බස්නාහිර මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නගර 23ක සංවර්ධනය මේ මාසයේ දී ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.
බණ්ඩාරගම, බොරැල්ල, පිළියන්දල, ජා ඇල, ගම්පහ, හෝමාගම, හොරණ, කඩුවෙල, කළුතර, කඩවත, මහර, ගොංගිතොට, උඩුපිල, මල්වතුහිරිපිටිය, එෙඬ්රමුල්ල, මහරගම, කොට්ටාව, මීරිගම, පානදුර, රාගම, වැල්ලම්පිටිය ආදී නගරවල සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 400ක් වැය කිරීමට යයි.
මාර්ග තදබදය අවම කිරීම වෙනුවෙන් අතුරු මාර්ග සංවර්ධනය, නගර කේන්ද්‍ර කරගනිමින් ඇති බස්නැවතුම්පළ හා වෙළඳපළ ආදිය මාර්ග තදබදය ඇති නොවන පරිදි සැලසුම් කිරීම, ආදිය මේ යෝජනා ක්‍රම අතර වෙයි.
මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද එම අමාත්‍යාංශ ආයතන නිලධරයෝද එහි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අනාගතය ඔබතුමා අතේ.අපේ එකම බලාපොරොත්තුව ඔබයි.අපි ඔබත් සමග.(ම)
මුලින්ම මහනගර සීමාවේ මහජනතාවට පහසුවෙන් ඇවිදින්න පුළුවන් විදියට පදික වේදිකාව සකස් කළයුතුයි. (නි)
දැන්ද වැඩට බහින්නේ? අවුරුදු 2ක් වෙන්නත් ගියා. (නි)
ඉතාම හොඳයි. හැකිතාක් ඉක්මනින් අවසන් කරන්න. හැබැයි අනවශ්‍ය දේශපාලන බලපෑම් කරන්න, අසරණ මිනිසුන්ට වන්දි ගෙවන ඒවා ගසාකන්න, තමන්ගේ වාසියට පාරවල් බෝක්කු කණු වෙනස් කරන්න නම් කිසිලෙසකින්වත් ඉඩදෙන්න එපා ඇමතිතුමනි. අපි ඔබ ගැන තදබල විශ්වාසයකින් පසුවෙනවා. පසුගිය ආණ්ඩුව කාලේ දේශපාලනයෙන් වාසි ගත් හෙන්චයියන්ම ඔබතුමන්ලාවත් රවට්ටාගෙන වාසි ගන්න හදනවා ඇඟට පතට නොදැනි. සාධාරණයට හා නීතියට පමණක් හිස නමන්න. (නි)
ඉතා කාර්යශූර ඇමතිවරයෙක්. ඔබතුමාට ජනතාවගේ සුබ පැතුම්! (නි)
ඉඩම් අත්පත් කරගැනිමේදි, වන්දි ගෙවිමෙදී, නැවත් ප්ලෑන් ගැසට් කිරිමේදි වන වංචා දූෂණ නවත්වන්න කටයුතු කරන්න. අමාත්‍යංශ හරහා අසරණ මිනිසුන්ට බලපෑම් කරන්න නම් ඉඩටදන්න එපා ඔබතුමා ඉන්නාතුරු. (නි)
සමහර පැතිවල මිනිසුන්ගේ ඉඩම් අත්පත් කරගත්තාට, කොච්චරක් ගත්තද ඒකට ගෙවන වන්දිය කීයද කියලා ප්‍රාදේශිය සභාවෙන් කියන්නේ නැහැ. රස්සාවට නිවාඩු දාලා දවස් ගණන් ප්‍රාදේශිය සභා ළඟ රස්තියාදු කරවනවා අසරණයන්ව. අවම වශයෙන් ඉඩමෙන් කොටසක් පාරට ගත්තා නම් ඒ ගත් ප්‍රමාණය, එයට තක්සේරුකළ වන්ද මුදල ලිඛිතව දියයුතුයි නේද? (නි)
සමහරුන්ට වන්දි ගෙව්වා. නමුත් අපේ ඉඩම් ගත්තට වන්දි දුන්නේ නැහැ. අඩුතරමින් ගත් ඉඩම් ප්‍රමාණය හා ගෙවීමට නියමිත වන්දිය මොකක්ද කියලාවත් කියන්නේ නැහැ. මෙවැනි ප්‍රශ්න ඇති අයට පැමිණිලි කරන්න ඔබ අමාත්‍යංශයේ ස්ථානයක් දෙන්න. (නි)
වෙන ආණ්ඩුවක් එන්න කලින් මේවා නිමාවක් වෙනවනම් අපිත් සතුටුයි. (ම)
ඇමතිතුමනි, වන්දි ගෙවිමේ පටිපාටිය විනිවිද වියයුතුයි. ඉක්මන් වියයුතුයි. බොරු ගණන දාලා වැඩිපුර ගන්න බැරි වෙන්නත්, මොකුත් නොදන්න සාමාන්‍ය මනුස්සයාගේ වන්දිය වෙන කාටවත් පිල්ලි ගහගන්න බැරිවෙන විදියටත් වැඩපිළිවෙළක් ඔබතුමා මැදිහත් වී යොදන්න. (නි)
හොඳ වැඩක් (නි)
පාරවල් කඩාගෙන මාස ගණන් අපිට බලාගෙන ඉන්න බැහැ. දුහුවිලි පිරිලා. හැකිතාක් ඉක්මනින්න අවසන් කරන්න බලන්න. (නි)
ඇමතිතුමනි, මඟ දිගයි. මිරිඟුව පෙනෙයි. කටු අකුල් වැඩියි. ප්‍රවේශමෙන්. අපි යහ සිතින් සෙත් පතමු. (නි)
ඉතාමත් හොඳයි. නමුත් කොන්ත්‍රාත්කරුවන් ඇතුළු සිවිල් ඉංජිනේරු සමුහයට ගසාකන්න ඉඩ තියන්න එපා. (නි)
වැඩක් කළ හැකි ඇමතිවරයෙක්. ඔබට ජය! (නි)
පහුගිය කාලේ හිටිය හොරුන්ව නම් ගාවගන්න එපා. අනවශ්‍ය අතපෙවීම් කිරීමට ඔබගේ නිලධාරින්ට ඉඩදෙන්නත් එපා. (නි)
මෙයා වැඩට බැස්සේ දැන්ද දක්ෂ නමුත් කරපු වැඩක් නම් නෑ... (ර)
ඔය කියන පැලැස්තර වැඩ ටික කළාම මෙගා පොලිස් වෙනවද? කලින් තිබුණ රජයන් කලෙත් ඔය පැලැස්තර ක්‍රමයම නේද ? (ම)
අවුරුදු කීයක් යනවද? හොඳ වැඩක්. (ර)
කටින් බතල කොළ හිටවමු පුරුදු ලෙස. ලබන මාසේ අර නගරය දියුණු කරනවා. 2020 මුළු රටම දියුණු කරනවා. අපි රැවටී ඡන්දය දෙනවා. (ර)
මොන වැඩද කටින් බතල හිටවන්න පුළුවන් (ම)
අවුරුද්දක් ගියා. කොහෙද හිටියේ? (නි)
රුපියල් කෝටි 400ක්?? (නි)
බොහොම හොඳයි (නි)
මෙයා සාර්ථකව අවසන් කළ වැඩේ මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියනවද? (නි)
මෙයා නම් යමක් කරන්න පුළුවන් කෙනෙක්. නමුත් තමුන්ගේ ප්‍රතිපත්ති පාවාදුන් නිසා මට නම් අප්‍රසන්නයි. නමුත් රටට සේවයක් කරන්න ශක්තිය ලැබේවා! (නි)
මීළඟ රැස්වීම කවදාද? (නි)
ඕවා අපේ ජීවිත කාලය ඇතුළත කරන්න. අපිත් ආසයි ඕවා බලාගන්න. (නි)
ඔක්කොම ව්‍යාපෘති එකපාරටම පටන් ගත්තොත් වසර පහකට අඩු කාලයකදී ඉවර කරන්න පුළුවන් (නි)
කරුණාකරලා හෝකන්දර තලවතුගොඩ පාරටත් මොනවාහරි කරන්න ඇමතිතුමා (නි)
දක්ෂ ඇමති කෙනෙක්. අනිත් අයටත් ඔබ ආදර්ශයක් ඇමතිතුමා. මම ඔබට සුබපතනවා (නි)