‘හොඳ දේශපාලන නායකයෙකු වන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා බාරගන්නවා නම් , ඇමති තනතුරක් ඕනෑම මෙහොතක දෙන්න ජනාධිපතිතුමා සූදානම් යැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (21) පැවසීය.
‘චමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්න කැමතියි .නමුත් එතුමාට ඒක හරියට කරන්න ඇතැම් අය ඉඩදෙන්නේ නැහැ .ඒ නිසයි මම හම්බන්තොට දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ නව සම සභාපතිවරයා ලෙස එම ධූරය භාර ගත්තේ ‘ යැයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය අමරවීර මහතා මේ බව කියා සිටියේය.
චමල් රාජපක්ෂ මහතා සිටියදී හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නව සම සභාපති ධූරය බාර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී හෙතෙම මේ බව පැවසීය.
‘‘හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නව සම සභාපති ධූරය මම බලෙන් ගත්තේ නැහැ.මම හෙට වුනත් මේ තනතුර චමල් රාජපක්ෂ හිටපු ඇමතිතුමාට දෙන්න සූදානම්.පසුගිය වාර දෙකකදී හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රැස් වුණා. ඒත් ඒ අවස්ථා දෙකේදීම එතුමාට සහභාගි වෙන්න බැරි වුණා. එතුමා මේ ධූරයේ කටයුතු කරන්න සමහරු ඉඩ දෙන්නේ නැහැ.හොඳ දේශපාන නායකයෙක් ලෙස එතුමාට ඇමතිකමක් දෙන්න ජනාධිපතිතුමා ඕනෑම අවස්ථාවක සුදානම්.‘‘

COMMENTS
මහින්දට බැන බැන දැන් අනිත් අයත් කරන්නේ ඒවම නේද? (හේ)
මේ අයට වැටුප් සහ නඩත්තු ගෙවන්නේ ගෙදරින් ගෙනත්ද ? (බ)
එතකොට අලුත් ඇමැතිට වැටුප් ගෙවන්නේ අමරවීරගේ පුද්ගලික බුදලයෙන්ද? තවත් ජනතා මුදල් කාබාසිනියා කරන්න එපා (බ)
අඩු කරනවා කියපු ඇමති මණ්ඩලේට හැම හෙන්චයියෙකුට තමන් කැමති කෙනෙකුට ඇමති කම් දෙන්න පුළුවන් කොයිතරම් නිදහස් රටක්ද මේක?තමන්ගේ බඩ ගැන විතරක් හිතන මේ තිරිසන්නු කවදා ඇපයෙන් ගොඩ එයිද? (බ)
බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක නැගිටින්නට සිදුවෙනවා යැයි කියමනක් තියෙනවා. එතුමා වගේ අය ඔය කැබිනට්ටුවට දමා ගත්තොත් ගොම හැලියට කිරි කෝප්පයක් වැටුනා වගෙයි. (නි)
ඔබගේ මුහුණේ ඇති මේ සන්තුෂ්ටිය ජනතාවට සේවය කළ නිසාද? (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
ගෙදරින් ගේන සල්ලි වලින් වෙන්ක ඇති ඇමතිලාගෙ වියදම දරන්නේ. මේ වගේ කතා කියන අය නිසා තමයි මේ ආණ්ඩුවත් අපිට එපාවෙන්නේ (නි)
මෙච්චරටම එතුමා ගන්න හදන්නේ ඇයි කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
තව තව ඇමතිකම් දෙනකම් ඉන්න ඇමතිලා අඩුකරලා රටට වන බර අඩුකරන ක්‍රමයක් හිතන්නකෝ (නි)
එකපාරක් කට ඇරියහම ඇති ජනතාවට තේරුම්ගන්න, කෙනා කවුද කියලා. ඔයාටත් ලකුණක් ඔන්න අද දැම්මා. (නි)
ඔච්චර ආදරේ නම් ඔය ඇමතිකම දෙන්නකෝ. එතකොට රටට සේවයක් කළා වෙනවා. සේවය කරන්න ඇමතිකම් අත්‍යවශ්‍ය නැහැ කියලා ඔය සමහරු කියන්නේ. (නි)
මහින්දගේ ඔක්කොටම ඇමතිකම් දෙනවා නම් අපරාදෙනේ ඡන්දයක් තියන්නේ (නි)
ඇමතිකම් දෙන්නේ අම්මා අප්පාගේ බූදලයක් කියලා හිතාගෙනද? (බ)
ඇමැති කමක් දුන්නොත් නරක නැද්ද?(හේ)
ඇමතිකමක් නොවේ රජකම දෙනවා කිව්වත් රාජපක්ෂලා බලු වෙන්නේ නෑ (බ)
හිතුන හිතුන හැටියට ඇමැති තනතුරු දෙන්නේ එකත් එක්තරා අන්දමක අල්ලසක් නේද.(ම)
දන්නවද අමරවීර උන්නැහේ "තණකොළ නොබුදිති සිංහ පැටවූ".(බ)
ඇත්තට? (හේ)
ජනතාවගේ ගෞරවය හිමිවෙන දේශපාලන චරිතයකි. වර්තමාන ජනාධිපතිතුමාගේ දේශපාලන ගමනටත්,ශ්‍රීලංකා නි. පක්ෂයේ ඉදිරි ගමනටත් චමල් රාජපක්ෂ මහතාට ඉටුකළ හැකි සේවය අපමණය. එය බොහෝදෙනාගේ සතුටටද හේතු වෙනවා ඇත. (අ)
මේ ඔක්කොම අවස්ථාවදියෝ (හේ)