
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා සේවයේ යෙදුණු රජයේ මුද්‍රණාල සේවකයන්ගේ දීමනා වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි හතරක මුදලක්ද මහා භාණ්ඩාගාරය මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.
රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයෙන් විමසා ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
පළාත් පාලන මැතිවරණයට අදාළව මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් රජයේ මුද්‍රණාලයට මෙතෙක් වැයවී ඇති මුදල රුපියල් කෝටි 15 කට අධිකය.
මේ අතර මූල්‍ය ප්‍රශ්න හේතුවෙන් රජයේ මුද්‍රණාලය පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පූර්ණයෙන්ම නතර කර ඇත. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මේ අවස්ථාවේදී මුදල් ලබාදිය නොහැකි බව මහා භාණ්ඩාගාරය පසුගියදා රජයේ මුද්‍රණාලයට ලිඛිතව දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd