පුවරුව යොදන්න නම් පුළුවන් බව පේනවා... (උදාහරණයක් හැටියට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලය)