ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව හික්කඩුවේදී ඊයේ (25) පැවැති ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේ කේවළ ඉසව්වලදී ටාෂී ඔමායා ජයතිලක වයස 6 න් පහළ (බාලිකා) ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තාය. ටාෂි ඔමායා කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන ක‍්‍රීඩිකාවකි. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න වයස 10 න් පහළ (බාලක) ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, කසකස්තානය, උස්බකිස්තානය, මැලේසියාව, පිලිපීනය, මැකාවෝ, චීනය, මොංගෝලියාව, වියට්නාමය, හොංකොං, ඉරානය, ඉරාකය, ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ සත්කාරක ශ්‍රී ලංකාව ආදී රටවල් 19 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරගාවලියට සහභාගිවී සිටිති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd