කොළඹදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරක සමුළුවේ ආරක්ෂාව තර කර තිබියදීත් චැනල් ෆෝ මාධ්‍යවේදී ජොනතන් මිලර් මහින්ද රාජපක්ෂ ජනපති අසලට ගියේ කෙසේදැයි පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
කොළඹදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරක සමුළුවේ ආරක්ෂාව තර කර තිබියදීත් චැනල් ෆෝ මාධ්‍යවේදී ජොනතන් මිලර් මහින්ද රාජපක්ෂ ජනපති අසලට ගියේ කෙසේදැයි පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරටේ මිනිසුන්ට බෝම්බ බියකින් තොරව නිදහසේ පාරේ බැහැලා යන්න, ලෝකයේ බලවත් රටවලින් එල්ලවූ බලපෑම් තුට්ටුවකටත් මායිම් නොකර රණවිරුවන්ව දිරිමත් කර අාත්ම විශ්වාසයක් ගොඩනගපු අපේ ජනපතිතුමාව රෑකගැනීම ශ්‍රී ලාංකිකයන්ගෙම වගකීමකි. එනිසා මේ මොහොතේ එතුමාගේ ආරක්ෂාව තරකිරීම නුවණට හුරු ක්‍රියාවකි. ජනපතිතුමනි, ඔබට ත්‍රිවිධ රත්නයේ රෑකවරණයි. (නි)
එයා ජනාධිපති ගාවට එනකම් අාරක්ෂකයෝ මොනවද කළේ? අතට අත දෙන්න තරම් කිට්ටු වුණා කියන්නේ හරිම වැරැද්දක්.දැක්කා නේද කරේ එල්ලගෙන හිටපු බෑග් එක? කවුරුවත් බැලුවද ඒ ගැන? (නි)
අපේ ජනාධිපතිතුමා ආරක්ෂාව ගැන එතරම තැකීමක් කරන බවක් නම් පෙනෙන්නේ නැහැ. ඒක ඒත රම් සුභදායක නැහැ. චැනල් 4 මාධ්‍යවේදියා කොහොමත් විශ්වාස කරන්න බැරි මිනිහෙක්. මාධ්‍යවේදීන්ට නිගා කරන අයුරින් කටයුතු කරන කෙනෙක්. මිනිහා සල්ලිවලට ඕනෑ දෙයක් කරන ජාතියේ කෙනෙක් වගේ නිසා ප්‍රවේශම නුවණට හුරුයි. (නි)
මොහුට අපේ රටට ඒමට අවසරදීම තුලින් අපේ නිවැරදිබව හෝ අවංකබව පෙන්වීමට නොහැකිය. අපට එරෙහිව නොකළ දේ මවාපාන අය මුදල් වලට ඕනෑම තිරිසන් වැඩක් කරාවි. ආරක්‍ෂක අංශ මීට වඩා දූරදර්ශී විය යුතුයි. අද අපේ රටේ මාධ්‍යවේදියෙක් එංගලන්තය කර ඇති මානවහිමිකම් උල්ලංගණය කළ චිත්‍රපටියක් හැදුවොත්, ඊට පසු එංගලන්තයට ගිහින් එන්න පුලුවන්ද? මොවුන්ටත් වඩා මාතෘභූමියට එරෙහි පිරිසක් සිටීම අනාගත පරපුට අවාසනාවකි. (නි)
චැනල් 4 වලට ඔච්චර බය මොකද? (දී)
බමුණු, වැරදි විදියට වටහාගන්න එපා. මේක කපන්න බැරි අත ඉඹිල්ලක් නෙවෙයි. අපි ලාංකිකයෝ හැටියට මේ වෙලාවේදී පක්ෂ බේදයක් නැතුව හිතන්න ඕන. රට ඇතුලේ ඡන්දෙකදී අපිට කැමති කෙනෙකුට අපි ඡන්දය දෙමු. මොකද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව ඉංග්‍රීසින්ට අල්ලලා දෙන්න උදව් කරපු ඇහැලෙපොලලට වෙච්ච දේවල් අපි අහලා තියෙනවනේ. අද සිදුවන සියලුම දේ හරි කියල අපි කිසිසේත්ම කියන්නේ නැහැ. නමුත් ඒවා අපේ රට ඇතුලේ ප්‍රශ්න. මේ පාලනය අනුමත නොකරන අය වෙන්න පුළුවන්. ඒක එහෙම නම් අපි ඊලඟ ඡන්දෙදි තීරණයක් ගමු. නමුත් එතුමාට අනතුරක් වෙනවට අපි කවුරුවත් කැමති නැහැ නේද ? නමුත් විදේශවල බලපෑම් වලට අපි ලාංකිකයෝ හැටියට යට වෙන්න හොඳ නැහැ. විජේසේන මහත්තයට කියන්න තියෙන්නේ කවුරු මොනවා කිව්වත් ෆොන්සේකා මහත්තය මේ රට වෙනුවෙන් කරපු සේවය කාටවත් අමතක කරන්න බැහැ. එහෙම අමතක කරනවා නම් එක ලොකු ගුණමකු කමක්. එතුමත් පුරන් අප්පුලා , කැප්පෙටිපොලලා වගේම අපේ ජාතික වීරයෙක්. (ස)
මේක තමයි සුද්දන්ගේ මානසිකත්වය.ඔවුන් හිතාගෙන ඉන්නේ ලංකාව තවම ඔවුන්ගේ යටත් විජිතයක් කියලා. බලන්න මේ කෙනා කිසි ගරුසරුවක් නැතුව අපේ ජනපති ළඟට කිට්ටු වුණ හැටි. ජනපතිතුමාගේ ප්‍රතිචාරය මසුරන් වටිනවා. (නි)
රත්න හරියට හරි.අපේ කෙනෙක් යටත් විජිත සමයේ කෙරුවාව පාදක කරගෙන ආචාර්ය උපාදියට කළ නිබන්ධනයවත් එංගලන්තය භාර ගත්තේ නැතිලු. මොකද ඒ අයගේ ඇත්ත එහි තිබුණු නිසා.ඉතින් බොරු ලිව්වා නම් තව කොහොමද? (නි)
මේ කෙනා අපට විරුද්ධව කොටින්ගේ සල්ලිවලින් නැළවුණු කෙනෙක්. ඒ නිසා එදා ඔහුව අපේ රටින් නෙරපුව. ආපහු ගිහින් මෙයා පළකරපු මඩ ලිපි කියවල බලන්න. මුදලට ආත්මය පාවා දෙන මෙවැනි අයට ඕනෑම දෙයක් කලහැකියි. විශේෂයෙන් "නම පතලවෙන" වැඩක්. මතකද ජනාධිපති බුෂ්ට සපත්තුවෙන් ගහපු මාධ්‍යවේදියා? (දී)
චැනල් 4 හදන්න මෙයාට වීඩියෝ ,පොටෝ ලබාදුන්නේ වෙන රටකින් නොවේ ...ඒවා දුන්නේ ලංකාවෙන්ම තමා. (දී)
මේ කටිටිය අපේ ජනාධිපති තුමාට කොච්චර ආදරේද කියල මේ රීමාක්ස් වලින්ම පේනවා (දී)
මට අවස්ථාවක් දෙනවා නම් මම දන්නවා කරන්න ඕනෑ දේ (නි)
මේක කරන්න තිබ්බේ ඉස්සෙල්ලම. ජනාධිපති තුමාට අනතුරක් සිදු කලා නම් ? (ස)
වහාම ජනපතිතුමාගේ ආරක්ෂාව තරකළ යුතුයි. එතුමා අපිට ගොඩක් වටිනා නායකයෙක්. (නි)
රටේ නායකයා ගැන හැමකෙනෙක්ම මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනෑ. මම නම් ජනාධිපතිවරණයේදී ඡන්දෙ දුන්නේ ෆොන්සේකා මහත්තයට. ඒක වෙනම කතාවක්. නමුත් මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ මේ රටේ නායකයා. අපි හැම කෙනෙක්ම පක්ෂ බේදයකින් තොරව එතුමාව ආරක්ෂා කළයුතුමයි. චැනල් ෆොර් මාධ්‍යවේදියා මරාගෙන මැරෙන කෙනෙක් වුණා නම් අද අපේ රටම ඉවරයි නේද? ගෝඨාභය මහත්තයෝ, මේ ගැන වෙනම හොදට හොයලා බලන්න. ජනාධිපතිතුමාට විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කරන්න. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න. මොකද මම එහෙම කියන්නේ ඔබතුමාට අනතුරක් වුණොත් ඒකේ පාඩුව ඔබතුමාට නෙවෙයි මේ රටට. අපේ රටට ඔබතුමාත් ඕනෑ ෆොන්සේකා මහත්තයත් ඕනෑ. ඔය දෙන්නම අපේ ජාතික වීරයෝ. (නි)
චැනල් 4 යනු ලෝකයේ සිටින ජරාම මාධ්‍යවේදීන්ය. (ස)
ලංකාවට මෙච්චර අපහාසයක් කළ මොහුට රටට ඇතුලුවෙන්න අවසර දුන්නේ ඇයි? (නදී)
සිරිලක එක් සේසත් කල සෙම්පතියාණන්ට තෙරුවන් සරණයි! මේ වෙලාවේ එතුමන්ගේ ආරක්ෂාව ගැන මිට වැඩිය සැලකිලිමත් වෙන්න. (ස)
මේ ගැන හොදට හොයලා බලන්නම වෙයි (නි)
මහින්ද රාජපක්ෂ මහතාගේ වුණත් වැරදි නැතුවා නෙමෙයි. නමුත් එතුමාව ගෙදර ඇරලා අපි කාවද පත් කරගන්නේ? දැනට ලංකාවේ ඉන්න එකම සුදුසු පුදගලයා ඔහු පමණයි (නි)
විජේ, අපි රටේ මේ අවස්ථාවේදී රටේ ජනාධිපතිගේ පැත්ත ගතයුතු බව ඇත්ත. නමුත් ෆොන්සේකා මහත්තයාගේ අතීතය දෙස බලනකොට ඒවා ඔක්කොම අමතක වෙලා නිහඬව සිටින එකයි වැඩිය හොඳ (නි)
ඉතාම භයානක තත්වයක්.මොකද මෙම පුද්ගලයා මහත්මයෙක් නොවෙයි.සල්ලි වලට ඕනෙම කෙනකුගේ ඕනෙම කුණු ගොඩක් භාර ගන්න කෙනෙක්.ලොව පුරා ඉන්න දෙමල ත්‍රස්තවාදී මතය සමඟ ඉන්න අය සල්ලි දීලා මේ මිනිහා ලවා යමක් කර ගන්න මාන බලාවි.හොඳම වැඩේ ජනතා උද්ඝෝෂණ තිව්‍ර කර ඔහු පිටුවහල් කිරිමයි.ඔහු ප්‍රභූවරයෙක් නොවෙයි (ස)
ඒක වෙන මොනවත් නොවෙයි. මම නම් දන්නවා මොකක්ද කියලා (නි)
"මේ කටිටිය අපේ ජනාධිපති තුමාට කොච්චර ආදරේද කියල මේ රීමාක්ස් වලින්ම පේනවා" කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ ඕකටයි ළමයෝ (නි)