මිනිස් පරිභෝජනයට නුසුදුසු තක්කාලි සෝස් ලීටර 2000ක්, බාල මිරිස්කුඩු කිලෝ 1000ක් සහ කහ කුඩු කිලෝ 500ක් කොම්පඤ්ඤවීදියේ භාණ්ඩ නිෂ්පාදනාගාරයක තිබී පාරිභෝගික අධිකාරිය මගින් අද (11) අත්අඩංගුවට ගෙන ඇත.
වටානා පිටි, තිරිඟු පිටි හා රතු රෙදි ඩයි මිරිස් කුඩු ද, චුයින්ගම් හදන ගම් වර්ගයකට රෙදි ඩයි එකතු කිරීමෙන් තක්කාලි සෝස් ද, සිවුරු පඩු පොවන රෙදි ඩයි වලින් කහ කුඩු ද නිෂ්පාදනය කර තිබේ.
වැසිකිළි සහ පිඟන් සෝදන දියර නිෂ්පාදනය කරන භාජන වල තක්කාලි සෝස් හදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදක් නම් වෙන්න එපා මිනිස්සුන්ට වහ කවනවට. (නි)
හෙන ගහන අපරාද මේවා . පුංචි දරුවොත් මේවා කනවා. හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා. දැන් ගොඩක් අය ගෙදරදී පාවිච්චි කරන්නේ කුඩු කරලා තියෙන මිරිස් සහ කහ. ගෙදරදී උයාගෙන කෑවත් කන්න වෙන්නේ වහ නේද? එහෙන් කෘෂි රසායන දාපු එළවලු. මොනවා කන්න දෙන්නද දරුවන්න්ට. (ස)
දැන දැන මෙවැනි විෂ මිනිස්සුන්ට කවන මේකා අදම එල්ලපියෝ ! (නදී)
නීතියේ හිදැස් තියෙන නිසා බොහොමයක් දෙනා වංචාවෙන් බොරුවෙන් දිවිය ගෙවන්න පුරුදුවෙලා. ගුරුවරු දේශපාලකයෝ ආගමික නායකයෝ හැමෝම වංචාවට යොමුවෙලා. මතට තිත කීවට ගෙන්වන ලොක්කෝ බේරන්න රජයේම අය ඉදිරිපත් වෙනවා. ඉතින් කොහොමද පොලිසියක් නීතියක් රජයක් විශ්වාසකරන්නේ. මේ සිද්දවෙන දේවල් පාලනයේ සිටින දේශපාලකයන්ට නවත්වන්න පුළුවන්කම තිබියදීත් නොකරන්නේ ඕනේ කමක් නැති නිසා බව මේ සිද්ද වන දේවල් දිහා බැලුවහම පේනවා. ජනතාව කලකිරෙන්නේ මේවායින් තමයි. (නදී)
මේවා අපිට වැඩක්ම නැති ආහාර. අපේ පාරම්පරික ආහාර රටාවට යොමු වෙනවා නම් මේ වගේ ආහාර අපට වැඩක් නැහැ. සල්ලි දීල වස ගන්නේ සියදිවි නසාගන්න මෝඩයන්.අ පි පොඩි අවදියේ ගෙදර කුළුබඩු ගෙදරමයි හදාගත්තේ. (නදී)
සංකර කෑම් බීම්වලින් ඈත් වී ගමේ හොද කෑම බීම වලට හුරුවිය යුතුයි. පහේ කුඩු වුනත් අපිම සකසා ගන්නවා නම් ඉතා හොදියි. (නදී)
මේ රටේ නීතියක් නැති බවට හොඳ ශාක්ෂි. මොන තරම් පාපයක්ද මේ වගේ විස අහිංසක මිනිසුන්ට විකුණන එක. පොඩි දරුවෝ පවා පිළිකා රෝග වලට ලක් වෙනවා. (නි)
මොවුන් මිනිසුන්ට පිළිකා සාදන මිනිස් වෙසින් සිටින මඳුරු විශේෂයකි. ඩෙංගු මදුරුවාසේම මොවුන්වද දුටු තැන විනාශ කර දැමිය යුතුය.(නදී)
හිතාගන්නත් බැහැ මේක ඇත්තක්ද කියලා. මිනිසුන්ට පිළිකා නෙමේ හැදෙන ලෙඩේ හොයාගන්න බැරිවෙනවා. කුඩු විකුණන අය මිට හොදා මොකද කුඩු කියල දැනගෙනයි මිනිස්සු අරගෙන බොන්නේ. නමුත් මේ කියන මිරිස්,කහ කුඩු කියන වස විකුනන්නේ අහිංසක මිනිස්සු රවටලා. මේ අයට ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනා. ඒත් ලංකාවේ උසාවියට ඉදිරිපත් කරන කොට මේවා නිකම්ම යට යනවා. (නදී)
අනේ මෙහෙමත් වැඩ? (නි)
මෙහෙම අයට තමයි ප්‍රසිද්ධියේ උල තියන්න ඕනෑ. (නි)
මෙම නිෂ්පාදකයින්ගේ වෙළද නාමය ප්‍රසිද්ධ කළහොත් වෙළද පොළේ දැනට ඇති ශරීරයට නුසුදුසු ආහාර මිළදී ගැනීමෙන් පාරිභෝගිකයා වළක්වාගත හැකියි. (නි)
වසක් විසක් ගැන අවිශ්වාසයක් නැතුව අද කාලේ කන්න තියෙන්නේ වහ විතරමයි. (නි)
මේ ක්‍රමය හොඳයි කියන අය ඔය සෝස් තිබුනේ වැසිකිලි වලේ උනත් කමක් නැහැ. රටේ හැටියට තමයි වැඩ. (නදී)
මේකට සම්බන්ධ ඔක්කොම කොටුවේ බෝ ගහ යටට ගෙනැල්ල එල්ලන්න ඕන. වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. (ස)
මිනිමැරීමට තැත් කිරීම යටතෙවත් නඩු දාන්න බැරිද? කොහොම වුණත් හෙට අනිද්දා වෙද්දි මේ මිනිස්සු එළියට ඇවි්ලලා කිසිඳු රසායනිකයක් අඩංගු නොවේ˜ කියලා රාජ්‍ය ලාංඡනයත් එක්ක ස්ටිකර් එකක් අලවාගෙන විකුණනයි නැවතත්’ (නි)
තිලක් ඩුබායි කියලා ලියන කෙනා මේ ගැන මොකද දන්නේ නැහැ කියන්නේ? (නි)
පුළුවන් තරම් ගෙදර කෑම කන්න පුරුදු වෙමු ! (ස)
ඇයි හරියටම නම, ගම විස්තර හෙළි කරන්න බැරි? මම හිතන්නේ ඒක වගකිව යුතු අයගේ යුතුකමක්.(නදී)
බුදු අම්මෝ! (නි)
මේ නඩේ මොනම හේතුවක් නිසාවත් නිදහස් කිරීම වැරදියි. රජ කාලේ නම් ගස් බැඳලා පතුරු ගහනවා.(නදී)
කෝ අර කිරිපිටි අර්බූදෙදි පාරවල් වල උද්ගෝෂණය කරපු අය???? (ස)
පවුලේ සාමාජිකයන් සමග සමහර වෙලාවට පිටතින් කෑම ගන්නා විට දරුවනුත් මමත් නිතරම ප්‍රිය කරන්නේ සෝස්, සහ වර්ණවත් කෑම. නමුත් මගේ බිරිද එවැනි කෑම වර්ග ප්‍රිය නොකරන අතර සෑම විටම අපද ඒවායින් වළක්වා ගන්න මහන්සි වෙනවා.එසේම නවීන "කෑම නගර" වල තියෙන වර්ණවත් බීම සහ කෑම සහ ශීතකළ අහාර වර්ග කිසිවක් (අයිස් ක්‍රීම් හැර ) නිවසට ගේන්නේ නැහැ.දරුවනුත් ඒකට දැන් පුරුදුවෙලා. එවැනි කෑම ජාති ඉල්ලන්නෙත් නැහැ. මෙවැනි ප්‍රවෘත්ති බලනකොට ඇයගේ ක්‍රියාව කොයිතරම් නිවැරදිද කියලා හොදටම වැටහුනා. මගේ බිරිදට ගොඩක් ස්තුතියි (නි)
මෙහෙම අය තමා ලංකාවම නැති කරන්නේ. දැන් දඩුවම් ලිහිල් නිසා මේවා නවත්වන්නේ නැහැ. සියලු විස්තර නම, ගම ,පින්තූර එක්ක දාන්න ඕනෑ ඔක්කොටම දකින්න. (නි)
මම හිටියේ හරිම තරහකින් මේ වැඩේ කරපු අයත් එක්ක. මට හිනාවක් ගියා හේමන්තගේ කතාවෙන්. ඒක නම් ඇත්ත හේමන්ත (නි)
හැම පැත්තෙන්ම වංචාව හොරකම. ඇල්ලුවට වැඩක් නැහැ. දඩ ගෙවලා නිදහස් කරයි. (නි)
ආසියාවේ ආශ්චර්යය! (නි)
මිනිසුන්ට වස විෂ කවන නුඹලාට නිරයද ප්‍රමාණවත් නොවේ. (නි)
මෙහෙම ගියොත් ලංකාවෙ මිනිස්සුන්ට හැදෙන ලෙඩවල් ගැන හිතා ගන්නත් බැරිවෙයි. නේද? (ස)
මේ අය හංගල තියන ආයුද හොයන්න එක්කන් යන්න. (ස)
සල්ලි කිවුවොත් අායෙ මොනවා කරලා වුණත් කමක් නැහැ. (නි)
අම්මෝ මෙහෙමත් මිනිස්සු , මොන ජරා වැඩක් කරලා හරි කමක් නැහැ , සල්ලි හොයන්ඩ පලුවන්නම් . උල තියන්ඩ වටිනවා , මේ කරන අපරාද වලට. (අ)
මුන්ට හොඳක් වෙන්න එපා. (ස)
නිෂ්පාදන නාමය ජනතාවට හෙළිකරන්න (නි)
ඔව් අද කියනවා හෙට නැහැ කියනවා. අර කිරිපිටි වල වගේ. කාවද විශ්වාස කරන්නේ. සල්ලි වලට සේරම යට වෙලා අද. මිනිස්සු වස විස කනවා සල්ලි දීලා.(නදී)
මේ දේ කරලා තියෙන්නේ අහවල් ජාතියේ ව්‍යාපාරිකෙයක් නම් එම ජාතිකයන්ටත් මේවා අලෙවි කර තිබේ දැයි සොයා බැලීම වටි. (ස)
දේශප්‍රේමී පාලකයින් ඉන්නා රටක ඔය වගේ පොඩි පොඩි දේවල් දැන් වගේම ඉදිරියටත් වෙයි. ගණන් ගන්න එපා. ඉවසන්න දේශප්‍රේමියනි! ඉවසන්න! හෙට අනිද්දාට ඔය අත්අඩංගුවට ගත්තයි කියන මහත්තුරු ටික එළියට එනවා. (නි)
Iමට නම් පුදුම තරහක් එන්නේ (නි)
මේවා නම් පුදුම නව නිපැයුම්. මේ කපටි මිනිස්සු, අනුන්ට වස කවා, මුදල් උපයා ජීවත්වෙන විදිහ අන්තිම නින්දිතයි. කොයි ලොව යන්නේ මරණින් පස්සේ... පින් පවු එනවා ඔබ පසුපස්සේ..... (නි)