මහ මැතිවරණය වෙනුවෙන් අගෝස්තු 17 වැනි දින දිවයින පුරා ඇති සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.
එමෙන්ම මහ මැතිවරණය නිමිත්තෙන් 16 හා 17 යන දෙදින පුරා සුරාබදු නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
මෙම නියෝග නොතකා මත්පැන් අලෙවි කරන අලෙවිසැල් වැටලීම සහ නීති විරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදුකිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධරයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගෝස්තු 17 වෙනිදා සිට දින තුනක් වසාතබන්න. ඔබතුමාට සෙත් වේවා.(නදී)
දැන් ඕනෑ හරිය අරගෙන ඉවරත් ඇති. මේවා මාසයක්වත් වැහුවා නම් ඔන්න හොඳයි (නි)
බාර් වැහුවත් නැතත් බොන මිනිහා කොහොමත් ඕනෑම දවසක බොනවා! (නදී)
අයියෝ ඕක මොකක්ද 15 අරන් තියා ගත්තම (නදී)
මෙම දේශපාලකයන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ පත්තරය බලන්නටවත් නැහැ බාධා කරනවා (නදී)
ලාංකික අපි දුරදර්ශී මිනිස්සු බඩු ස්ටොක් කරන්නේ නොමිනේෂන් දෙන්නත් කලින් (නදී) .
15 වනදා ඇතිතරම් අරක්කු අරගෙන ගෙදර තියාගන්න බැරිද? (නි)