ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භවීමට පෙර දින එම ගොඩනැගිල්ලේදීම ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර පෙන්වාදුන් " යුද්ධයේ අවසන් අදියර" නම්වූ වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනු ලැබිය.
ස්වාධීන වාර්තා චිත්‍රපට සමාගමක් මඟින් නිෂ්පාදනය කරන ලද එමඟින් යුද්ධය පැවති කාලයේ උතුරු නැගෙනහිර පදිංචිව සිටි අහිංසක දෙමල ජනතාවට කොටි සංවිධානයේ ක්‍රියා කාරකම් නිසා විඳින්නට සිදුවූ අමානුෂික දුක් ගැහැට පිලිබඳව එම සිද්ධී වලට මුහුණදුන් අයගේ අත් දැකීම් උපයෝගී කර ගනිමින් අව්‍යාජව සාකච්ඡාවට ලක් කැර තිබිණි.
ජිනීවා මානවහිමිකම් සැසිවාරයට පැමිණ සිටි නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් එම චිත්‍රපට දර්ශනයටත් අනතුරුව පැවැත්වූ සාකච්ඡා වටයටත් සහභාගි වුහ.
ඒ සඳහා ජිනීවා සම්මේලනයට ශ්‍රී ලංකාවෙන් සහභාගිවූ නියෝජිත පිරිසේ සාමාජිකයින් සහ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ පදනම සහ එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා වූ කමිටුවේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.
එදින පැමිණ සිටි මාධ්‍යවේදීන් අතර බ්‍රිතාන්‍යයේ චැනල් 4 ආයතනය මඟින් විකාශනය කල ශ්‍රී ලංකා විරෝධී ලෙසට බොහෝදෙනා හැඳින්වූ චිත්‍රපට නිෂ්පාදනය කළ
කැලම් මැක්රේ සමඟ එම ආයතනයේ වාර්තකරුවකුවන ජෝනතන් මිලර්ද සිටියේය.
ඔවුන් සමඟ ශ්‍රී ලංකාවේ යුද වාතාවරණය පැවති සමයේ උතුරේ සේවයකළ වෛද්‍යවරයෙකුවු වර්ධරාජා තුරෙයිරාජා ද පැමිණ සිටිනු දැකගත හැකිවිය. ඔහු දැනට ඇමෙරිකාවේ ජිවත්වන බවත් ළඟදි එංගලන්තයට පැමිණීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ විය.
ජොනතන් මිලර් චැනල් 4 නාලිකාවට ගොනුකරනු ලැබූ වාර්තාවක කතාකළ තුරෙයිරාජා කිවේ යුද්ධය පැවති සමයේ ශ්‍රී ලංකා හමුදා ඕනෑකමින්ම රෝහල් වෙත ප්‍රහාර එල්ල කරනු තමන් දුටු බවයි.
චිත්‍රපට දර්ශනය අවසානයේ පැවති සාකච්ඡා වටයේදී ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ පදනම සහ එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා වූ කමිටුවේ සාමාජික සාමාජිකාවෝ කැලම් මැක්රේ නිෂ්පාදනය කළ චැනල් 4 නාළිකාවෙහි ප්‍රදර්ශනය කළ වැඩසටහන් වලත් ජොනතන් මිලර් බොහොකලක සිට ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවලත් ඇති පක්ෂක්ග්‍රාහී භාවය සහ ව්‍යාජ භාවය පිළිබඳව කරුණු ඉදිරිපත්කරමින් තර්ක කළහ.
මෙම වැඩසටහන සඳහා සහභාගිවූ ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටි කණ්ඩායම මුනිවත රකිනු දැකීමට ලැබීම පුදුමසහගත බව එතැනසිටි බොහෝදෙනෙක් පැවසුහ.
රැස්වීමෙන් පසුව මැක්රේ සහ ජොනතන් මිලර් සමඟ ඉතා සුහදව කතාබහ කිරීමට අවස්ථාවක් ලබාගත් ජාත්‍යන්තර බෞද්ධ පදනම සහ එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා වූ කමිටුවේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ යථා ස්වභාවය, කොටි සංවිධානයේ අමානුෂික ක්‍රියා කාරකම් සහ පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන විවිධාකාර ප්‍රතිසන්ධාන වැඩසටහන් පිලිබඳව ඔවුන් දෙදෙනාම දැනුවත් කිරීමට හැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටි කණ්ඩායම මුනිවත රකිනු ලැබුවේ ඇයි? (නි)
මේවට යවනකොට හොඳට කතාවට දක්ෂ අයව තෝරලා යවන්න ඕනෑ. අපේ ගෙදරත් වරක් නවාතැන් දුන්නා ලංකාවෙන් ආ කට්ටියකට. එතන කෙනෙක් රැස්වීම් වලට ගිහින් නිදි කිරනවා කියලයි අනෙක් අය කිව්වේ. රටට ආදරයක් ඇති මනා අවබෝධයක් ඇති කතාවේ දක්ෂයින් තමයි අපි යවන්න ඕනෑ. (නි)
යුරෝප පාර්ලිමේන්තු ඡන්දේ ලගයි. ඒ නිසා මෙහේ දේශපාලඥයින්ටත් ඡන්දේ වගේම සල්ලිත් ඕනා. ලංකාවේ ඉදලා මෙහෙ පදිංචි වෙලා ඉන්න අයට සල්ලිත් තියෙනවා, ඡන්දෙත් තියෙනවා. ඒ නිසයි අපේ ප්‍රශ්ණෙ විකුනගන කන්න හදන්නේ.(නදී)
ඔය මොනවා පෙන්නුවත් වැඩක්නැ කුරීරු අසමජ් ජාති වැඩ කලේ කවුද අරංතලාවේ භික්‍ෂුන්.පල්ලිය තුලදී මුස්ලිම් ජනයා.අනුරාදපුර මහා බෝදීන්වහානසේ ලග අහිංසක උපාසක අම්මලා ඝාතනය කරේ කවුද.ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටි කණ්ඩායමට මතක්වුනේ නැද්ද මෙවා. (දී)
ලංකාවෙන් ගිය සමහර අය යන්න ඇත්තේ සංචාරයක්ද කියලත් වෙලාවකට හිතෙනවා. (නි)
දැන් මොනවා කිවුවත් වැඩක් තියෙනවද? (නි)
ඇමෙරිකාවට වඩා සීලාචාර රටක් හැටියට තමයි අපි ඔක්කොම එංගලන්තේ ගැන හිතාගෙන හිටියේ. නමුත් ඒක වැරදී බව කැමරන් ලෝකෙටම පෙන්නලා. බලනකොට ඔක්කොම එකයි. (ස)
ජරාවක් කාලාවත්ද.... නැතිනම් ඡන්දෙට පෝස්ටර් ගහපු උදවිය ජිනිව වල ටුවර් එකක් ඇරලද.(අ)