IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඡන්ද නීති ගැන අපේක්ෂකයන් දැනුම්වත් කරයි

උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ නීති රීති ගැන වව්නියාවේ ඡන්ද අපේක්ෂකයන් හා පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිසාපති කාර්යාලයයේදී පැවැත්විණි.

ඡන්ද ප්‍රචාරක කටයුතු සිදු කිරීම, ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, ඡන්ද දායකයන් දැනුම්වත් කිරීම ආදිය ගැනද අපේක්ෂකයන් හා පොලිස් නිලධාරීන් දැනුම්වත් කැරිණි.

වවුනියාව දිස්ත්‍රික් තේරීමිභාර නිලධාරි බන්දුල හරිස්චන්ද්‍ර, වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් එන්.කරුණානිධි මහත්වරුද එම අවස්ථාවට පැමිණ සිටියහ.

 



අදහස් (0)

ඡන්ද නීති ගැන අපේක්ෂකයන් දැනුම්වත් කරයි

අනුර Monday, 19 August 2013 06:32 PM

අනේ මිනිසුන්ගේ වටිනා කාලය! (නි)

:       0       0

චන්දි Monday, 19 August 2013 12:04 PM

දැන් මේ දැනුවත් කරන විදියටම වැඩ කටයුතු සිද්ධ වෙයිද ...? අනේ අපි නොදන්නා ලයිව් !!!!!!!!!!!!! (ස)

:       0       0

අනුර Monday, 19 August 2013 06:50 PM

සැප්තැම්බර් 14 මේ රටේ මහා ජන්දය... ඒවා බලලා ගිහින් උපදෙස් දෙන්න පුලුවන් නම් කොච්චර හොඳද? අදටත් පෝස්ටරයක්වත් දකින්න නැහැ (නි)

:       0       0

එමිල් Monday, 19 August 2013 12:30 PM

අනේ ! අපේ කට්ටියට නීති හොදට කියලා දෙන්න. අමතක් වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සේන Monday, 19 August 2013 12:48 PM

දැන් එයාලා හොද අය වෙලා මේවා හොදින් පිළිපදීවි (නි)

:       0       0

අනුර Monday, 19 August 2013 12:48 PM

අපරාදේ කියන්න බැහැ, අගේට පිළිපදී (නි)

:       0       0

මුණසිංහ Monday, 19 August 2013 08:00 PM

ඡන්ද නීති ගැනවත් දන්නේ නැති අයද ඡන්දෙ ඉල්ලන්නේ. (නි)

:       0       0

අචිනි Monday, 19 August 2013 01:14 PM

අපරාදේ මුදල් සහ කාලය (අ)

:       0       0

අචිනි Monday, 19 August 2013 01:14 PM

මේකට ගිය වියදමෙන් බල්ලන්ට ආප්ප අරන් දුන්නා නම් පිනක් හරි ලැබෙනවා .... අපරාදේ මුදල් සහ කාලය (ස)

:       0       0

ලුම්බිණි Monday, 19 August 2013 03:31 PM

නීති පනවන එකත් ඒවා පොත්වල තියෙන එකත් සහ නීති පිළිපදින එකත් සම්පුර්ණ වෙනස් දේවල්. බොහෝ රටවල නීති පොතට පමණක් සීමා වෙලා, අපේ රටත් එක්කම. (නි)

:       0       0

රූපවතී Monday, 19 August 2013 11:56 PM

ඡන්දෙ ඉල්ලන්න පෙර රටේ මිනිසුන්ගේ සියලුම අවශ්‍යතාවන් සම්පුර්ර්ණ කරලා සිටිය යුතු බවට මිනිසුනේ හඩ නගා කියාපල්ලා..? අඩු අදායම් ලාබීන්ට මාසිකව රු 5000 ක දීමනාවක් ,ජීවන වියදම,අත්‍යවශ්‍ය පාරිබෝගික බදුවල මිල, පහත දම පාලන මිලක් ඇතිකිරීම ,මහා මාර්ග ,පාලම් ,රේල් ගේට්ටු , රෝහල් වල බෙහෙත් ..?විදුලි බිල ..,? මෙකි නොකී ..සියල්ල දිනාගනිල්ලා මිනිසුනේ ...නැතිනම් කිසිවෙකුට වැට පැනල චන්දෙ ඉල්ලන්න එන්න දෙන්නත් එපා... මිනිසුනේ යන්නත් එපා... ?අපි නම් දෙවියන්ට පින් සිදුවෙන්න පිටරටවල...?උපරිම ප්‍රජාතාන්ත්‍රීකය භුක්ති විදිමින් ජීවත් වෙනවා, ලංකාවේ මිනිසුන් ජීවත් වෙන්න විදින දුක දකිද්දී .. අතට ගත් කෑම ටික ගිලින්න බැරි තරමට හිතට වේදනයි ...? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site