ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී යැයි කියන චැනල් 4 වීඩියෝ පටය ද පෙන්වමින් ස්කොට්ලන්තයේ එඞ්න්බරා නගරයේ දී අගෝස්තු 24 වැනි දා සංවිධානයක කළ සාකච්ජාවට පැමිණ සිටි 30 දෙනාගෙන් 11 දෙනෙක්ම ඊට විරෝධය පළ කළහ. ඔවුන් කියා සිටියේ මේ චිත‍්‍රපටයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා රජයේ පිළිතරු වීඩියෝ පටය ද ප‍්‍රදර්ශනය කෙළේ නම් සංවිධායකයන්ගේ අපක්ෂපාත භාවය ගැන ප‍්‍රශ්න කිරීමට සිදු නොවන බවයි. ඔවුන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිතයකු වන ගෝර්ඩන් වයිස් හා විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසොනී සරවනමුත්තු පැමිණ සිටි අතර ශ්‍රී ලංකා නියෝජිතයකුට ඇරියුම් කැර නොතිබිණි. රැස්වීම මෙහෙයැවූ මාක් මුලර් ස්ටුවර්ට් පැවැසුයේ ඉදිරි වැඩ සටහනක දී ශ්‍රී ලංකා පිළිතුරු වීඩියෝව ද පෙන්වන බවයි. ශ්‍රී ලංකා නියෝජිතයකු කැඳැවන බවත් ඔහු කීවේය.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd