
(විමුක්ති එස් රුද්‍රිගු)
මැයි 17 ව්‍යාපාරය නම් දෙමළ හිතවාදී කණ්ඩායමක් පසුගියදා ඉන්දීය ධීවරයන්ට ධීවරයන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ(28) වැටලීමට උත්සාහ ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
සති දෙකක කාලයක් තුළ ඉන්දීය ධීවර කණ්ඩායම් දෙකකට ශ්‍රී ලංකික ධීවර කණ්ඩායම් පහර දී ඔවුන්ගේ උපකරණ සහ මත්ස්‍ය අස්වැන්න සොර ගෙන ඇති බව මැයි 17 ව්‍යාපාරය චෝදනා කර තිබේ.
පහරදීමට සම්බන්ධ ශ්‍රී ලාංකික ධීවරයන් අත් අඩංගුවට ගන්නා ලෙසත් දම්රෝ නිෂ්පාදන මිලදී ගැනීම වර්ජනය කරන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතාවයේ යෙදෙමින් මැයි 17 ව්‍යාපාරය ඉල්ලා ඇත.
ඉන්දීය ධීවරයන්ට මෑතකදී සිදු වූ ප්‍රහාර පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද, ශ්‍රී ලංකා බලධාරීන්ගේ දැඩි අවධානය යොමු කර ඇත. එම ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉන්දියානු ධීවරයන්ට එරෙහිව කිසිම ආකාරයක බලය භාවිත කිරීමක් හෝ ප්‍රචණ්ඩත්වයක් සිදු නොවන බවට වග බලාගන්නා ලෙසද මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.
ඉන්දීය ධීවරයන්ගේ ගැටළු ඔවුන්ගේ ජීවනෝපාය සම්බන්ධ මානුෂීය ගැටළු වන බවත් එම ගැටළු විසඳිය යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේද සහ ද්වි පාර්ශ්වික යාන්ත්‍රණ හරහා බවත් මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දම්රෝ මොකද්ද කලේ මුන්ට ?මේක දේශපාලනයේ ගැම්මක් .අපේ රටේ එවුන්ගෙන් තමයි මේවා කැරකිලා යන්නේ .ඉක්මනට ප්‍රතිචාරයක් නොදී වන වෙනකම් දැන් බලා සිටිනු
මායිම නොපැන හිටපල්ලා .ප්‍රශ්නය ඉවරයි
අපේ රටේ මත්ස්‍ය සම්පත් තමිල්නාඩු දීවරයන්ට බලෙන් ගෙනයාමට ඉඩ දීම ගැන මුළු රටම ලැජ්ජා විය යුහ්ටුයි .මෙම ජාවාරම් කරුවන් එලවා දැමීමට වගකිව යුතු රජයේ නිලධාරීන් සහ නාවික හමුදාව නීතිය ඉදිරියට ගෙනවිත් තමන්ගේ රාජකාරිය පැහැර හැරීම ගැන නිදහසට කරුණු විමසිය යුතුයි