දකුණු පළාත් සංධාන අපේක්ෂක හිටපු මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ නීති විරෝධී කාර්යාල 12 ක් අම්බලන්ගොඩ සිට මහ අම්බලන්ගොඩ “ දුව “ දක්වා ඇතැයි ද සන්ධානයෙන් කොළඹට තරග කරන අපේක්ෂකයින් වන උදය ගම්මන්පිල සහ නිශාන්ත ශ්‍රි වර්ණ සිංහගේ ආධාරකරුවන් හෝමාගම පිටිපන උතුරු හල්ගහදෙණිය ප්‍රදේශයේ අත් පත්‍රිකා බෙදමින් සිටියදී සංධානයේ අපෙක්ෂක ගාමිනි තිලකසිරිට සහය දක්වන පිරිසක් පහර දීමෙන් දෙදෙනකු රෝහල් ගත කැර ඇතැයි ද කැෆේ සංවිධානය කියයි.
තිස්සමහාරාම නගරයේ අද පැවති එජාප රැස්වීමකදී එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක ලාල් චන්ද්‍ර පුද්ගලයෙකුට පහර දීමේ සිදුවීමක් පිළීබදව තොරතුරු වාර්තා වන බව ද අඟහරුවාදා (4) වන විට මැතිවරණ ආශ්‍රිත සිදුවීම් 535 ක් පිළිබද තොරතුරු වාර්තා වන බව ද මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 512 ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා 23 ක් ඊට ඇතුළු වන බව ද එම සංවිධානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දේශපාලන ශබ්දකෝෂයට එකතුවූ අලුත්ම වගන්තිය 'අනුන්ගේ වත්තේ පොල් කැඩීම'. මේ ගුටි කාලා තියෙන්නේ එහෙම ගිය කට්ටියක්.(නදී)
මැතිවරණ කොමසාරිස් තුමා කුමක්ද දැන් මේකට ගන්න පියවර ?ඔබතුමාගේ ගමත් අම්බලන්ගොඩ නේද ? (නදී)
මැතිවරණ නීති කඩ කරන ලද ප්‍රමාණය ඡන්දය ඉල්ලන අපේක්ෂක ප්‍රමාණය ඉක්මවා ගිය දවසට තමයි අපට සතුටු වෙන්න පුළුවන් නීතිය හා සාධාරණත්වය තවම රටේ තියෙනවා කියල. (අ)