ඔබගේ නම කිව්වොත්?
ඇත්තම කිව්වොත් මගේ නම වෙනස් කරලා තියෙන්නේ. කලින් තිබුණ නම නෙමෙයි. දැන් මම සෙනක්ෂි අමෂාදි. මගේ කලින් තිබුණ නමේ තේරුමක් පැහැදිලිව නැති නිසා මම ඒක වෙනස් කළා.
ඇයි නමක තේරුමක් ගැන වැඩිපුර හිතන්නේ?
නම්වලින් ජීවිතයට සුභ මෙන්ම අසුබ පලාපල එක් වෙනවා. මගේ නම වඩාත් සුභ ඝන පිහිටීමකින් යුතුව හදලා දුන්නෙ Dr. නිවන්ක දිනරංග රත්නායකයි.
දැන් මොකද කරන්නේ රැකියාවක් කරනවද? නැත්නම් ගෙදරට වෙලා ඉන්නවාද?
පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. ගෙදරට වෙලා නම් ඉන්න වෙලාවක් නැහැ.
එතකොට නිරූපණය කටයුතු කරන්නේ?
ඉඩක් ලැබෙන හැම වෙලාවේම නිරූපණ කටයුතු කරනවා.
ඇයි නිරූපණයට එකතු වුණේ?
විශේෂ හේතුවක් නැහැ. මට අද මෙතනට මේ විදිහට ඉන්න උදවු කළේ සම්මානි විමංසා ගමගේ මනාලියන් හැඩ කරනවන රූපලාවණ්‍ය ශිල්පිනියයි. එයා නිසා අද ලොකු පන්නරයක් නිරූපණ කටයුතුවලින් ලැබුවා.
නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව පැහැදීමක් තියෙනවාද?
චරිතයකට හානියක් නොවෙන් විදිහට කටයුතු කළාම නිරූපණ ක්ෂේත්‍රයේ ඇති වරදක් නැහැ කියලා තමා හිතන්නේ.
ඒ කියන්නේ දැන් ඉන්න අය චරිතයට හානියක් කරගන්නවා කියලද?
මම කිව්වේ මම පෞද්ගලිකව මගේ ජීවිතය හැඩගස්ව ගන්න විදිහ නැතුව අනිත් අය ගැන නෙමෙයි.
දැන් නිරූපණයෙන් දායකවූ වැඩකටයුතු කිව්වොත්?
ගොඩක් දුරටම යන්න තරම් ගෙදරින් අවසර ලැබෙනවා ගොඩක් අඩුයි. මම කැමතිම මනාලියන් හැඩගන්වන අයගේ නිරූපිකාවක් විදිහට තමයි. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ගෙදරින් අවසර ලැබුණොත් ඒ සඳහා දායක වෙන්න.
ඇයි ගෙදරින් අවසර නොලැබෙන්නේ? ගෙදරින් කැමති නැද්ද ඔයා නිරූපණය කරනවට?
පළවෙනි දේ රැකියාව. ඉන් පස්සේ තමා නිරූපණය. ගෙදරින් කැමති දෙකම සමබරව කරන් යනවට.
ගෙදරින් ලැබෙන සහයෝගය?
තාත්තයි මායි විතරයි ඉන්නේ. එයා මට ලොකු සහයෝගයක් දෙනවා. ගොඩක් දුර වැඩක් තිබුණොත් තාත්තා එක්ක තමයි යන්නේ. තනියම නම් යනවට කොහොමත් කැමති නැහැ.
ඉදිරි බලාපොරොත්තුවක් එහෙම තියෙනවද?
රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන්න කැමතියි. විවාහ වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ක්ෂේත්‍රය තුළ අත හිත දෙන පිරිසක් ඉන්නවාද?
ඔව්, ගොඩක්ම අත හිත දෙන්න සම්මානි විමන්සා, තවත් අය ඉන්නවා. ඒ අයත් ගොඩක් ආදරෙන් මතක් කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සජීව ලක්ෂාන් (0712963941)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
චරිතයට හානි නොවන ලෙස නිරූපණය කරන්න මං කැමති