IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඡන්දෙ නිහඬ කාලය සඳුදා සිට

(සුජිත් හේවාජුලිගේ )

මහ මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු සඳුදා (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි බවත් එම කාලයේදී ප්‍රචාරක කටයුතු කරන සියලු අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට  පැවසීය.

නිහඬ කාලයේ දී ඡන්ද ආයාචනා කිරීමට ගෙන් ගෙට යෑමද පෙළපාළි  පැවැත්වීම ද නීති විරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පොලිසියට ලැබී ඇත්තේ පැමිණිලි 313ක් පමණි. ඒ අතර අපරාධමය  ගණයට වැටෙන පැමිණිලි ඇත්තේ පනස් එකකි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1794ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම ලබන 14 වැනිදා පැවැත්වේ.



අදහස් (1)

ඡන්දෙ නිහඬ කාලය සඳුදා සිට

SANATH Saturday, 09 November 2024 04:31 PM

නිහඬ කාලයක් වෙනම ඕනෑ නැති තරම්... මෙහෙමනේ ඡන්ද තියන්න ඕනේ... ඒ කාලේ නම් මේ වෙද්දිත් ගොඩක් මැරිලා..., ගිනි තියලා, ගහලා, එකම වලි ගොඩක්නේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site