අද දින 60-70% ත් අතර ඡන්දය ප්‍රකාශ කොට තිබූ බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි.
උතුරු නැගෙනහිර පළාත්හි ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශාල උනන්දුවක් පැවතීම කැපී පෙනේ.
මාතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල හා මහනුවර යන දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම ඉහළ මට්ටමක පවතී. ගාල්ල, බලපිටිය, කෑගල්ල හා රඹුක්කන යන ප්‍රදේශවල දී එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්ද මධ්‍යස්ථාන අසල සිය ආධාරකරුවන් සමග රැඳී සිටිමින් ඡන්ද දායකයන්ට බලපෑම් කළ බවද මේ සඳහා මැදිහත්වූ පොලිසියටද තර්ජනය කළ බවද වාර්තාවේ.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක පාහේ ඡන්ද මධ්‍යස්ථාන අවට රැඳී සිටින කුඩා කණ්ඩායම් එජනිස අපේක්ෂකයාට ඡන්දය සලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණු බවද නිරීක්ෂණ ජාලය පවසයි.
මිහින්තලය, මඩකලපුව, බිබිල, පුත්තලම, රත්නපුර, හල්පිටිය, ගම්පහ, කොළඹ, මාතර, ත්‍රිකුණාමලය, වාකරේ හා වව්නියාව යන දිස්ත්‍රික්කවල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 31 ක් නීති විරෝධී ප්‍රචාරක කටයුතු 141 ක් සහ ඡන්ද දායකයන්ට බලපෑම් කිරීමේ සිදුවීම් 42 ක් පිළිබඳ පැමිණිලි වාර්තාවූ බවද ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ඡන්දේ බරපතල ගැටුම් නෑ‘
දීප්ත Thursday, 08 January 2015 01:13 PM
ලෝකයට ලංකාව ගැන හොඳ පණිවිඩයක් (නි)