IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඡන්ද නිරීක්ෂණයට කෙන්නියාවෙන් පිරිසක්

සැප්තැම්බර 21 වැනිදා පැවැත්වෙන පළාත් සභා ඡන්දය නිරීක්ෂණයට කෙන්නියාවේ විපක්ෂ නායක කැලොන්සෝ මුස්යෝකාගේ ප්‍රධානත්වයෙන් සිව්පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේ ශර්මා මේ ගැන නිවේදනය කළේය.

දැනටම කොළඹ පැමිණ සිටින මුස්යෝකා යාපනයට යෑමට ද නියමිතය.

දෙසතියක් ශ්‍රී ලංකාවේ ගත කරන ඔවුන් සිය වාර්තාව ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයයට භාර දෙනු ඇත.

එම කාර්යාලයය එය ශ්‍රී ලංකා රජයට, මැතිවරණ කොමසාරිස්ට හා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට ද , පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලද යැවෙනු ඇත.

 



අදහස් (0)

ඡන්ද නිරීක්ෂණයට කෙන්නියාවෙන් පිරිසක්

රොෂාන් ප්‍රනාන්දු Sunday, 15 September 2013 09:54 PM

අනේ රටවල් නැතුවද කෙන්යාවෙන් ගේන්නේ. කෙන්යාවත් නීතියක් නැති මානව හිමිකම් උල්ලංගනය කරණ රටක්, ඡන්ද දුෂණ වගේ දේවල් ගොඩක් සිදුවෙන රටක්. ලංකාවේ නායකයෝ හිතවත් ඔය වගේ රටවල් සමග තමයි සහයෝගෙට ගන්නේ. ඔය වගේ රට වල් වලින් තමයි ඡන්දෙ ගැන හිතාගන්න පුළුවන්. විශිෂ්ට ජයක් ලැබුනා කියයි. ලංකාවේ මෝඩ මිනිස්සුත් පිලිගනියි.(නදී)

:       0       0

උපාලි Sunday, 15 September 2013 02:46 PM

කෙන්යාවේ කට්ටිය දන්නවා ඇති නේද මැතිවරණයක් කියන්නේ මොකක් වගේ දෙයක්ද කියල? නෑ මං නිකං ඇහුවේ. (නදී)

:       0       0

මරික්කාර් Sunday, 15 September 2013 03:09 PM

කණ්ඩායම ඇවිත් ඉන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් ඉහලම සිටින රටකින් වගේ. මේ මැතිවරණයටත් දෙවියන්ගේම පිහිටයි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 15 September 2013 10:20 PM

රොෂාන් ප්‍රනාන්දු, ඔය වගේ රට වල් වලින් තමයි ඡන්දෙ ගැන හිතාගන්න පුළුවන්. විශිෂ්ට ජයක් ලැබුනා කියයි. ලංකාවේ මෝඩ මිනිස්සුත් පිලිගනියි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 15 September 2013 10:23 PM

මේ වගේ හිගන රටවල් වලින් නිරික්ෂකයෝ ගෙන්වනවා කියන එකෙන්ම අපිට හිතා ගන්න පුළුවනි මොකක්ද කරන්න යන සෙල්ලම කියලා. තව ඉතියෝපියාව,සෝමාලියාව,බංගලිදේශය , මියන්මාරය, උගන්ඩාවේ අයත් ගෙන්වා ගන්නයි තියෙන්නේ. ලංකාව කොහොම තිබුන එටක්ද?(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 15 September 2013 10:24 PM

ඉස්සර චන්ද්‍රිකා මැඩම් දැක්කම මුළු ලෝකෙම ගරු කරනවා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි සිරිමාවෝ-බණ්ඩාරනායක කියන නමට.(නදී)

:       0       0

ටොමී Sunday, 15 September 2013 10:26 PM

බුදු අම්මෝ ටයි එකකුත්, කෝට් එකකුත් දාගෙන නිසා හොද උගත් වැදගත් ලොකු රටක ලොකු මහත්තයෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

අචිනි Sunday, 15 September 2013 06:22 PM

ස්වාසිලන්තයෙන්, බෙල්රූෂ් වලින් එන්නේ නැද්ද...?(නදී)

:       0       0

නිල් රානා Sunday, 15 September 2013 12:23 PM

අපරාදෙ, සෝමාලියා වෙන්ම ගෙන්වා ගන්න තිබුණා.(නදී)

:       0       0

අජිත් පුෂ්පකුමාර Sunday, 15 September 2013 12:28 PM

අපිට කර ගන්න බැරිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site