සිරස සුපර් හරහා ඔස්සේ බොහෝදෙනා හඳුනන චරිතයක් බවට පත්වූ චාමික සිරිමාන්නට අදටත් ලැබෙන්නේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. ආදර ගීත නිර්මාණ ගොන්නට වැටී තිබූ ගායකයෙකු ලෙස බොහෝදෙනා  ඔහුව හැඳින්වුවත් එම සීමාවෙන්  ඉක්ම ගිය අලුත්ම තේමාවක් යටතේ ගීතයක් එළිදැක්වීමට ඔහු සූදානමින් සිටිනවා. ඒ පිළිබඳව ඔහු අප සමග පැවැසුවේ මෙවැන්නක්.

"යන්න එපා මතකයෙන් ඔයා කියන ගීතය වීඩියෝවක් එක්ක ගිය අවුරුද්දෙ අන්තිමට වගේ එළිදැක්වූවා. ඊළඟ ගීතය තව ගීතයක් එළිදක්වන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ ගීය නම් කරලා තියෙන්නේ "මං මගේමද" කියලයි. මේ ගීතය සඳහා වීඩියෝවක් කරනවාද කියලා තාම හිතලා නැහැ. කරනවානම් කොහොමද කරන්නේ, මොකක්ද ඒකෙන් පෙන්නන්න ඕනේ කියන එක තාම හිතලා නැහැ. සමහරක් විට වීඩියෝවක් කෙරෙන්නත් පුළුවන්. හැබැයි මේ ගීතය ගොඩක් වෙනස් එකක්. ඒක ඇහැව්වාම හැමෝටම තේරෙයි. මෙච්චර කාලෙකට මම කරපු නැති විදිහේ, ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතාකරන දෙයක් කියලා. මේක ආදර ගීතයක් නම් නෙවෙයි."