මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (8) පෙරවරුවේ සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.
අතුරලියේ රතන හිමි ඇතුළු සඟ රුවන සෙත් පිරිත් දේශනා කර ආශිර්වාද කළ අතර තම අමාත්‍යංශය මෙරට සුවිශේෂී පියවරකට මූලිකත්වය ගන්නා බවත් අද සිට බස්නාහිර පළාත විසල් නගරයක් බවට පත්කිරීමට මුල පුරන බවත් චම්පික රණවක මහතා වැඩ බාරගනිමින් පැවසීය.
‘නිදහසින් පසු සේනානායකලා, බණ්ඩාරනායකලා නගර සංවර්ධනය කළ බවත් ජේ.ආර්ගේ කාලේ හරක් ලගින වෙල් යායක් බවට පත්ව තිබුණු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකර සෙත්සිරිපාය, ඉසුරුපාය ඉදිකරමින් කරන ලද සංවර්ධනය නිසා අද බුද්ධිමත් මධ්‍යම පාන්තික ජනයා වෙසෙන පෙදෙසක් බවට පත්වෙලා තිබෙනවා‘ යැයිද ඇමැතිවරයා කීවේය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක
ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අද (8) කොළඹ මල්පාරේ පිිහිටි අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද සිය අමාත්‍ය ධූරයේ වැඩ බාරගත්තේය. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එම අවස්ථාවට එක්වූවාය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කළත් හොඳ දේ හොඳයි කියන්නත් නරක දේ නරකයි කියන්නත් පුළුවන්කම තිබෙන්න ඕනෑ (නි)
චම්පික ඇමතිතුමාට තෙරුවන් සරණින් රටට දැයට සේවාවක් කිරීමට හැකිවේවා! අපි සුබ පතමු! (නි)
පත්වෙන අලුත් ඇමති කෙනෙක් ගානේ මට ලොකු බයක් දැනෙනවා. කොච්චර බදු වැඩිකරයිද කියලා ඇමති මණ්ඩලයේ වියදම් පියවන්න. (නි)
ඇමතිතුමනි, මෛත්‍රී පාලනයක් පොරොන්දු පත්‍රය හැදුවේ ඔබතුමාගේ පක්ෂය ඇතුළු සංවිධාන 49 ක එකතුවෙන්. එහි ප්‍රධාන පොරොන්දුවක් වුණ ඇමති මණ්ඩලය 20 අඩුකිරීම වෙනුවෙන් ඔබතුමාවත් හඬක් නඟාවි යැයි සිංහල උරුමය පක්ෂයේ අප බලාගෙන ඉන්නවා (නි)
කළුආරච්චි කියන දේ ඇත්ත. වූ පොරොන්දු කෙසේ හෝ ඉටුකරවා ගැනීමට සෑමදෙනාම උත්සුක වියයුතුයි. මෛත්‍රී පාලනයක් කියන්නේ ජනතාවත් එක්ක ඇති වූ සම්මුතියක්. කිසිම කෙනෙකුට ඒකෙන් පරිබාහිරව කටයුතු කිරීමට ඉඩනොදිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී රජයක් යනු ජනතාව විසින් ජනතාව උදෙසා ගෙනයන පාලනයක්. ජනතාවට යමක් පොරොන්දු වුණිද එය ක්‍රියාවෙන්ද සිදුකළ යුතුයි. (නි)
ඇමති මණ්ඩලය වැඩිකිරීම ගැන රජය නිහඬව සිටීම අපිට නම් අනුමත කරන්නට බැහැ. (නි)
ඇමති මණ්ඩලය 95ක් කිවුවා නම් ඔබ ඡන්දය දෙනවාද? දැන් ඉතින් මේ ඇමැතිතුමන්ලා අප වෙනුවෙන් කරන සේවය ලබා ගන්න සැදී පැහැදී ඉන්න. (නි)
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එක සිතින් සුබ පතනවා! විශිෂ්ට සංවර්ධනයක් කරා බස්නාහිර පළාත ගෙනයාමට සහ දකුණු ආසියාවේ බැබළෙන නගරය කිරීමට ශක්තිය ලැබේවා !! (නි)
තිරසාර සංවර්ධනයක් කිරීමට සුබ පැතුම්! (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
ඔබේ රැකියාවෙන් රටට දැනෙන යමක් කරන්න. සුබපැතුම්. (බ)
ඔහු ඉංජිනේරුවෙක් අනෙක් සියලු දෙනාට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් ඔහුට. මම හිතනවා ඔහුගේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය අජිත් මාන්නප්පෙරුමට සුදුසු බව. ඔහුත් සිවිල් ඉංජිනේරුවෙක් (බ)
අපෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
ඇමති මණ්ඩලය වැඩිකිරීම ගැන ලොකු තරහක් දැනුනත් ඔබතුම හට මගේ උණුසුම් සුබ පැතුම් (අ)
චම්පක ඇමති තුමාට රාජපක්ෂ ජනපති කාලයේ කොළඹ සංවර්ධනය සිදුවූ ආකාරය අමතක වෙලා වගේ . ගුණමකු කම විනාසයට මුල. (අ)
සුබ අනාගතයකට ආසිරි! (නි)
ජනාදිපති තුමනි ඔබතුමාගේ ඇස්බස්ටොස් තහනම හොඳයි නමුත් එයට විකල්පයක් ඕනේ ගම නගර පාලු කරන රිලව් වඳුරන් ගෙන් වහලට වන හානි වලට ඔරොත්තු දෙන හෝ වඳුරන් රිලව් ගම නගර වලින් ඉවත් කරන වැඩ පිළිවෙලක් ඕනේ (අ)
ගොඩක්ම දුක හිතෙන්නේ ඇමති මණ්ඩලේ විශාල කිරීම පිලිබදව රජය මුකුත්ම කියන්නේ නැති කොට (අ)