චැනල් ෆෝ කණ්ඩායම කොළඹට රැගෙන ආ තමාට වාහනයේ කුලිය වන රුපියල් තිස්දහස නොදුන් බව කියමින් අනුරාධපුරයේ එස් කේ සංජීව නම් රියදුරෙක් කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිලි කළේය.
උතුරට යන්නට ගිය මොවුන් ඊයේ (13) ජනතාවගේ විරෝධය මත පොලිසිය විසින් වාහනයක නංවා කොළඹට එවීය.ඔවුන් එන අතරමගදී කණ්ඩලමේ හෝටලයේ රැය ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මට්ටු වෙන්නේ ලංකාවෙන් තමයි.. (නි)
බයවෙන්න එපා. ඒ අයට ගුවන් තොටුපලින් ලංකාවට එන්න අනුමැතිය දුන්නා නම් ඒ මුදලුත් රජයෙන් ගෙවන්න ඕනෑ. (නි)
ඇසල, මම නම් කියන්නේ මේකට සිංහලයා විතරක් නෙමෙයි ජාති බේද නැතුව ශ්‍රී ලාංකිකයෝ වශයෙන් සැවොම එකතු වී හොද පාඩමක් උගන්නන්න ඕනෑ. හැබැයි මොළේ පාවිච්චි කරලා හරි විදියට (නි)
කෝ මේ ඊයේ එක් කෙනෙක් කෑගහලා කිවුවා නේද අර ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගන්න කියලා. කෝ අද ඒ සද්දේ නැහැනේ. (නි)
සල්ලි දුන්නේ නැහැ කියලා අත්අඩංගුවට ගන්න පුලුවනේ පොලිසියට? රටකට ආවම ගරුකරන්න දන්නේ නැත්නම් උගන්නන්න වෙනවා. (දී)
දෙකේ පන්තියේ වැඩ කරලා පුරුදු මිනිස්සුන්ට ඕව වැඩ ද? සමුළුවෙන් පස්සේ ගිහින් තව දෙකේ පන්තියේ ෆිල්ම් එකක් හදල පෙන්නාවි. (ස)
ප්‍රභා, ඔයත් චැනල් 4 එකට ආවඩන කෙනෙක්ද? එහෙම නම් අර අපේ ජනාධිපති ලන්ඩන් ගිය වෙලාවේ ආපහු අා එයාගේ ගමන් වියදම ගෙව්වද එංගලන්තෙන්? (නි)
රෙමා, ඒ ගමන උතුමාණෝ ගියේ පුද්ගලික සංචාරයක් විදිහට. ඒ නිසා ඒ පාඩුව තමන්ම විද දරා ගන්න ඕනෑ. මෙතැනදී එතුමානොම කිව්වා රටේ ඕනෑ තැනකට ගිහින් බලන්න කියලා. (නි)
කොළඹ ඉදලා යාපනේට ටිකට් අරගෙනනේ යන්න ගියේ. නමුත් යන්න දුන්නෙ නැහැනේ. ඒ ටිකට් ගාස්තුවට ඔය කියන වෑන් ගාස්තුව හරි (නි)
බලාගෙන. හෝටලේ බිල? (නි)
කවුරුත් රණ්ඩු වෙන්න එපා. මල්ලි, ඔයාගේ බැංකු ගිණුම් අංකය එවන්න. මම දාන්නම් 30000 ක් ඔයාගේ පොතට.මොන කරදරයක්ද මේක?ඉවරයක් නැති අදහස්. (නි)
අැයි යන්න දුන්නෙ නැත්තේ? (නි)
හෝමාගම ශාන්ත හරි.රටේ වෙන ප්‍රශ්න නැතුවාද? (නි)
කෝ අර සේනාව කොහෙද? (නි)
මේකත් මානුෂික කඩකිරීමක් නොවේද ? දුප්පත් මිනිහෙකුගේ වාහනයක ඇවිල්ලා මුදල් නොගෙවා පැන යෑම. යන්න කලින් චැනල් 4 එකේ කැමරාවක් අරන් විකුණලා හරි මේ මිනිහගේ මුදල ගෙවලා යන්න කියන්න. නැත්නම් මේකත් ඔවුන්ගේ වාර්තාගත සිද්ධියක් වෙනවා (නි)
පොලිසිය මේ කට්ටිය වෑන් එකට දානකොට කියන්න ඇතිනේ රියදුරුට සල්ලි ගෙවන්නේ කවුද කියලා. එහෙම නොකිව්වා නම් රියදුරුට පාඩුව දරාගන්න වෙනවා, චැනල් 4 කට්ටිය තමන් හිතලා කුලිය දුන්නේ නැත්නම්. (නි)
ඔය වගේ ප්‍රශ්න පොලිසියට පැමිණිලි කරන්න එපා. මේ දවස්වල ඒ අයට රාජකාරි බොහොමයි. (නි)
රටින් පිටවෙන්න ප්‍රථම රුපියල් 30000.00 බේරුමක් කරයි.ලංකාවේ රුපියල් නෝට්ටු කොළ පර්ස් එකේ තිබෙන්න නැතුව ඇති. (නි)
අයියෝ සල්ලි! (නි)
මෙයාල ආපු දුර සහ, වාහනය (ලංකාදීප චායාරූප අනුව) බැලුවහම "වාහනයේ කුලිය වන රුපියල් තුන්දහස" යන්න විශ්වාස කරන්න අමාරුයි...... හම සුදු නිසා, අඩුවට ගියාද....? (ස)
කට්ටිය චැනල් 4 විලුවට ගත්තද ? (ස)
හම සුදු හින්දද සල්ලි නුදුන්නේ ? පොලිසිය සල්ලි අරන්දෙයිද ?පව් (අ)
ඉන්දු අම්බලන්ගොඩ, වාහනේ කුලිය තුන්දහසක් නෙවෙයි තිස්දහසක්. චැනල් 4 එකේ කට්ටිය කොහොමත් ලංකාවෙන් යනකොට චොර වෙලා තමයි යන්න වෙන්නෙ.ඉන්දු පොඩ්ඩක් චොර වෙන්නැතුව ඉන්න. (ස)
රුපියල් තුන්දහසක් නෙවෙයි ඉන්දු, රුපියල් තිස්දහසක්... (ස)
අනේ මල්ලි ඔයාගේ වෑන් එකේ නොම්මරය දෙන්නකෝ.ටිකක් අඩුයි වගේ ඔයාගේ ගණන් (නි)
දැන් මේකෙන් මානව හිමිකම් කඩවුණේ කාගෙද? (නි)
ඉන්දුට පෙනීමේ හෝ කියවීමේ අබාධයක් තියෙනවා . කුලිය වාහනයේ 30000 ක් රුපියල් . ඒකටත් පොල්ල තියලා වාගේ සුද්දෝ ටික. (ස)
ඉතින් මේ අය වෑන් එකෙ එව්වෙ පොලිසියනේ.නැත්නම් මේ අය යන්න ගියේ දුම්රියෙනේ.ඒක නිසා පොලිසියෙන්ම ඉල්ල ගත්තා නම් මොකද ?? (නි)
කණ්ඩලම හොටෙල් එකටත් නොගෙවා ඇවිල්ලා නම්...? (නි)
පොලිසියේ මහත්වරු විශේෂ වාහනයකින් නාලිකා හතරේ අය පිටත් කල බව ලංකාදීප ඉංගිරිසි පත්තරේ තිබුණා. ඉතින් මේ මොන බහුබූතද. සල්ලි ගෙවනවා නම් ගෙවන්න ඕනේ පොලිසියි. (දී)
ඉන්දු-අම්බලන්ගොඩ, ඔයාට වයර් මාරු වෙලා. හොදට බලන්න, "රුපියල් තිස්දහස" කියලා තියෙන්නේ. හොද වැඩේ පැමිණිල්ලක් දාපු එක. ඔය සල්ලි කොහොමහරි ගන්න තියෙන්නේ. (නි)
මේකට ගෙවන්න ඕනෑ චැනල් 4 අය නෙමෙයි. ජනමාධ්‍ය අමාත්‍යංශය. එන්න, කැමති තැනකට යන්න කියලා උද්ඝෝෂණයක් හින්දා උතුරට යන්න බැරි වුණ ඒ අයගේ ආරක්ෂාව සළසනවා කිව්වේ අපේ ඇමතිතුමා නේද? පොලීසිය මේ අයව වාහනයක දාලා කොළඹ එව්වා කියලා තමයි කිව්වේ.අන්තිමට පොලීසියෙ වැඩ කරලා පුරුදු විදියට රියදුරාට තමන්ගෙ පාඩුව දරාගන්න වෙන හැඩයි. මීට වඩා හොඳයි මේ මිනිස්සුන්ට එන්න වීසා නොදී හිටියා නම්. මේ වගේ මෝඩ වැඩ නිසා මේ මිනිස්සු තව පහර ගහනවා. (නි)
චැනල් 4 එකේ කට්ටිය කොහොමත් ලංකාවෙන් යනකොට හොද පැඩමක් ඉගෙනගෙන යන්න ඕනෑ.. නමුත්, අපි මෝඩ නොවී, එම දේවල් කරන්න කල්පනාකාරී වියයුතුයි. ආවේගශීලීව ගන්නා තීරණ, නිවැරදි නොවිය හැකියි (නි)
ගමන සංවිධානය කළ අයගේ වැරැද්ද.මේක අන්තර්ජාතිකව කොහොම බලපාවිද? අපේ ශිෂ්ටාචාරයේ නොදියුණුකමද මේකෙන් පෙන්නුම් කරන්නේ? (නි)
ඔන්න අත් අඩංගුවට ගන්න නියම වෙලාව. (නි)
"පොලිසිය විසින් වාහනයක නංවා කොළඹට එවීය" එහෙනම් පොලිසිය නේද වාහනේ ගාස්තු ගෙවන්න ඕනෑ. (නි)
අපේ අය හොදටම වරද්දාගෙන තමයි මේ ගමන නවතින්නේ ! (නි)
සිරිපාලත් සුද්දන්ට ආවඩනවනේ. රජ කාලේ ඉදලාම අපේ සම හරක් කළේ හම සුදු නම් ආවඩන එක තමයි. සිංහලයා එකාවගේ වැඩ කළ දවසට තමයි සුද්දට අපිට පාඩමක් උගන්වන්න වෙන්නේ. ඒ දවස කවදා එයිද දන්නේ නැහැ මේ වගේ බෙදිලා ඉන්නකම්. (නි)