ඉන්දියාවේදී පැවැති ‘චැම්පියන්ස් ලීග් විස්සයි/20’ ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හර්බජාන් සිං ගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන් පිල සමත්විය. ඩැනියල් විටෝරි මෙහෙය වු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව ඊයේ (9) චෙන්නායි නුවරදී පැවැති අවසන් මහා තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 31 ක විශිෂ්ට ජයක් ලැබුහ.
මුම්බායි ඉන්දියන්ස් පිලට කී‍්‍රඩා කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග මෙම තරගාවලියේදී තුන් ඉරියව් දස්කම් දක්වමින් තරගාවලියේ වීරයා සම්මානය ලැබීය.
ජයග‍්‍රාහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 108 කි. ලසිත් මාලිංග යවන ලද යෝකර් පන්දුව හමුවේ වේගවත් පිතිහරඹයක නිරතවෙමින් සිටි තිලකරත්න ඩිල්ෂාන් දැවී ගියේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි.
තරගාවලිය පුරා ලකුණු අතර සිටි ක‍්‍රිස් ගේල් (5) සහ විරාට් කෝලි (11) අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගත් හර්බජාන් සිං මුම්බායි පිල ජයග‍්‍රාහී මාවතට ගෙන ඒමට සමත්විය. හර්බජාන් සිං ලකුණු 20 ට කඩුලූ 3 ක් ලබා තරගයේ වීරයා විය.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 139 (අම්බටි රයිදු 22, ජෙම්ස් ෆෑන්ක්ලින් 41, සුරේකුමාර් යාදේව් 24, ලසිත් මාලිංග 16, ඩැනියල් විටෝරි 30/2, රාජු බට්කාල් 21/3)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 108 (තිලකරත්න ඩිල්ෂාන් 27, සුරාබ් තිවාරි 17, ලසිත් මාලිංග 23/2, අබු අහ්මඞ් 26/2, හර්බජාන් සිං 20/3, යුස්වේන්ද්‍ර චාහල් 9/2)
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd