IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චම්පික/චන්දිම/දුමින්ද වැඩ බාරගනිති

මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (8) පෙරවරුවේ සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.

අතුරලියේ රතන හිමි ඇතුළු සඟ රුවන සෙත් පිරිත් දේශනා කර ආශිර්වාද කළ අතර තම අමාත්‍යංශය මෙරට සුවිශේෂී පියවරකට මූලිකත්වය ගන්නා බවත් අද සිට බස්නාහිර පළාත විසල් නගරයක් බවට පත්කිරීමට මුල පුරන බවත් චම්පික රණවක මහතා වැඩ බාරගනිමින් පැවසීය.

‘නිදහසින් පසු සේනානායකලා, බණ්ඩාරනායකලා නගර සංවර්ධනය කළ බවත් ජේ.ආර්ගේ කාලේ හරක් ලගින වෙල් යායක් බවට පත්ව තිබුණු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකර සෙත්සිරිපාය, ඉසුරුපාය ඉදිකරමින් කරන ලද සංවර්ධනය නිසා අද බුද්ධිමත් මධ්‍යම පාන්තික ජනයා වෙසෙන පෙදෙසක් බවට පත්වෙලා තිබෙනවා‘ යැයිද ඇමැතිවරයා කීවේය.

champika_201598DSC_7960 DSC_champika_2015987975

 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක


 

ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අද (8) කොළඹ මල්පාරේ පිිහිටි අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.

chandima_201598_DSC0008 chandima_201598_DSC00081

ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි


කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද සිය අමාත්‍ය ධූරයේ වැඩ බාරගත්තේය. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එම අවස්ථාවට එක්වූවාය.

Dumi_201598IMG_7652 Dumi_201598IMG_7711

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ



අදහස් (0)

චම්පික/චන්දිම/දුමින්ද වැඩ බාරගනිති

වෙල්ගම Tuesday, 08 September 2015 06:33 AM

කවුරු කළත් හොඳ දේ හොඳයි කියන්නත් නරක දේ නරකයි කියන්නත් පුළුවන්කම තිබෙන්න ඕනෑ (නි)

:       0       0

රෝහණ Tuesday, 08 September 2015 06:37 AM

චම්පික ඇමතිතුමාට තෙරුවන් සරණින් රටට දැයට සේවාවක් කිරීමට හැකිවේවා! අපි සුබ පතමු! (නි)

:       0       0

මුතුකුමාරණ Tuesday, 08 September 2015 06:38 AM

පත්වෙන අලුත් ඇමති කෙනෙක් ගානේ මට ලොකු බයක් දැනෙනවා. කොච්චර බදු වැඩිකරයිද කියලා ඇමති මණ්ඩලයේ වියදම් පියවන්න. (නි)

:       0       0

කළුආරච්චි Tuesday, 08 September 2015 06:43 AM

ඇමතිතුමනි, මෛත්‍රී පාලනයක් පොරොන්දු පත්‍රය හැදුවේ ඔබතුමාගේ පක්ෂය ඇතුළු සංවිධාන 49 ක එකතුවෙන්. එහි ප්‍රධාන පොරොන්දුවක් වුණ ඇමති මණ්ඩලය 20 අඩුකිරීම වෙනුවෙන් ඔබතුමාවත් හඬක් නඟාවි යැයි සිංහල උරුමය පක්ෂයේ අප බලාගෙන ඉන්නවා (නි)

:       0       0

අජිත් Tuesday, 08 September 2015 06:52 AM

කළුආරච්චි කියන දේ ඇත්ත. වූ පොරොන්දු කෙසේ හෝ ඉටුකරවා ගැනීමට සෑමදෙනාම උත්සුක වියයුතුයි. මෛත්‍රී පාලනයක් කියන්නේ ජනතාවත් එක්ක ඇති වූ සම්මුතියක්. කිසිම කෙනෙකුට ඒකෙන් පරිබාහිරව කටයුතු කිරීමට ඉඩනොදිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී රජයක් යනු ජනතාව විසින් ජනතාව උදෙසා ගෙනයන පාලනයක්. ජනතාවට යමක් පොරොන්දු වුණිද එය ක්‍රියාවෙන්ද සිදුකළ යුතුයි. (නි)

:       0       0

කුමාර් Tuesday, 08 September 2015 07:02 AM

ඇමති මණ්ඩලය වැඩිකිරීම ගැන රජය නිහඬව සිටීම අපිට නම් අනුමත කරන්නට බැහැ. (නි)

:       0       0

ධම්ම Tuesday, 08 September 2015 07:24 AM

ඇමති මණ්ඩලය 95ක් කිවුවා නම් ඔබ ඡන්දය දෙනවාද? දැන් ඉතින් මේ ඇමැතිතුමන්ලා අප වෙනුවෙන් කරන සේවය ලබා ගන්න සැදී පැහැදී ඉන්න. (නි)

:       0       0

සිල්වා Tuesday, 08 September 2015 07:25 AM

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එක සිතින් සුබ පතනවා! විශිෂ්ට සංවර්ධනයක් කරා බස්නාහිර පළාත ගෙනයාමට සහ දකුණු ආසියාවේ බැබළෙන නගරය කිරීමට ශක්තිය ලැබේවා !! (නි)

:       0       0

දුමින්ද Tuesday, 08 September 2015 07:33 AM

තිරසාර සංවර්ධනයක් කිරීමට සුබ පැතුම්! (නි)

:       0       0

තරංග Tuesday, 08 September 2015 07:42 AM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

පුෂ්පකාන්ත Tuesday, 08 September 2015 07:45 AM

ඔබේ රැකියාවෙන් රටට දැනෙන යමක් කරන්න. සුබපැතුම්. (බ)

:       0       0

සෙනරත් Tuesday, 08 September 2015 07:50 AM

ඔහු ඉංජිනේරුවෙක් අනෙක් සියලු දෙනාට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් ඔහුට. මම හිතනවා ඔහුගේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය අජිත් මාන්නප්පෙරුමට සුදුසු බව. ඔහුත් සිවිල් ඉංජිනේරුවෙක් (බ)

:       0       0

ටෝනි Tuesday, 08 September 2015 08:11 AM

අපෙන් උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

සුදෙල්මි Tuesday, 08 September 2015 08:25 AM

ඇමති මණ්ඩලය වැඩිකිරීම ගැන ලොකු තරහක් දැනුනත් ඔබතුම හට මගේ උණුසුම් සුබ පැතුම් (අ)

:       0       0

අනුර Tuesday, 08 September 2015 09:11 AM

චම්පක ඇමති තුමාට රාජපක්ෂ ජනපති කාලයේ කොළඹ සංවර්ධනය සිදුවූ ආකාරය අමතක වෙලා වගේ . ගුණමකු කම විනාසයට මුල. (අ)

:       0       0

නිර්මල Tuesday, 08 September 2015 09:28 AM

සුබ අනාගතයකට ආසිරි! (නි)

:       0       0

මානවඩු Tuesday, 08 September 2015 10:08 AM

ජනාදිපති තුමනි ඔබතුමාගේ ඇස්බස්ටොස් තහනම හොඳයි නමුත් එයට විකල්පයක් ඕනේ ගම නගර පාලු කරන රිලව් වඳුරන් ගෙන් වහලට වන හානි වලට ඔරොත්තු දෙන හෝ වඳුරන් රිලව් ගම නගර වලින් ඉවත් කරන වැඩ පිළිවෙලක් ඕනේ (අ)

:       0       0

නලින් Tuesday, 08 September 2015 10:29 AM

ගොඩක්ම දුක හිතෙන්නේ ඇමති මණ්ඩලේ විශාල කිරීම පිලිබදව රජය මුකුත්ම කියන්නේ නැති කොට (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site