චීනය තුළ මෙරට තේ කර්මාන්තය ජනප්‍රිය කරවීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විිසින් සංවිධානය කළ විශේෂ ප්‍රචාරණ වැඩසටහනක් බේරුවල සිනමන් බේ හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිනිය වන ජානකී කුරුප්පු මහත්මිය පැවසුවේ චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ සංවිධායක කමිටුව විසින් කරන ලද ආරාධනයකට අනුව චීනය තුළ මෙරට තේ කර්මාන්තය පිළිබඳව ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා මෙය අවස්ථාවක් කර ගත් බවයි.
මෙහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් දේශීය සංස්කෘතික අංග එක් කරමින් නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිලත් කළ මෙරට තේ කර්මාන්තයේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳ වැඩසටහනට කාගෙත් සිත් ගත් බවක් පෙණිනි.
වැඩසටහන අවසන් වනවාත් සමගම එහි පැමිණි චීන ජාතිකයෝ රැසක් තේ කොළ මිළදී ගත්හ.
.
දිවයිනට පැමිණ සිටින චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ රූ රැජිණියන් සඳහා මෙහිදී විශේෂ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
චීනය ලක් තේ වලට වහ වැටෙයි
සිරි Sunday, 31 August 2014 09:25 AM
අපොන්සු, ලුම්බිණි සහ මංගලී, ලෝකයේ හොඳම තේ, සිලෝන් ටී. සිලෝන් කියන්නේ ලංකාවට බව ඹයාලා දන්නෙ නැද්ද? (නි)
නස්රී Sunday, 31 August 2014 10:01 AM
මොකද අපේ තරුණියන් අඩ නිරුවතින්? මේවා මොන සංවිදානයකටවත් පේන්නේ නැහැ. (නදී)
සදුනි Sunday, 31 August 2014 01:54 AM
ඉතා අනගි උත්සාහයක්.චීන තේ වෙළදපොළ ජයගන්න පුලුවන් නම් ඒක විශාල ජයග්‍රහණයක්. (නි)
අපොන්සු Sunday, 31 August 2014 02:42 AM
සුද්දා චීනාගෙන් තමයි තේ පැල හොරකම් කරලා ලංකාවත් ඉන්දියාවටත් එවුවේ. ඒ නිසා චීනයේ රතු තේ වෙළදාම සම්පුර්ණයෙන්ම බිඳවැටුනා. (නි)
අර්ජුන් රණවීර Sunday, 31 August 2014 03:17 AM
බලාගෙනයි චීනය ලක් තේ වලට වහ දමයි. අන්තිමේදී අපට කන්න වෙන්නේ වහ
ජනනි Sunday, 31 August 2014 03:23 AM
තේ වලට ප්‍රචාරය ලැබෙන්නේ ඔතන කරන මෝස්‌තර නිසා නොවේ. පිටරට යවන තේ වල ප්‍රමිතිය අනුවයි. (අ)
චමින්ද Sunday, 31 August 2014 03:29 AM
එතකොට, මේ චීන ලඳුන් ලංකාවට එන කම්ම,චීන ජාතිකයන්ට ලංකාවේ තේ පිළිබඳිව අවබෝධයක් තිබිලාම නැද්ද......? (අ)
චන්ද්‍රා Sunday, 31 August 2014 03:41 AM
මේවගේම ලංකාවේ කසල තේ ජාවාරම් නතරකරන්න කටයුතු කරන්න, එවිට ලංකා තේ වලට හොද කලක් යාවි, (අ)
දිමුතු Sunday, 31 August 2014 03:58 AM
කොළොඹ නගරය තුල ඉඩම් ටිකක් වෙන්කර චීන ටෝව්න් එකක් හදමු. චීන්නු එයි. ඉතාලියේ මිලානෝ වල සහ වෙනත් රටවල මෙවැනි කොටස් තියෙනවා. චීන්නු එවිට එහි ආයෝජනය කරාවි. (අ)
ලුම්බිණි Sunday, 31 August 2014 04:33 AM
චීනය පාවිච්චි කරන්නේ ග්‍රීන් තේ මිස රතු තේ නොවෙයි. (ස)
සුනිල් විතානගේ Sunday, 31 August 2014 04:47 AM
මේ කට්ටිය ඔක්කෝම ඡන්දෙ ඉල්ලන්න. අපරාදේ පාර්ලිමේන්තු නොයා ඉන්නේ. (ස)
සේන Sunday, 31 August 2014 05:56 AM
කසල තේ වෙළදාම නවත්වල ප්‍රමිතිය ඉහල දැම්මොත් අපේ තේ මිලදී ගන්න චීන්නු ඕන නැහැ.(අ)
මංගලී Sunday, 31 August 2014 06:27 AM
ලෝකේ හොදම තේ තියෙන්නේ චීනයේ.අපිට ඒ තේ බොන්න බෑ.අපි බොන්නේ රොඩු නිසා.චීනයේ ග්‍රීන් තේ රෙඩ් තේ සේරම තියෙනවා.(අ)
සමන්ත Sunday, 31 August 2014 06:52 AM
අපේ කෙල්ලෝ චීන කෙල්ලන්ට වඩා ලස්සනයි.(අ)
කුමාර Sunday, 31 August 2014 07:04 AM
අනේ මේරටේ දොඩවන සංවරභාවය, ගෑනුන්ගේ විලි බිය නැතිකරලා ඇඟ පසඟ පෙන්නලාද ලංකාවේ තේ ප්‍රචාරය කරන්න හදන්නේ? (අ)
පෙරේරා Sunday, 31 August 2014 07:13 AM
බහු ජාතික සමාගම් වලට තේ වතු ටික අයිති නැතිනම් මෙලහකටත් අපිට චිනෙනේ ගෙන්නන තේ තමයි බොන්න වෙන්නේ.(අ)