(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය ඉදිරියට පැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණ සහතික ලබා දේවී යැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා වියෝන් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව නැවත ඉක්මණින් යථා තත්ත්වයට පත්වීම ණය හිමියන්ට මෙන්ම අයෝජකයන්ටද වැදගත් බවත් ශ්‍රී ලංකාව ණය ගෙවීම දීර්ඝ කාලයක් අත් හිටුවා තිබීම ණය හිමියන්ට මෙන්ම අයෝජකයන්ටද අහිතකර බවත් චීනය ඒ බව හොඳින් දන්නා බවත් සබ්රි මහතා පැවසුවේය.
වර්තමානයේ පවත්වන විරෝධතා මහජන සාහාය නොමැතිව පවත්වන ඒවා බවත් එම විරෝධතා පවත්වන්නන් අන්තවාදීන් නොවූවත් සැඟවුණු න්‍යාය පත්‍රයක් සහිතව ඔවුන් එම විරෝධතා පවත්වන බවත් සබ්රි මහතා එහිදී පෙන්වා දී ඇති තිබේ.
එසේම විරෝධතා පවත්වන්නන් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් දේශපාලන අරමුණු ඉටුකරගැනීමට උත්සාහ දරන බව සබ්රි මහතා එහිදී පවසා ඇත.
ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වුවහොත් ඡන්දයක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු විය හැකි නිසාවෙන් විපක්ෂය ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ආපස්සට තල්ලු කිරීමේ උත්සාහයක නිරත වන බව සබ්රි මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දී ඇත . ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම ආරම්භ වන සෑම අවස්ථාවකදීම විරෝධතා ද ආරම්භ වන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.
COMMENTS
චීනය විතරයි දැන් අපිට පිහිට වෙන්න ඉන්න එකම දෙවියන්..!
විකාර කතා කියන්න එපා මහත්තයා... මිනිස්සු අරගල කරන්නේ කරකියා ගන්න තැනක් නැති නිසයි. කසනවාට නෙවෙයි...