ඌව පළාත් සභා මැතිවරණයේදී තර්ජන නිසා මැතිවරණ නිලධාරින් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි. කැෆේ , පැෆ්රල් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ ඡන්ද නිලධරයන්ගේ ආරක්ෂාව වහා තහවුරු කැර නිදහස් හා සාධාරණ මැතිවරණයකට අත්‍යවශ්‍ය පසුබිමක් සලසා දෙන ලෙසයි.
පසුගිය බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ වලදී කැස්බෑව, හෝමාගම සහ වැලිගම මාතර ආදී ප්‍රෙද්ශවල මෙන්ම වයඹ පළාත් සභා මැතිවරණයේදී ද මැතිවරණ ක්‍රියාවලියට එල්ල වු බලපෑම් උදාහරණ කොට දක්වන එම නිරීක්ෂණ සංවිධාන වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙවන් සිදුවීම් ඌව පළාත් සභා මැතිවරණයේදීත් සිදුවිය හැකි බවට පෙර නිමිති පළවී ඇති බවයි.
නාම යෝජනා භාරදුන් අගෝස්තු 6 හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ සහ ඔහුගේ සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ ලොග්ගල් ඔයේ දී සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාට කළ බවත්, දැන් සිටම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නිලධාරින් මැතිවරණ නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතු බවත් කැෆේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහත්වරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අහලා අහලා ඇති වෙලා තියෙන්නේ (දී)
නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපිට සිහිනයක්ද? (නි)
දේශපාලකයා නරියකු මෙන් කපිටි විය යුතු අතර සිංහයකු මෙන් එඩිතර විය යුතුය. මේ නියායට අනුව ද දන්නේ නෑ නේ මේ අය වැඩ කරන්නේ දේශපාන විද්වතුන් කියලා නෑ නේ මැතිවරණ නිරීක්ෂකයන් මැතිවරණ කොමසාරිස් ලා මොන වගේ විය යුතුද කියලා. (නදී)
කොහේද ඔය කියන ස්වාධීන සාධාරනය තියෙන්නේ. සමහර ජනමාධ්‍යත් එහෙමනේ. තමන්ගෙ පක්‍ෂ වලට කඩේ යනවා. අාණ්ඩු පක්‍ෂය වේවා විපක්‍ෂය වේවා තමන්ගෙ පක්‍ෂයට අහිතකර ප්‍රකාශ කපලා දානවා. (නදී)
මේ නම් ටික බලන්න. ඔවුන්ට මේ ආයතන සදහා මුදල් එන්නේ කොහෙන්ද බලන්න. කවදාවත් නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වුවා කියල මේ කටවල් වලින් අහන්න ලැබෙන්නේ නැහැ මොන රජයෙන් මොන ආකාරයට කැපකිරීමකින් මැතිවරණ තිබ්බත් මොකද මෙයාලගේ ජීවනෝපාය රැදිලා තියෙන්නේ නිදහස් සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් මත නොවන නිසා. අවුලක් නැත්නම් අවුලක් හදල හරි පෙන්නන්න ඕනා. නැත්නම් එදා වේල නැහැ. සර්ව සම්පුර්ණ නිදහස් සාධාරණ මැතිවරණයක් කවදාවත් ප්‍රයෝගික නැහැ..පවතින ඕනෑම රජයක් මැතිවරණ සදහා තම බලය කොහොමත් අඩු වැඩි වශයෙන් යොදා ගන්නවා...නමුත් කවදාවත් එ්කෙන් ප්‍රතිපලයට බලපෑමක් වෙන්නේ නැහැ..බලපෑම් වලට යට වෙලා ඡන්ද පොලට ගිහින් කතිර ගහන මිනිස්සු දැන් නැහැ..එතනට ගියාට පස්සේ බලෙන් කවුරුවත් කතිරේ ගස්සවන්නේ නැහැ. මේවා එදා වේල හොයා ගන්න ස්වාමින් සතුටු කරන්න මෙයාල රගන මාධ්‍ය සංදර්ශන පමණයි. (නදී)
මැතිවරණ නීති කඩන එක ඔප්පුවෙලා අවසන්. දඬුවම තමයි ලිහිල්. කව්රු උනත් කමක් නැහැ මැතිවරණ නීති කඩන එකා මැතිවරණය අවසන් වෙන තෙක්වත් රිමාන්ඩ් කරන්න.(නදී)
මේවා උනේ අද ඊයේ ඉදල නෙමෙයි නේ (දී)
මොන එහකටද ඔය සභාව විසුරුවා හරියේ. ඔය තිබුන විදියට තියෙන්න තිබුනනේ. මැරකම් පෙන්නන්නම වෙන්නැති (දී)
නිතිය කාටත් එක විදිහට ක්‍රියාත්මක විය යුතුයි (දී)
බන්දුලම ආයෙත් කට ඇරලා. (නි)
හොද සිහි බුද්දියක් අනුවන චන්ද දායකයනට කවදා ලැබේදෝ ?
මැතිවරණකොමසාරිස්ට ආතතිය හැදිලා තමයි වැඩේ ඉවර වෙන්නේ . (දී)