බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකා වේ කැලම් මැක්රේ ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ පැමිණ ජාතික සමගිය නැති කිරීමට පැමිණ ඇති බැවින් ඔවුන් රටින් පිටුවහල් කරන්නැයි කියන උද්ඝෝෂණයක් වවුනියාව දිසාපති කාර්යාලය ඉදිරිපිට දී දැන් පැවැත්වේ. සිංහල, දෙමළ හා මුස්ලිම්වරු සටන් පුවරු රැගෙන උද්ඝෝෂණය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජිනී, දැනුත් ch 4 තව මඩ බොරු ෆිල්ම් හදනවා.එයාලට ගෙවන විදියට වැඩ කරන්න වෙනවනේ. ගෙවන්නේ කවුද කියලත් කතා කරන්න.? එයාල උතුරේ දේශපාලකයන්ටත් සල්ලි දෙනවා කියලා ආනන්ද සාගරී මාද්‍ය වලට කියලා තිබුනා. මේවා විශාල ප්‍රශ්න රටට තියෙන, (දී)
කලන, ඔයා හිතන්න එපා මිනිස්සු මෝඩයි කියලා. අමතක කරන්න එපා තරාදියක දෙපැත්තක් තියෙනවා. (නි)
සොබනාට තාමත් සුද්දන්ට ආවඩන එක නවත්තන්න බැහැ වගේ. ඇයි සිංහල අපි කළුද. තමා තමාගේ මුහුණට කෙළ ගසා ගැනීමක් වගේ.අපි එකමුතු විය යුතුයි. (නි)
වීසා දුන්නේ ඕකට තමා. දැනගන්න ඇතිනේ ලංකාවේ මිනිස්සු රටට ආදරේ කරන තරම. ඔහොම නොකළා නම් මැක්රේට ඕනෑ විදිහට වැඩ ටික කරගන්නවා. ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලත් කියාවි.ඔබලාට ජය! (නි)
චැනල්4ට වීසා දීලා ලංකාවට ගෙන්නලා දැන් කෑ ගහනවා මැක්රේ පන්නමු මැක්රේ පන්නමු කියලා.මැක්රේ දුෂ්ඨයා වෙලා ජනතාව නලුවෝ වෙලා.ඉතින් මීට වඩා චිත්‍රපට ලෝකයේ කොහෙද තියෙන්නේ? (නි)
රාජ්‍ය නායකයන් ලංකාවේ තියාගෙනම අපි ලෝකෙටම පෙන්වලා දෙනවා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකයි කියලා. (නි)
ලෝකයේම ඉන්නේ ලංකාවේ වගේ කට්ටිය කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ. (නි)
රත්තරන් මිනිසුනේ,ඔබ බත් කන ජාතියක් බව පෙනෙනවා.ඔබලාටත් ඔබ වැනි කොන්දක් තිබෙන දුවරු,පුතණුවන් මෙලොවට බිහි කළ දෙමාපියන්ටත්,ත්‍රිවිධ රත්නත්‍රයේ සහ දෙවියන්ගේ පිහිටයි. (නි)
ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ පැමිනීමටත් මේ වගේ උද්ඝෝෂණ කරන්නකෝ.එතකොට අපිට හිතාගන්න පුළුවන් ලංකාවට ආදරේ අය ඉන්නවා කියලා. (නි)
වීසා දුන්නේ පවතින රජයෙන්, උද්ගෝෂණය කරන්නේ කොටින්ගෙන් බැට කෑ මහජනතාව. මේක තේරුම් ගන්න බැරි අයත් ඉන්නවා . (නි)
ැනල් 4 එකේ මීළග ත්‍රාසජනක චිත්‍රපටියේ ප්‍රධාන චරිතේ අපේ සොබනාට දෙනවලු. (නි)
කුමාරන, බත් කන එක කෙසේවෙතත්, අනාගෙන කන වගනම් පේනවා. (නි)
මං හිතන්නේ,කළණ හොද නුවණක්කාරයෙක් වගේ.මං අහන්නේ දැන් උද්ඝෝෂණය කරන අපේ කොල්ලෝ මෝඩයෝද? කලන 'මෝඩකමට නෙමෙයි, හිතේ තිබෙන කැක්කුමට'. චැනල් ෆෝ නාලිකාව අපේ මවුබිමට කොච්චර මඩ ගැහුවද? ඒවා අපට අමතක කරන්න පුලුවන්ද .....? (නි)
මැක්රේලා චිත්‍රපටි ගහනවා. පැකර්ලා කැසිනෝ ගහනවා. අපි ගමේ ඉදන් කසිප්පු ගගහා බුරු ගහනවා. අපේ මල්ලි බුකියේ ඉදන් රේස් දානවා. මැති අැමතිගොල්ලෝ පගා ගගහා කොමිස් ගහනවා. කාටද අාඩම්බර? (නි)
මෙතන දකින සමහර අයෙග අදහස් දැක්කම මට හිතෙන්නෙ කියාගන්න බැරි දුකක්. අපි අවුරැදු 30ක් යුද්දෙන් විඳෙවුවා. මෙතන අදහස් දක්වන බොහෝ දෙනෙක් යුද්දෙ මොනවගේද කියලවත් දැනිලා නැති අය ගානයි. ගොඩක් සිංහලෙයෝ හිතන්නෙ පක්ෂ, පාට, ජාති ආගම් කරපින්නා ගෙන. ඒක තමා අපේ රටට තියන බරපතලම විනාශේ. අපේම අම්මලගෙ දරුවො තමන්ගෙ ඇස් ඉස් මස් ලේ දන් විතරක් නෙවෙයි තමන්ගෙ ජීවිත පවා දන් දීලා මේ රට අද බෝම්බයක් පුපුරන්නෙ නැති, කාටත් නිදහසේ පාරෙ බැහැලා යන්න පුලුවන් රටක් බවට පත් වෙලා තියනවා. මෙතන අදහස් දාලා තියන සමහර අය ගැන මට හිතෙන්නෙ මේ වගේ දෙයක්. තමන්ගෙ සාක්කුව පිරෙන්නෙ නැති ඒක ගැන දුක්වෙන, යුද්දෙ වවාගෙන කාපු, තමන්ගෙ දහඩිය මහන්සියෙන් හම්බ කරන් කන්න බැරි. පිටරට වලට කත් අදින, බංකොලොත් දේශපාලන මත දරන, පිරිසක් කියලා. අපිට තියෙන්නෙ එක රටයි. අනෙක ඔය මාධ්‍ය කාරයෝ ටික අපි අවුරැදු 30 ක් යුද්දෙන් දුක් වෙද්දි අපේ අයිතිවාසිකම් ගැන කාතා කෙරුවද? ඔය අද ගිරිය පුප්පන් කෑගහන අය එදා නිදන් ද හිටියෙ. පිටරට සල්ලි වලට තමන්ගේ ආත්ම ගරුත්වය පාවලා නොදී හොඳ සිංහලයෙක් වෙන්න උත්සහ කරපන් යාලුවේ. මේ අපේ රට. මේ අයිති අපට. මේක රකින්න ඕනේ අපි. කොහේවත් යන මිනි කාක්කන්ට ගැති වෙලා නෙවෙයි. (ස)
සොබනා සුද්දන්ට ආවඩනවා වගෙයි (නි)
සිංහල මුස්ලිම් ද්‍රවිඩ ජනතාවට අපගේ උපහාරය. අප එකට නැගී සිටියොත් කිසිවෙකුට අප පාගා දැමීමට නොහැකිය. මුන් හදන්නේ නැවත යුද්ධයක් ඇති කර බඩ වඩා ගැනීමයි. නැවතත් අන්තවාදීන්ට අපේ නිදහස් නැති කර දැමීමට ඉඩ නොතබමු. (ස)
මෝඩ මිනිසුනේ, මේවා කරන්නේ කවුද කියලාවත් තේරුම් ගන්න බැරී මෝඩයෝ වගේ අදහස් දාන්නා එපා. ඒකෙන් වෙන්නේ තමන්ගේ මෝඩකම පේන එක විතරයි. ලංකාවේ ඉන්නේ මෙච්චරම මෝඩයෝද කියලා හිතෙනවා. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ටත් වඩා පහළට යන්න එපා (නි)
මෙයාට වීසා නොදී හිටියා නම් ඉවරනේ. එන්න කියල දැන් පිස්සු කෙලිනවා. (ස)
හොඳයි. (ස)
රතුපස්වල මිනිසුන් මෙන් නොව රටට සැබෑවටම ආදරේ කරන මිනිසුන් කොටසක්..ඔබලාට ජාතියේ උපහාරය.. (ස)
ඔය වගේ අයට වීසා දුන්න එකයි මම දකින ප්‍රධාන වැරැද්ද (නි)
ශාන්, රතුපස්වල මිනිසුන්ද හඬ නැගුවේ මේ රට වෙනුවෙනි. මේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙනි. (නි)
යුද්ධයෙන් දුක් විඳපු අය දන්නවා ආයේ යුද්ධයක් ඇති වුණොත් කව්ද විඳවන්නේ කියලා. මේ මිනිස්සු ප්‍රායෝගිකයි.පිටරටවල ඉදන් නම්බුව ගැන හිතුවට මේ මිනිස්සුන්ට ඕනෑ අායෙත් යුද්ධයට පණපොවන්න නෙමෙයි (නි)
සිංහල, දෙමල ,මුස්ලිම් සහෝදරවරුනි මෙවැනි මොහොතක අපි ශ්‍රී ලාංකිකයෝ ලෙස හැසිරීම ඉතාම හොද දෙයක්. අපි අතර සුළු ප්‍රශ්න තිබුනත් පිටතින් බාධක එනවිට හැමදෙනාම එකමුතු වෙමු. (නි)
හිස නමා ඔබ සැමට ආචාර කරනවා (නි)
අපි ළඟ වැරදි තියාගෙන පිස්සු නැටුවට වැඩක් තිබෙනවද? බොරු වැඩ. (නි)
එයාලා ඇවිල්ලා ලංකාවේ ඇත්ත තත්ත්වය ලෝකයට පෙන්නුවට කමක් නැහැ. එතකොට අපේ තිබෙන දුර්වලකම් හදාගන්න පුළුවන් (නි)
සිංහල ,දෙමල, මුස්ලිම් ඔක්කොම කියන දේ අහලා ඔයාව කරුණාකර යවන්න. (නි)
මෙයාව අැයි ඉතින් ගෙන්නුවේ? (නි)
මුළු ලංකාවම එක පාරට පාරට බැස්සොත් මෙයා බයවෙයිද? (නි)
වීසා දුන්නේ ලංකාවේ ආණ්ඩුවයි මෙයාලට එන්න. ඉතින් ඇයි නිකම් බොරුවට පාරට වෙලා උද්ගෝෂණ පවත්වලා තමුන්ගේ වටිනා කාලය නාස්ති කරන්නේ? ඔහේ කිසිම තේරුමක් නැතුව උද්ගෝෂණ පවත්වනවා. (නි)
එන්න කියල පාවාද දාලා පන්නන වැරදිනේ........ (දී)
නියමයි. ඔහොම යමු. රටට ආදරේ කරන මිනිසුන්. ඔබලාට ජය! (නි)
ගෙන්නුවේ පන්නන්නද? (දී)
මෝඩ මිනිසුනේ, පිස්සු වැඩ කරන්නේ නැතුව තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න (නි)
ලංකාවේ මෝඩයෝ රැවැට්ටුවට ලෝකයා රවට්ටන්න බැහැ. (නි)
සොබනා. විරෝදය පාන්න මිනිස්සුන්ට තියෙන නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ එකක් කියලා දන්නේ නැද්ද? (දී)
කලන, අපිට සුළු ජාතියක් වෙන්න වුනේ ඔයාල වගේ ආත්මාර්ථකාමී මිනිස්සු නිසයි. හරි දුකයි ඇයි මෙහෙම වුනේ කියලා. දැන්වත් හිත දියුණු කරගන්න. (දී)
රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බ අය ගැනයි කතා කරන්න ඕනේ, ශාන් (දී)