නුවරඑළිය ලබුකැලේ ‘මැක්වුඩ්ස්‘ තේ කර්මාන්ත ශාලාවට ගිය බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරු ඔහුගේ 65 වැනි උපන් දිනය වෙනුවෙන් එහිදී විශේෂයෙන් සැකසූ කේක් ගෙඩියක් ද කැපුවේ ය.
එම කර්මාන්ත ශාලාවෙන් නිපදවන තේ වර්ගවල රස බැලීමටද අමතක නොකළ චාල්ස් කුමරු ඔහුගේ මුණුබුරු සිහිවීමට නිපද වූ ‘ප්‍රින්ස් ඔෆ් ජොර්ජ්‘ තේ වර්ගය ඉතා රසවත් බව පැවැසීය.
තේ දලු නෙළන කාන්තාවන්ගේ සුව දුක් විමසීමට චාල්ස් කුමරු තේ වතු යාය මැදට ගමන් කළේ එම කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති මෙන්ම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා ද සමගිනි.
දළදා සමිඳු වැඳ පුදා ගැනීමට මහනුවරට ගිය චාල්ස් කුමරු දැක බලා ගැනීමට මහනුවර බාලිකා පාසල් කිහිපයකම දැරියෝ දළදා මාලිගාවේ වාහල්ගඩ ඉදිරිපිට රැස්වී සිටියහ.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දික එහෙම කියන්න එපා! එංගලන්තේ පුරවැසිකම ලැබුන අය රටට අදරේ නැතුව නෙවේ. නොයක් හේතුන් නිසා එංගලන්තේ පදිංචි උනාට උපන් රටට ආදරේ කරන අය ඉන්නවා.(නදී)
එතකොට ඔය එංගලන්තේ බැංකු තැන්පත් තියෙන, ගෙවල් තියෙන නිතරම එංගලන්තේ ෂොපින් යන, එංගලන්තේ බෙහෙත් ගන්න යනඅමෙතිවරු එංගලන්තෙට විරුද්ද වෙන්නේ අපිව අන්දන්න නේද? (නදී)
ඔටුන්න හිමි රජ කුමරුගේත් එනගලන්ත අගමැතිගේත් වෙනස කොහොමද මෙන්න නියම මහත්වරු ....ඔබට දිර්ගායු ලැබේවා (නදී)
වෙන අය නම් මල් මාල දාපු ගමන් ගලවනවනේ. බලන්න ඒ අතින් මෙතුමා කොච්චර නිහතමානිද කියලා (නි)
අසෝක, ඔය ලංකාවේ මැති ඇමතිවරු ගාන නම් කියන්න දන්නේ නැහැ. එයාලට සල්ලි තිබෙන නිසා ප්‍රශ්නයක් නැහැනේ. බැංකු තැන්පතු වලට නම් ලංකාවේ වගේ පොළියක් ලැබෙන්නේ නැහැ.අයට වඩා වැය වැඩියි. (නි)
කැමරන්, කතා කරපු/ කරන හැටි බලනකොට, චාල්ස් හොඳයි ගෞරවාන්විතව හැසිරුනා කියලා කියන්න පුළුවන්. රජපවුල පැතිගන්නේ නැහැ දැන්. දෙමලුයි කැනඩාව වගේ රටවලුයි විරුද්ධ වෙද්දී එයාල ආපු එක වැදගත්. හැබැයි චෝගම් මහා නාස්තියක්. අපේ රටට දරන්න බැහැ මේ වෙලාවේ. අනාථ සිංහල මිනිස්සු තාම පාරේ. ඒකෙන් තේරෙනවා රටේ ඇත්ත තත්ත්වේ පාලකයෝ දන්නේ නැහැ කියලා. ලෝකේ හදන්න ඉස්සර, ඡන්දෙ / බලය දීපු සිංහලයන්ගේ ප්‍රශ්න හොයලා විසදන්න, නුවණ තියෙනවා නම්.... සිංහල මිනිස්සු විරුද්ධ වුණොත් හතුරන්ට බලය ලැබෙනවා. ඉවසීමට සීමා තිබෙන බව පාලකයන්ට මතක් කර දෙන්න. (නි)
ප්‍රින්ස් ඔෆ් ජෝර්ජ් තේ කෝප්පයක් අපිටත් රස බලන්න ආසයි (නි)
සනත් ඉන්දික, ඔය දෙන්නගේ වෙනස වෙන්නේ එක් කෙනෙක් දේශපාලකයෙක් ඡන්දෙන් එන. අනිත් කෙනා උරුමයෙන් එන කෙනෙක් (නි)
ඔහු එංගලන්තයේ රජ පරම්පරාවේ නිසා ඒ පරම්පරාවේ වැදගත්කම ප්‍රදර්ශනය කළා. (නි)
මේ යහපත් කුමාරයාගේ හදවත පිරිසිදුයි (නි)
මොනවා වුණත් හොද මිනිසෙක් (නි)
නීල්කමල්, ඔයා හරි. රජ්ජුරුවෝ උඩමනේ. දේශපාලකයෝ ඔහොම දැගලුවේ නැත්නම් බිම වැටෙනවා.ප්‍රින්ස් චාල්ස් නම් උත්පත්තියෙන්ම උත්තමයෙක්.ඔහුට දීර්ඝායුෂ පතමු. (නි)
ඒ කාලේ සුද්දටම රට දීලා හිටියා නම් අද අපේ රට ඉතා දියුණු රටක් (නි)
අන්න නියමම සුද්දෝ ..... (නි)
ඔටුන්න හිමි රජෙක් වුණත් බුද්ධිමත් චාම් මිනිසෙක් (නි)
ඔබතුමා මගේ රටට ඇවිත් කළ ගෞරවයට, සකල ශ්‍රී ලාංකීක අප සැම කෘතගුණ සලකමු. තිර ජීවනය ලැබේවා! (නි)
සුද්දන්ට බැන්නට ඒ අය ආශ්‍රය කරනකොට ඒ මිනිස්සු කොච්චර අවංක ,නිහතමානිද කියලා තේරෙනවා. (නි)
ලොවෙන් හතරෙන් එකක් පාලනය කළ මහා රැජිනගේ පුතා අපේ රටේ එක ඡන්ද කොට්ඨාශයක් පාලනය කරන මන්ත්‍රීගේ පුතාට වඩා දස දහස් ගුණයක් නිහතමානියි (නි)
ඔටුන්න හිමි කුමරෙකුගේ අනාගත රජෙකුගේ නිහතමානීකම අගයනු වටී (නි)
48 හිටපු බොරු වීරයෝ රට නිදහස් කරගත්තට වඩා හොඳයි අපි තවමත් බ්‍රිතාන්‍යය යටතේ හිටියා නම් කියලා හිතෙනවා,දැන් ඉන්න දේශපාලුවෝ කරන වැඩ දැක්කහම. රටට මොකක්ද වෙලා තියෙන සෙතේ 48න් පස්සේ? මොකක්ද අපිට ලැබුණු නිදහස, එකම දෙයයි ලැබුනේ. ඒ සුළුතර මිනිස්සු කොට්ඨාශයකට සැප විඳින්න අවස්ථාවක් ලැබුණා (නි)
දිලංක ගැන කණගාටුයි.අපේ පාසල් විසය පථයෙන් ඉතිහාසය හා ප්‍රජාචාරය කියන විෂයන් දෙකටම තිත තැබීමේ ප්‍රතිපල (නි)
නිහතමානිකම කොච්චරද කියනවා නම් එදා මල් මාලාව දාගෙනමලු එතුමා දවසේ වැඩිහරිය ගතකරලා තියෙන්නේ (නි)
දිලංක වගේ අයයි තම රට පාවාදෙන්නේ. අපේ අත්තලා මුත්තන්ටත් ලැජ්ජාවෙන වචන කියන්න එපා (නි)
රාජ පරම්පරාවනේ (දී)
මෙවර සංචාරය ලක් වැසියන්ට ද එතුමාට ද වැදගත්, පිරුණු කලේ දිය නොසැලේ. (ස)
අපේ හුගක් අය එංගලන්තෙට විරුද්ද වෙන්නේ එයාලට එහෙත් එක්ක සම්බන්ද වෙන්ඩ හැකියාවක් නැති කුහක කමට, ඔය හුගක් දේශප්‍රේමියෝ එංගලන්තේ පදිංචිය හම්බවෙනවානම් රටට මොනවා වුනත් කමක් නැහැ කියනවා (අ)
සුද්දෝ නිසා අපේ උන් කහට කෝප්පයක් හෝ බොනවා... (ස)
ලංකාවේ තේ වලට හොද ඉල්ලුමක් තියෙනවා (දී)
සුද්දන්ට බණින්නේ සුද්දා ගැන නොදන්නා අය. සුද්දා කියන්නේ නරක කෙනෙක් නෙමෙයි (නි)
යම් පුද්ගලයන් රාජ්‍ය තන්ත්‍රය භාවිතා කර තමන්ගේ ව්‍යාපාරයට අයිති තේ පමණක් පිට රට විකිණීම සිදු කරනවා කියන කටයුත්ත දැන් ඔප්පු වෙනවා නේද? පෙද්රු වතු යායට රජ කුමරා යනවා කියා ඔහු ඇත්තටම ගියේ කාගේ වත්තටද? මේ සියල්ල දුෂණයන්ය. (දී)
ඒ පොඩි ළමයාත් කවදා හෝ රජ වෙනවා (දී)
ලෝකයේ මාධ්‍ය ගොතන කතා වල හැටියට උද්දච්ච මිනිහෙක් බලාගන්නයි අපේ රටේ මිනිස්සු බලා හිටියෙ. නමුත් චාල්ස් කුමරා මාධ්‍ය පවසන ආකාරයේ කෙනෙකු නෙමෙයි හොද මිනිසෙක් බව ඔහුම ඔප්පු කළා (නි)
අනේ මන්දා කවදා මේ රට අපේ වෙයිද කියලා (නි)
දිලංක වැනි අය දියුණුව කියා හිතන් ඉන්නේ මොකක්ද දන්නේ නැහැනේ. අනේ ඉතින් මෙහෙම අයත් එක්ක නේද අපි අපේ රට දියුණු කරන්න යන්නේ. ඔහොම යං... (ස)
පිරුණු කලේ දිය නොසැලේ කියන්නේ මේකට ...අගෙයි කුමරුනි...අර මිදි යුෂ කාපු අස්වයා තප්පු ලාලා ගම කෑවේ වයසේ ප්‍රස්නයක් නිසාද?බොල් කලයක් නිසාද? (නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ! ලංකාවේ තේ ව්‍යාපාරය පිටරටට ප්‍රචාරය කරන්න ඉන්න අයම තමන්ගේ වත්තේ තේ විතරක් පිට රටට විකුනන්න මුලික වුනාම අනිත් වතු වහෙනවනේ. මේක ජාතියටම මහා පාඩුවක් බව වැටහෙන්නේ නැද්ද?(නදී)
ඔහු හොද කෙනෙක් වගේ පෙනෙන්නේ නම්.(නදී)
පුක්කුස විරේ එඩ්මන්ටන්...: මම නම් හරිම සතුටුයි ව්‍යාපාරික දැනුමක් තියෙන කෙනෙක් තානාපති කෙනෙක් වෙලා කාගේ හරි දෙයක් ලංකාවේ නමින් මාර්කට් කරනවට... කුහක නැතුව බලන්න... කොහෙන් ආවත් කතා ආවත් වාසිය ලංකාවට නේ... ඔයත් පුළුවන් නම් අඩු ගානේ තේ අක්කරයක්වත් වවන්න නැත්නම් තේ කඩයක්වත් දාන්න...... තේ වතු සමාගමක සභාපති වෙන එක... එංගලන්තේ තානාපති වෙන එක කෙසේ වෙතත්...(නදී)
තනතුරු වල බලය පාවිච්චි කරලා තමාගේ ව්‍යාපාර උලුප්පා ගැනීම නොකළ යුතුයි. වැරදි වැඩ. අනිකුත් තේ වැවිලිකරුවන්ට කරන අසාධාරණයක්. අපි මේවා කලින් කිව්වා. මහා රැජිනගෙන් ගරු නාමයකුත් ගනියි. එතකොට එයා ගොඩ. (නදී)
මේ උත්තමය අනෙක් රටවල නායකන්ට ආර්ශයක්.(නදී)
සුද්දා මේ රට පාලනය කරනවා නම් කොච්චර හොදට තිබේවිද? (නි)
ඔය තේ ඉතින් චාල්ස්ලාටම තමයි අපි කුඩුතමයි ගහන්නේ.(නදී)
උසස් පුද්ගලයෙක් නිහතමානී වන තරමට ඔහු/ඇය ජනතාවගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙනවා. (එකේ අනික් පැත්තත් එහෙමයි). ඒ අතින් චාල්ස් කුමරුන් ඉන්නේ ඉතා ඉහල මට්ටමකට. එතුමාගේ නිහතමානී හැසිරීම, දේශීය සිරිතට ගරු කිරීම වැනි දේ අපේ ජනතාව සතුටින් අගය කරන බව මේ අදහස්වලින්ම පැහැදිලියි. ඔහුට දීර්ඝායු වේවා! (නදී)
චාල්ස් කුමාරයා අවංක නිහතමානී උත්තමයෙක් කියන සිංහලයන් තමන්ගේ රට ගැන හෝ වැඩවසම් රජ පරම්පරාවක කාර්ය භාරය ගැන අවබෝධයක් තිබෙනවද කියන එක මට ප්‍රශ්නයක්. මල් මාලය දවස පූරා දාගෙන හිටියට, තේ දළු කඩන ගැහැණු එක්ක කතා කළාට, ළමයින් එක්ක වචන දෙකක් කතා කළාට චාල්ස් කුමාරයාගේ නියම චරිතය එළියට එනවද? මෙයා කරන්නේ රාජකාරියක්. තමන්ගේ රාජකීයත්වයට අනෙක් අයගේ පිළිගැනීමට ලක් කිරීමක්. ඔය තේ වතු තියෙන ඉඩම් සිංහල ජනතාවගෙන් උදුරා ගත්තේ 1744 අසාධාරණ මුඩුබිම් පනත මගින්. ඒකේ සිංහල මිනිහගේ අවසරයකින් තොරව ඉන්දියාවෙන් දෙමල වහල්ලු ගෙනල්ලා මුලින් කෝපි පසුව තේ වගා කළා. ලංකාවේ අයිතිය පරදේශිකයින් සමග බෙදා ගන්න වුණේ චාල්ස් කුමාරයාගේ මුතුන්මිත්තෝ රජ කරන කාලේ සිංහල ජනතාවගේ අවසරයකින් තොරව සිංහලයාට සමාන වන සේ පුරවැසිකම් දුන්න නිසයි. ඔහු ලංකාවට ආ එක ඔවුන් ඉතිහාසයේ කළ දේවල් අමතක කරන්නක් නොවේ. ඒවා මතක් කරලා අපේ අයිතිය අාපහු ලබාගන්න අවස්ථාවක් කරගන්න සිංහලයා කටයුතු කළයුතුයි. සුහදබව රැකගෙන බුද්ධිමත් ලෙස අපේ ගෞරවයත් අයිතියත් රැකගන්න සිංහලයා කටයුතු කළයුතුයි. (නි)
චාර්ල්ස් කුමරාට ශ්‍රී ලංකා ජනතාව දැක්වු ආදරය කැමරන් සුද්දන්ට පෙන්වන්න ඕනේ. (නදී)