ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා කරමින් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ඒකපාර්ශික චිත්‍රපටයේ නිෂ්පාදක කැලම් මැක්ක්‍රේ වව්නියාව බලා යන දුම්රිය අනුරාධපුරයේ දී නතර කළ පිරිසක් ඔහුට එරෙහිව විරෝධයක් ඇරැඹූහ.
ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා කරමින් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ඒකපාර්ශික චිත්‍රපටයේ නිෂ්පාදක කැලම් මැක්ක්‍රේ වව්නියාව බලා යන දුම්රිය අනුරාධපුරයේ දී නතර කළ පිරිසක් ඔහුට එරෙහිව විරෝධයක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වන විටත් කෝච්චිය අනුරාධපුර ස්ටේසන් එකේ. (ස)
මේවායින් තහවුරු වෙන්නේ වැඩේ සිද්ධ කළා කියලයි. ලෝකම ඒකපාර්ශවීය නිසා ප්‍රශ්නයක් නැහැ. එහෙම කළා කියලා ඔප්පු වුණත්, ලෝකෙ ලොක්කන්ට ඕනෑ විදියට කරනවා නම් අමුතුවෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. (නි)
මේවා කැත වැඩ.එන්න කියලා වීස දීලා ආවට පස්සේ කෙනෙහිලිකම් නොකළ යුතුයි.පුවත් ආවරණය සදහා විදේශිය මාධ්‍යවේදියෙකු නීත්‍යනුකුලව වීසා සහිතව පැමිණියහොත් ,ඔහුට නිදහසේ එම කටයුතු කරගැනීමට ඉඩ දිය යුතුය. (නි)
චැනල් 4 ලොක්කට දැනගන්න ඕන කරලා තිබ්බේ, එයා කිළිනොච්චි යනවා කියලා අනුරාධපුර ජනතාව දන්නේ කොහමද කියලා. අනුරාධපුර ජනතාව කියන්නේ ලෝකේ වෙන දේවල් ගැන හොඳ අවධානයෙන් ඉන්න ජනතාවක්. ඒක එයා දැනගන්න ඕන. (ස)
මෝඩ වැඩ නොකර ඉන්න.අපට තිබෙන්නේ ඔවුන්ව ගණන් නොගෙන ඉන්න එකයි. (නි)
අපි හොඳ නම් බය වෙන්නේ මොකටද.කතා කිරීමේ නිදහස ලිවීමේ නිදහසේ වැඩ කරගෙන යන්න. එයාට රජයෙන් අවසර දීල නේද? (ස)
සමහරු මෙයාට ඇති නිදහස ගැන කතාකළාට,රිංගා යාහැකි සිදුරෙන් මෙතුමාලා අපිට වැඩේ දෙනවා. මොහු විසින් කොටින් කළ කිසිම නරකක් වාර්තා කර නැති බැවින් ඔහුට රටට ඇතුළු වීමට අවසරදීමත් නොවිය යුතුව තිබුනා (නි)
එන්න කියලා ආරාධනා කරලා ඊට පස්සේ වීසාත් දීලා දැන් විරෝධතා කරනවා. අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. (නි)
යාපනෙත් උද්ඝෝෂණයක් කරන්න සිහලුනේ ......නියමයි (ස)
ඔවුන්ට ලංකාවට එන්ඩ දුන්න එක හොඳයි මොකද 'උන් දැනගන්ඩ ඕන ලංකාව කියන්නේ කොච්චර උතුම් රටක්ද කියලා. (ස)
අපේ මිනිස්සු මෝඩයි. මොනවට මෙයාව පුම්බනවද ? (ස)
රටට ආව මිනිහෙකුට ඔහොම කරන්න එපා. අපේ සිංහලකම පෙන්වන්න. වැරදි නැති ජාතියක් කියලා. (ස)
සනත්,කටාර්,ඔබ හරි. අපේ අය දුම්රිය පොළ ගිනි නොතියා ගියොත් ලොකු දෙයක් (නි)
බලලා එන්න ඉඩ දුන්නා නම් හොඳයි. අපි බිය විය යුතු නැහැ. ලංකාව වැරදි කරලා නැති බව ගියා නම් තේරෙයි. කොහොමත් එංගලන්ත අගමැතිතුමා යනවනේ. (නි)
පිස්සු වැඩ නොකර පැත්තකට වෙන්න. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ජනාධිපතිතුමා මැක්රේට දුන්නු උත්තරය හොඳටම ඇති. එයාට නිදහසේ රට වටේ යන්න ඉඩ දෙන්න. (ස)
බැරිද මෙයාට කියල කොටින්ගේ වීඩියෝ එකක් ලෝකෙටම විකාශනය කරවන්න. (ස)
ලංකාව කොච්චර මෝඩද ? (නි)
මෙයාට කැවුම් කිරිබත් ටිකක් එක්ක ලුණු මිරිස් ටිකක් කවන්න. (ස)
මේ ඉන්න අය ටිකට් අරගෙනද ඇතුලු වුනේ දුම්රියපොලට. (ස)
අනේ මනෝජ්, ඇත්තම කියයි එතකොට. (නි)
අපේ විරෝධය පෙන්වන්න ඕනෑ මෙයා කරන වැඩවලට! (නි)
මේක මෝඩ වැඩක්. එයාට උතුරට ගිහිල්ලා අපේ රටේ සංවර්ධනය පෙන්නන්න ඕනෑ. කොටින්ගේ කාලේ සහ දැන් තිබෙන දියුණුව පෙන්නන්න ඕනෑ. උතුරේ සහ දකුණේ මිනිස්සු සමගියෙන් සහ සාමයෙන් ඉන්න හැටි පෙන්නලා කොටින්ට පන්දම් අල්ලන එක නවත්තන්න ඕනෑ. (නි)
"මේ විරෝධය දැක්වීමේ කිසිම වරදක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක විරෝධතා මර්දනය කළ හැකිද? මර්ධනය කළ යුතුද? කොහෙත්ම නැහැ. එවැනි සාමකාමී විරෝධතාවලට අවහිර කළ නොහැකියි". අපේ ජනාධිපතිතුමා බ්‍රිතාන්‍යයට ගිය හැමවිටම කොටි මොන තරම් විරෝධතා පෑවද? සාමකාමී නොවන විරෝධතාත් තිබුනා. ඒ වෙලාවේදී බ්‍රිතාන්‍යය දුන්න උත්තරේ තමයි මම මුලින් ලිව්වේ. ඒ උත්තරේ ඇත්තෙන්ම හරි. (නි)
අපි ටිකට් ගත්තේ නැහැ. ඇයි ප්‍රශ්නයක්ද? අනික මේවා කියන ඔයාල ලංකාවේ නෙමෙයිද? (නි)
සනත් ඔබ හරි. (නි)
මලීෂා, ඔයා කියන්නේ ඇත්ත. මමත් දැක්කා. (නි)
සිරානි, ඔබත් ලාංකිකයෙක් වෙන්න බලන්න. එකමුතුව සටන් කරන්න මේ වගේ දේකට කොහොම හරි ඇතුලට එන ක්‍රම ඕන තරම් තියනවා. රටට ආදරේ නැති උන් ඉන්නකම් මකරු වැඩ දානවා. (ස)
මට හමුවුනොත් ඔය මැකරගේ කන පලනවා. (ස)
කෝච්චියේ ගිය අහිංසක ජනතාව පව්.(දී)
ෆර්ෂානා,මේ පවත්වන්න යන්නෙ ගහන මරණ උත්සවයක් නොවෙයි. (නි)
ඔහුට වීඩියෝ දර්ශන ලබාදුන්නේ අපේ හමුදාවේම අය කියලා එයා පසුගිය දවසක කියලා තිබුනා. අන්න ඒ අයටයි විරෝධය පළකරන්න ඕනෑ (නි)
ෆර්සානා, ඔයා හරි.අපේ රටට ඕනෑ ඔයාලා වගේ කෙල්ලෝ තමයි (නි)
ඔය ජෝන් කියන කෙනා පුනරුත්තාපනය වුණ කෙනෙක්ද. (නි)
මේක වැරදියි. කරන්න තිබුණේ සද්ද නැතුව ඉන්න. උද්ඝෝෂණ කරනවා කියන්නේ ඒකෙ මොකක් හරි ඇත්තක් තියෙනවා කියන එකයි. ඔය කරන එකෙන් වෙන්නේ ලංකාවේ නම ැත වෙන එක (නි)
මෙහෙම කරන එකත් හොද දෙයක්. සද්ද නැතුව නිදහසේ යන්න දුන්නා නම් තවත් හොද වීඩියෝ ටිකක් බලන්න තිබුනා.ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලා හිතාවි. රජරට මිනිසුනේ, ඔබලාට අපි ස්තුතිවන්ත වෙනවා.රටේ ජනාධිපතිතුමා යුතුකම් ඉටු කළා.රටට ආදරේ ඇති මිනිසුන් මේ කරන්නේ විශාල යුතුකමක් කියලා මම හිතන්නේ. (නි)
චැනල් 4 සෙට් එකට උතුරට යන්න දෙන්න ඕනෙ කියන සියලුම දෙනාට, ඔයාලා හිතාගෙන ඉන්නෙ ලංකාවට අවට පස්සෙ ඔය සෙට් එක තමන්ගෙ සියලුම මත වෙනස් කරල උතුරට හිගින් ඇවිල්ලා එල්ටීටීඊ එක කරපු මිනිමැරුම් ලෝකෙට කියයි කියලද? ඔය කට්ටිය ආවේ සැලැස්මකට.ඒකනෙ ආව ගමන් අර අහවලා හම්බවෙන්න ගියේ.මොනවා උනත් අනුරාධපුරේ කට්ටිය කරලා තියෙන්නෙ හොඳ දෙයක්. (ස)
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, විරුද්ධ මත දරන්නන්ට ඇති අවකාශය, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට පවත්නා ඉඩ කඩ කෙබඳුද යන්න මුළු ලෝකයාටම මේ තුලින් පසක් වේවි.සිංහල අන්තවාදීන්ගේ හැසිරීම තේරුම් ගනීවි. (ස)
ඇයි අපේ ජනාධිපතිතුමාට එන්න කියල යූකේ වලට එක සැරයක්. ඊට පස්සේ එතුමා යන හැමතැනදිම කොටින්ට උද්ඝෝෂණ කරන්න ඉඩ දුන්නේ එයාල..... ඇයි අපිට බැරි ..චැනල් 4 එකට විරුද්ධව උද්ඝෝෂණන කරන්න. (ස)
සිංහල දෙමල බේද වැඩි කරන්න ආපු එක උගුලක් තමයි මෙක්රේ කාරයා. (ස)
මනෝජ්, හැදියාව පෙන්නන්න ඕනේ මනුස්සයන්ට.ඔය මිනිහා මනුස්සයෙක් නොවෙයි.අපි හැදියාව ඕනෙවට වඩා පෙන්නන්න ගියොත් පස්ස පැත්තවත් ඉතුරු කරන එකක් නැහැ. (ස)
චැනල් ෆොර් පෝ... (ස)
"ශ්‍රී 2013-11-13 15:18:16" ඔබේ ප්‍රතිචාරය අගය කරනවා..මක්රේ වර්තමානය ගැන නෙමෙයි අතීතය ගැන ෆිල්ම් ගහන කෙනෙක් ..එයාට මේ සාමෙන් වැඩක් නැහැ..යන්නේ තව කුණු එකතු කර ගන්න ඊලඟ ෆිල්ම් එකට.. (ස)
මේ වගේ දේවලුත් තියෙන්න අවශ්‍යයි ... (ස)
දයාබර ජෝන්, ඔයා ඇත්ත දන්නේ නෑ කියන එකවත් ඔයාට තේරෙන්නේ නෑ, තමුන් කිසිදෙයක් දන්නේ නෑ කියල නොදන්නා ඔය වගේ කට්ටිය මෝඩයෝ... (ස)
චෝග්ම් කවර් කරන්න ආවා නම් ඒක කරගෙන යන්න ඕනේ. අනවශ්‍ය ප්‍රශ්න දාන්නේ නැතිව. (ස)
මුළු රටක් ලෝකය ඉදිරියේ නින්දාවට පත් කරන්නට චිත්‍රපටි හදපු එකෙකුට විරුද්ධව කොන්දක් ඇති මිනිස්සු විරෝධතා දක්වනකොට භය වෙන්නේ නිවට පරගැති බියසුල්ලෝ. (නි)
මිනිසුනේ ඇත්ත දන්නැතුව නිකන් බොරු වැඩ කරන්න එපා. (ස)
සෝමලතා නංගියේ, ආරාධනා කළේ එක කට්ටියක්. විරෝධතා දක්වන්නේ තව කට්ටියක්.මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ හැටි. (නි)
මෝඩ කමට විරෝධතා උපවාස කරලා තේරුමක් වැඩක් නෑ. ඒ මනුස්සයට අපි පෙන්වන්න ඕනේ අපේ රටේ හැදියාව ආගන්තුක සත්කාරය වගේ හොඳ ගතිගුණ. (ස)
මේවා පාලකයොන්ගෙ වැඩ .රටේ මිනිස්සු අතරට යන්න බැරි නිසා අහිංසක මිනිස්සු ටිකක් ඉස්සරහට දාල වීරයෝ වෙන්න හදනවා.මක්රේ ට වඩා හානියක් ඔය මිනිස්සු රටට කරලා තියනවා. (ස)