බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාලව ඡන්ද නීති කැඩීම් 1008 ක් වාර්තා වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැ‍ෆේ සංවිධානය පවසයි. ඒ අතර මිනිස් ඝාතන සිදුවීමක් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා 48ක් වෙයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.