බ්‍රිතාතාන්‍ය ‘චැනල් ෆෝ‘ නිෂ්පාදක කැලම් මැක්රේ කිලිනෝච්චිය බලා ගමන් කළ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පැයක් පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයේ නතර කැර ඇත.
ඊට පසුව පැමිණි යාල් දේවී දුම්රිය ද විරෝධය නිසා අනුරාධපුරයේ නවතා ඇත.
භික්ෂුන් වහන්සේලා හා වැසියෝ පමණ දුම්රිය මාර්ගයේ වාඩි වී විරෝධය දක්වමින් සිටිති.
යුද සමයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකළැයි යුද හමුදාවට චෝදනා කරමින් මැක්රේ වීඩීයෝවක් නිෂ්පාදනය කළේය. ඊට විරෝධය දක්වා මැක්රේට උතුරට නොයා ආපසු යන්නැයි කියමින් උද්ඝෝෂකයෝ දුම්රිය මාර්ගයේ රැදී සිටිති.
වෙනත් විකල්ප මාර්ගයක් ඔස්සේ මැක්රේට සිට ගමනාන්තය දක්වා යාමට පහසුකම් සැළැසීමට උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේ ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් නිලධාරීහු එහි පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒගොල්ලන්ට අපට විරුද්ධව ලියන්න තව තව හේතු කාරණා දුන්නා. අපේ අයගෙ මෝඩ වැඩ. (නි)
රේල් පාරේ වාඩිවෙලා මොනවා කරන්නද? (නි)
ඔහොම යාපනේ යන ගමන රේල් පාරේ වාඩි වෙලා නවත්වන්ට යන අයට තිබ්බේ ප්ලේන් එක ලංකාවට එන එක අහසේ ඉඳලා නවත්වන්ට. ඔය මෝඩ වැඩ ඇත ඇරලා ඒ මනුස්සයට උතුරේ නැගෙනහිර මුළු ලංකාවේම කොටි කරපු අපරාධ පෙන්වන්න ඕනේ. එයාගෙම ඇහෙන් බලලා තේරුම් ගන්න. (ස)
ලංකාවෙ මානව හිමිකම් අමු අමුවෙ මරා දමන බවට ඔවැනි දේවල් බලපාන බව කවුරු කවුරුත් නොදන්නවා නෙවෙයි. (ස)
රතුපස්වල මිනිස්සු වතුර ඉල්ලා පාරේ උද්ඝෝෂණය කලාම වෙඩි තියන්න පුළුවනි නම් උද්ගෝෂණ තහනම් කර ඇති අවස්ථාවක අඩුම වශයෙන් මේවා නවත්වා ගන්නවත් ඇයි බැරි? (ස)
බ්‍රිතාන්‍ය ලංකාවට කරපු හරිය ගැන අහන්න කවුරුත් නැද්ද? මෙහේට ඇවිල්ලා මෙහේ මිනිස්සු මරපු එක ගැන? දරුවො මරපු එක ගැන? පන්සල් කඩපු එක ගැන? ඇයි ඒ මැරුණෙ සත්තුද මිනිස්සු නොවේද? (නි)
මක්රේ කල නිර්මාණය තවත් පෝෂණය කරනවා මේ වැඩ වලින්.රටේ යතා ස්වරුපය මුළු ලෝකයම මේ කරන විගඩම් වලින් හොඳින් තේරුම් ගනීවි. (ස)
කවදත් මේ රට ගැන කැක්කුමක් තිබුනේ අනුරාධපුරයේ වගේ පළාත්වල යුද්දෙන් බැට කාපු මිනිස්සුන්ට. නැතුව මේකේ ප්‍රතිචාර දාන උන්ට නෙවෙයි. (ස)
ගොන් ආතල්. (ස)
සුද්දෙක් දකින්නත් කලින් අපේ සමහරු බයවෙන්නේ මොකෝ (නි)
සම්පත්,ඔබට මගෙන් මල් මිටක්! යුද්ධයෙන් බැට කෑවේ අනුරපුරේ මිනිස්සු විතරක් නෙමෙයි,මුළු ලංකාවේම මිනිස්සු කියලා දැන් හුඟ දෙනෙකුට අමතකයි (නි)
මැක්රේගේ මීළඟ වීඩියෝවට හොඳ ඉල්ලුමක් තියේවි. (නි)
සම්පත්, මාත් එකඟයි ඔබ සමග. (නි)
උද්ගෝෂණ තහනම් කරලා නේද තියෙන්නේ මේ කාලෙ? එහෙනම් කොහොමද මේවා වෙන්නේ?? නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ කැලම් මැක්රේ එනවා කියලා අනුරාධපුරේ ඉන්න අය කොහොමද දන්නේ? (නි)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිය පාසල් ළමයි සමග කිහිප දෙනෙක් අත් අඩංගුවට අරන් උසාවි දාලා, කට්ටියකට රුපියල් 50 බැගින් දඩ ගැහුවා. පාසල් ළමයි අවවාද කරලා නිදහස් කළා. මේ ගොල්ලන්ටත් නඩු දාන්න තිබුනේ. රේල් පාරේ ඉදගත්තට. (නි)
කැක්කුම තිබුනට මදි මොලේ නැතුව....චැනල් 4 එකට යාපනේ යන්න ඕනේ නෑ.. අනුරාධපුරෙන්ම ෆිල්ම් එක හදාගන්න පුළුවන්. (ස)
මේකෙන් ඔහු තවත් ප්‍රයෝජන ගනීවි.අනෙක ලොවක් අපි දිහා බලන් ඉන්න අවස්ථාවක අපි කල්පනාකාරී වෙන්න ඕනා.හදවතිම නෙමේ වැඩ කරන්න ඕනා.ජාතියේ බුද්ධියත් පාවිච්චි කරන්න ඕනා.ඒක තේරුම් ගත්ත නිසා නෙ ඔහුට රටට එන්න අවසර දුන්නේ.එහෙනම් ඇයි ඒකට විරුද්ධ නොවෙන්නේ.මෝඩ චූන් වැඩ නොකර ඔලුවෙන් ඔහුට මුහුණ දෙමු. (ස)
සම්පත් මමත් ඔබ සමඟයි. (ස)
රට ගැන කැක්කුමක් ඇති මිනිස්සු සිටින්නේ අනුරාධපුරයේ පමණද. (ස)
ඔහොම යං. (ස)
සම්පත් ඔයාට තියෙන්නේ කැක්කුම විතරයි. මොලේ නම් කළඳක් නැහැ. ඔය වගේ අය නිසා තමා යුද්දෙත් අවුරුදු 30ක් තිබ්බේ. (ස)
රට ගැන හිතන්නෙ නැති මිනිස්සු මොන දේ කරත් විවේචන දානවා. (ස)
රට ගැන හිතන්නේ නැති බඩ ගැන පමණක් හිතන අයගේ අදහස්. (ස)
ඇයි යාපනය විතරක්?හම්බන්තොට ,නුවර වැනි පළාත් වලටත් යන්න කියන්න (නි)
විරෝධතා,උද්ගෝෂණ අවසර ඇතුව පැවැත්වීම මානුෂික අයිතිවාසිකමක්. මහජනතාවගේ ජන ජීවිතය අපහසුතාවයකට පත්වෙන අයුරින් කිරීමත් අනුමත කළ නොහැකියි.ඒ වගේම එක කණ්ඩායමකට හෝ ජාතියකට සත්‍ය වසන්කර පුද්ගලික ලාබ ප්‍රයෝජන සදහා මාද්‍ය හැසිරවීම අවංක මාධ්‍යවේදියෙකු කළයුතු දෙයක් නොවේ.. (නි)
හික්කඩුව පැත්තට ආවොත් මම ... (නි)
මැක්රේට සිංහලයන්ගේ හැසිරීම සියැසින් දැක සියල්ල නිරීක්ෂණය කර තවත් සාර්ථක නිර්මාණයක් කිරීමට මේ දේශපාලන අතකොලු අමුද්‍රව්‍ය සපයනවා.සුදුයකඩ වැටවල්,පාට ගල් අැතිරූ පොලොව,කෘතීම තණකොළ ,මල් වෙඩි, යනාදී සියල්ලෙන් ආවරණය කළ නොහැකි රටේ යථාර්තය මේ නිර්මාණකරුවා විනිවිද දකිනු නොඅනුමානය. (නි)
මෙන්න නියම හඬක්.. (දී)
ඉදිරිපසින් සිනා වෙලා වීසා දී,පිටුපසින් විත් පාර අවහිර කරන ප්‍රතිපත්තිය ලොවටම නිරාවරණය වී හමාරය. (නි)
මම අනුරාධපුර කොල්ලෙක්. (ස)
මෙයාට මෙහෙම නොකර නම් එයාට ඕන විදියට වීඩියෝ හදාගෙන ඇවිත් 4 එකේ පෙන්නාවි.රජරට මිනිස්සුන්ගේ රජ වැඩ වීඩියෝ හදාගෙන ඒවී. (ස)
හොර ෆිල්ම් ගහලා රටට අපහාස කල මොහුට ඇත්ත තත්වය පෙන්නමු (දී)
ඕනෑ කෙනෙකුට ඇවිල්ලා අපිට නියවන්න දෙන එක නිවටකම නෙමෙයිද? (නි)
රට කියන්නේ එකක්. ආණ්ඩුව කියන්නේ තවත් එකක්. මේ දෙකේ වෙනස තේරුම් ගන්න තරම්වත් සමහර අයට ඔලුවක් නැහැ වගෙයි. (නි)
මොහාන් කියන මනුස්සයට මාර මොලයකනේ තියෙන්නේ බොලේ. සම්පත් මමත් ඔබ සමඟයි. (ස)
සුද්දා 1815 පසු ලංකාවට කරපු විනාශය සිංහල අයට මතක නැහැ. (නි)
නිහාල් කියන දෙයට මමත් එකගයි. අද ලංකාවට වෙලා තියෙන්නේ නිහාල් කියන දේ තමයි (දී)
ඒ ගොල්ලන්ට පෙන්නන ඕන අපිත් බොරුවට ඉඩ නෑ කියලා. (ස)
නිහාල් කියන දෙයට මමත් එකගයි. අද ලංකාවට වෙලා තියෙන්නේ නිහාල් කියන දේ තමයි (දී)
ඔය මිනිහා යන යන තැන අපහසුතාවට පත් කරන්න.පුළුවන් තරම් විදේශ භාෂාවලින් ඔහුගේ චැනෙල් 4 නාලිකාව සහ ඔහු ත්‍රස්තවාදි රුකඩයක් බව ලියල ප්‍රදර්ශනය කරන්න.මොකද මේවා මාධ්‍ය මඟින් පෙන්වන කොට ලෝකයට ඒ පනිවිඩය යනවා.ඔහු සහ පිරිවර ලොව ඉදිරියේ හෙලිදරව් කල යුතුයි. (ස)
ප්‍රමුඛ ඔබ හරියටම හරි. ඔබ වගේ හිතන්න පුළුවන් මිනිස්සු ලංකාවේ නැති එක තමයි ලොකුම ප්‍රශ්නය (දී)
වාදිවෙලාම ඉන්න (දී)
කවුද කියන්නේ අනුරාධපුරයේ මිනිස්සුන් යුද්දයෙන් වැඩිපුර බැට කැවා කියල?? අනුරපුරේ කියන්නේ මායිම් ගමක්ද?? අනුරපුරේට වඩා බෝම්බ පිපිරුවචො කොලබ . ඒවා දැන් මිනිස්සුන්ට මතක නැහැ. එකනේ ප්‍රභාකරන් කිව්වේ සිංහලයට මතක තියෙන්නේ ඕනෑම දෙයක් දවස් 14 යි කියල (දී)
රේල් පාරේ බැරිනම් වෙනතැනක හරි............ (දී)
පිස්සුද................ (දී)
ගුනේ,මනෝජ් ,මම කියන්නෙත් එයාට යාපානයට ගිහිල්ලා බලන්න දෙන්න කියලා (නි)
දෙන් තියෙන තාක්ෂණය එක්ක මැක්රේට යාපනයේ යන්න ඕනෑ නැහැ වීඩියෝ එක හදන්න.නමුත් ලංකාවේ මිනිස්සු ඉන්නවා කියලා මැක්රේට පෙනෙන්න ඕනෑ. (නි)