මැතිවරණ නීති උල්ලංඝනය කරන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිපති මගින් මහාධිකරණයේ නඩු පැවරීමට 19 වැනි සංශෝධනය මගින් තමාට බලය පැවරී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (30) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ අතර ආණ්ඩුව රාජ්‍ය දේපළ අවභාවිත කරමින් රාජ්‍ය ආයතනවලට සිය ගණන් රැකියා ලබාදෙන බවට ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෝ අද මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක්ද කළහ.
පැමිණිල්ල කිරීමට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම, උදය ගම්මන්පිල, එම්.එම්.මුසම්මිල් යන මහත්වරු පැමිණ සිටියහ.
නාමයෝජනා බාර ගන්නා ජූලි 6 වැනිදා සිට පොලිස් නිලධාරීන්ගේ මාරුකිරීම් අවලංගු වන බවත් අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන පාසල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත නොකරන බවත් මැතිවරණ කොමසාරිස්වරයා එහිදී පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ කට්ටියට අතීතේ අමතක උන ඉක්මන. හරියට බබාල වගේ. ජනතාව දැන් රවටන්න නම් ටිකක් අමරුවේවි. (නදී)
මැතිවරණ රැස්වීම්වලදී හෝ ඒවාට අදාළ ජනතා එක් රැස්වීම්වලදී කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ "ජාතික කොඩිය " ප්‍රදර්ශනය කිරීමට, සැරසිළි සඳහා යොදා ගැනීමට නීතියෙන් ඉඩ තිබෙනවාද යන්න කොමසාරිස්තුමා පැහැදිලිකර දුන්නා නම් එය අව භාවිතයෙන් නිදහස්ව අභිමානවත් වෙතැයි සිතමි. මේ ජාතික කොඩිය හෑල්ලු කිරීම නැවත්වීම සඳහා සංවාදයක් ඇති කරමුද? (නදී)
මේ අය පරදින බව 100% විශ්වාසයි (නදී)
හොර මුහුණු දැක්කම බඩ දඟලනවා. අනේ රටට තියෙන ආදරේට දඟලන දැඟලිල්ලක්. අවුරුදු 10ක් තිස්සේ කරපු මගෝඩි වැඩ සේරම මාස පහෙන් අමතක වෙචිචි හැටි. මේ උන්නැහේලා නොදන්නවා උනාට මේ රටේ මිනිසුන්ට පසු ගිය කාලේ කරපු නීති විරෝධී දේවල් අමතක නැහැ. මිනිස්සු දේවි හොඳ පිළිතුරක් අගෝස්තු 18 මුන්දලට දුවන්නම. (නදී)
මේ අය පැමිණිලි කරලා තියෙන්නේ ජනවාරි 8 ට කලින් කරපුවාට වෙන්න ඇති. (නදී)
පහුගිය කාලේ පුළුවන් තරම් දුෂණ හොර මැර කම් කරපු පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කුණු හරුප කියමින් අශිලාචාර ලෙස හැසිරුණ නාකි රස්තියාදු කාරයෝ ටිකයි මේ. අපි උගත්, අවංක වැදගත් තරුණයෝ ටිකක් මේ පාර පාර්ලිමේන්තු යවමු (නදී)
ජනවාරි 8දා වෙනස සඳහා කළ ඔප්පුනොකළ චෝදනා වගේ නම් වෙන්න එපා (නි)
කියන විදියටම කරනවා නම් ලොකු දෙයක්.(හේ)
අන්න අපේ මාමත් ඉන්නවා.(නදී)
අලි බබාගේ මෝඩ ගෝල බාලයෝ සෙට් එක. මේ සෙට් එක ලංකාවට කරපු විනාසෙන් ගොඩ එන්ඩ තව අවුරුදු 10 යක්වත් ඕනේ. ගියේ ඡන්දෙ කාලේ දීපු දන්සල් අමතක වෙලාද කොහෙද. (බ)
ඉස්සර මැකෝ දැක්කම දුවනවා, දැන් මැකෝ පස්සේ දුවනවා. (බ)
කෙලින් ඉන්න මැතිතුමා. (නදී)
හැමදාම පටන්ගන්නේ ඔහොම කියලා තමයි. නමුත් කෙරෙන හැටි අපි දන්නවනේ! (නි)
මේ අය තමා අපේ රට විනාශ කළේ. සිංහලයන්ට කවදාවත් තේරෙන්නේ නැහැ (නි)
මේ හැමෝම බලයට එන්න පොරකන්නේ අපිට තියන ආදරේකට කියලා හිතන කට්ටිය දැන් රටේ අඩුයි.(ම)
පහුගිය ඡන්ද කාලේ නොදුන්නේ මොනවද? දැන් තමා ඒවා වැරදියි කියලා මතක්වෙලා තියෙන්නේ. (නි)
මෙතුමාගේ අවංකකම නිසා තමයි ජනවාරි 8 සාධාරණයක් සිදුවුණේ (නි)