IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර කුණ්ඩසාලය ප්‍රදේශයේ සුවිසල් හෝටලයක නවාතැන් ගනිමින් අන්තර්ජාල මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් 114 දෙනකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

එම පිරිස අතර චීන ජාතික කාන්තාවන් ද විස්සකට ආසන්න ප්‍රමාණයක් සිටින බවද පොලිසිය කියයි .

එම චීන ජාතිකයන් සන්තකයේ තිබූ ලැප්ටොප් පරිගණක සියයකට අධික ප්‍රමාණයක් ද අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථන 300 කට ආසන්න ප්‍රමාණයක්ද චීන ජාතිකයන් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි .

කුණ්ඩසාලය ප්‍රදේශයේ සුවිසල් හෝටලයක කාමර 47 ක ඔවුන් නැවතී සිට ඇති අතර එම ස්ථානය පොලිසිය වට කරන විට ඇතැම් චීන ජාතිකයන් හෝටලයේ විවිධ අහු මුළු වල සැඟව සිටි බවද පොලිසිය කියයි .

මෙම චීන ජාතිකයන් එම හෝටලයේ නවාතැන් ගෙන සිටීමට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවද පොලිසිය කියන අතර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි .

 

 



අදහස් (1)

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි

ලුම්බිණි Sunday, 13 October 2024 05:39 AM

වීසා නැතුව තව තව චීන්නු ලංකාවට ගෙන්න ගන්න

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32451 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14952 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9907 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site