
(සුජිත් හේවාජුලිගේ )
මහ මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු සඳුදා (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි බවත් එම කාලයේදී ප්‍රචාරක කටයුතු කරන සියලු අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.
නිහඬ කාලයේ දී ඡන්ද ආයාචනා කිරීමට ගෙන් ගෙට යෑමද පෙළපාළි පැවැත්වීම ද නීති විරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අතර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පොලිසියට ලැබී ඇත්තේ පැමිණිලි 313ක් පමණි. ඒ අතර අපරාධමය ගණයට වැටෙන පැමිණිලි ඇත්තේ පනස් එකකි.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1794ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම ලබන 14 වැනිදා පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහඬ කාලයක් වෙනම ඕනෑ නැති තරම්... මෙහෙමනේ ඡන්ද තියන්න ඕනේ... ඒ කාලේ නම් මේ වෙද්දිත් ගොඩක් මැරිලා..., ගිනි තියලා, ගහලා, එකම වලි ගොඩක්නේ...