පළාත් සභා මැතිවරණයේ අවසන් දින කිහිපයේ ඡන්ද නීතීයත්, රටේ නීතීයත් කඩ කරමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමේ අවදානමක් ඇතැයි ද පොලීසීය හා මැතිවරණ දෙපාර්තමේන්තුව නිසි පියවර නොගතහොත් ඡන්ද දායකයන්ට දෙවියන්ගේම පිහිට යැයි ද නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
වයඹ හා මධ්‍යම පළාත් හි අංක තහඩු රහිත වාහනවලින් යන අය ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බව ඔහු කියයි.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩබ්ලිව් ටී එම් පී බී වරාවැව මහතාගේ ආධාරකරුවනට ද මහනුවරදී පුත්තලම නොරෙච්චෝලේදී ජාතික සමගි සංවිධානයේ මහ ඇමැති අපේක්ෂක මොහොමඩ් ෆයිරෝස් එල්ළ කළ මැර ප්‍රහාර සම්බන්ධයෙන් සැක කරන සන්ධාන ආධාරකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයිද ඔහු කියයි.
ඇතැම් සන්ධාන අපේක්ෂකයින් හා මන්ත්‍රීන් එළිපිටම අංක තහඩු නැති වාහන වලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ගෙන යන බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දදායකයින්ට විතරක් නම් මොකද, මුළු රටටම දෙයියන්ගෙම පිහිටයි මේ යන විදිහට (නි)
අපි හොර චන්ද දැම්මට මොකදඅනේ වෙන්නේ (දී)
මේවා දකිනකොට බොදුබල සේනාව හරි කියල හිතේ,
මෙයාලට ලැජ්ජාවක් එහෙමත් නෙතිනම් හර්ද ශාක්ෂියක් හෙදියාවක් ශීලාචාරකම විනයගරුක බවක් කියල එහෙම එකක් නැතිද ? (දී)
ජනතා සේවයට ඇති කැමැත්ත (නි)
කිසිම දෙයකට කලබල වෙන්න එපා. නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක කරන නායකයන් අපට බිහි වෙලා තියෙන වෙලාවක් මේක. (නි)
රජයේ වාහන සියල්ලම අංක නැතුව එනවා.කාට කියන්නද? (නි)
ඡන්දෙ දවසට ආතතිය හැදිලා පස්සේ සාධාරණයි කියන්න බැහැ හොදේ ඔන්න (නි)
වරාවැව මහතාට පහර දීම අපි හෙළා දකිමු. ඔහු සමාජයට වැඩදායක මහත්මයෙකි. (නි)
දැන්නම් ඉතින් කොහොමත් මුළු රටේම ඉන්න ජනතාවට දෙයියන්ගේම පිහිට තමයි. (නි)
දැන් තමා අපිට ගොඩක් දේවල් තේරෙන්නේ.. (නි)