IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඡන්ද නීති කැඩූ කොච්චිකඩේ ඕ.අයි.සී අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ  රුව සහ මනාපය අංකය සහිතව ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් ඉවත් කළැයි උරණව උප පොලිස් පරීක්ෂකවරයකුට බැන තර්ජනය කළ බව කියන කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.

මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් ප්‍රදේශයේ පුරා අලවා තිබූ පෝස්ටර් කොච්චිකඩේ පොලිසියට අනුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක්  ඉවත් කිරීමේ යෙදී සිටියදී  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාගේ  පෝස්ටර් ද ඉවත් කිරීමට කටයුතු යොදා ඇත

එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි අපේක්ෂයාගේ ආධාරකරුවකු ඒවා ඉවත් නොකරන ලෙස උප පොලිස් පරීක්ෂකවරයා ට පැවසූ ද ඔහු රාජකාරිය අකුරටම ඉටු කරමින් ඒවා ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

රාජකාරිය නිමාකර උපපොලිස් පරීක්ෂක වරයා පොලිස් ස්ථානයට පැමිණීමෙන් අනතුරුව ස්ථානාධිපති ලෙස කටයුතු කරන සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම පෝස්ටර් ඉවත් කිරීම සම්බන්ධයෙන් උරනව ඔහුට බැණ වැදී තර්ජනය කර තිබිණි

 



අදහස් (2)

ඡන්ද නීති කැඩූ කොච්චිකඩේ ඕ.අයි.සී අත්අඩංගුවට

Perera Monday, 11 November 2024 10:15 PM

සෙල්ලම් දාන කොයි කවුරුවත් දැනගන්න ඕනෑ දැන් වතුර රත්වෙන්න පටන් අරන් කියලා...

:       0       0

visnu Tuesday, 12 November 2024 10:04 AM

හොඳ වැඩක්. OIC කිහිප දෙනෙක් අමාරුවේ. මෙම මිතුරන්ගේ ගුණාත්මකභාවය බලන්න. ඔක්කොම BYYO පාසල් වලින්. ඔවුන් පවා මහජනතාව සමඟ හැසිරෙන්නේ කෙසේදැයි නොදනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site