විෂය භාර ඇමැතිවරයාට, ජනපතිට, මැතිවරණ කොමිෂන් සභාවට, නක්ෂත්‍රකරුවකුට, මාධ්‍ය ආයතනයකට හෝ වෙනත් කිසිම කෙනකුට ඡන්දය පැවැත්වෙන දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ කිසිදු බලයක් නැතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (3) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ඕනෑ නම් ජනාධිපතිවරණයක් ගැන කියන්න පුළුවන්. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තියන්නේ කොහොමද කවදද කියලා දැන් කියනවා. මේ ඡන්දය තැබීමේ බලය පනතේ සඳහන්ව ඇත්තේ කාලසීමාව අවසන් වීමට හය මසකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා හෝ කොමිෂන් සභාව කියන්න ඕන කියලා.‘ යැයිද දේශප්‍රිය මහතා කීවේය.
මේ අතර වත්කම් බැරකම් ලබානොදෙන අපේක්ෂකයන්ට දඬුවමක් ලෙස ටික කලකට ප්‍රජා අයිතිය අහෝස කිරීමේ නීති සකස් කිරීමට යෝජනා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැමෝටම බලයක් තියනවා වගේ කියන්නේ (කෞ)
ඉතිං ඇයී කිව්වේ නැත්තේ ? බොරුවට කඩේ යනවා (කෞ)
කතිරෙටත් හෙනහුරා දසාවද? (කෞ)
කතිරෙට හෙණහුරා ගහනවද? (කෞ)
අපිට හිතා ගන්න පුළුවන්...(හේ)
ඒකනම් ඇත්ත.(හේ)
ළගදි ඡන්දයක් නැද්ද?(හේ)
අනේ කටේ සද්දේ විතරයි. (හේ)
කෝ මේ ප්‍රජාතන්ත්‍රවාදය (හේ)
ඔබ වැනි නිලදාරියෙක් මෙහෙම වීම ගැන කනගාටුයි. (ර)
මැකෝ, ඉතින් දැන් කාලය අවසන් වෙන්න තව මස 6ක් නැහැනේ මාස 6 ක් අඩුවෙන්නේ තියෙන්නේ. එහෙමනම් දැන් ඡන්ද ප්‍රකාශයට පත් කරලා තියෙන්න ඕනනේ කොමසාරිස්. එකියන්නේ මැකෝ හරියට රාජකාරි කරලා නැති බව නේද? (ර)
මම හිතුවා ඔබ අවංක නිලදාරියෙක් බව. පෙනෙන ආකාරයට යහපාලනයට කඩේ යනවා නේද.? (ර)
බලයක් විතරද තියෙන්නේ. යුතුකමක් සහ වගකීමක් නැත්ද ඒ දිනය ප්‍රකාශ කරන්න. මේවට තමයි කියන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියලා.(හේ)
කියව කියවා ඉන්නේ තියනකෝ පළාත් පාලන ඡන්දෙ ? (ර)