චීනය තුළ මෙරට තේ කර්මාන්තය ජනප්‍රිය කරවීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විිසින් සංවිධානය කළ විශේෂ ප්‍රචාරණ වැඩසටහනක් බේරුවල සිනමන් බේ හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිනිය වන ජානකී කුරුප්පු මහත්මිය පැවසුවේ චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ සංවිධායක කමිටුව විසින් කරන ලද ආරාධනයකට අනුව චීනය තුළ මෙරට තේ කර්මාන්තය පිළිබඳව ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා මෙය අවස්ථාවක් කර ගත් බවයි.
මෙහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් දේශීය සංස්කෘතික අංග එක් කරමින් නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිලත් කළ මෙරට තේ කර්මාන්තයේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳ වැඩසටහනට කාගෙත් සිත් ගත් බවක් පෙණිනි.
වැඩසටහන අවසන් වනවාත් සමගම එහි පැමිණි චීන ජාතිකයෝ රැසක් තේ කොළ මිළදී ගත්හ.
.
දිවයිනට පැමිණ සිටින චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ රූ රැජිණියන් සඳහා මෙහිදී විශේෂ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොන්සු, ලුම්බිණි සහ මංගලී, ලෝකයේ හොඳම තේ, සිලෝන් ටී. සිලෝන් කියන්නේ ලංකාවට බව ඹයාලා දන්නෙ නැද්ද? (නි)
මොකද අපේ තරුණියන් අඩ නිරුවතින්? මේවා මොන සංවිදානයකටවත් පේන්නේ නැහැ. (නදී)
ඉතා අනගි උත්සාහයක්.චීන තේ වෙළදපොළ ජයගන්න පුලුවන් නම් ඒක විශාල ජයග්‍රහණයක්. (නි)
සුද්දා චීනාගෙන් තමයි තේ පැල හොරකම් කරලා ලංකාවත් ඉන්දියාවටත් එවුවේ. ඒ නිසා චීනයේ රතු තේ වෙළදාම සම්පුර්ණයෙන්ම බිඳවැටුනා. (නි)
බලාගෙනයි චීනය ලක් තේ වලට වහ දමයි. අන්තිමේදී අපට කන්න වෙන්නේ වහ
තේ වලට ප්‍රචාරය ලැබෙන්නේ ඔතන කරන මෝස්‌තර නිසා නොවේ. පිටරට යවන තේ වල ප්‍රමිතිය අනුවයි. (අ)
එතකොට, මේ චීන ලඳුන් ලංකාවට එන කම්ම,චීන ජාතිකයන්ට ලංකාවේ තේ පිළිබඳිව අවබෝධයක් තිබිලාම නැද්ද......? (අ)
මේවගේම ලංකාවේ කසල තේ ජාවාරම් නතරකරන්න කටයුතු කරන්න, එවිට ලංකා තේ වලට හොද කලක් යාවි, (අ)
කොළොඹ නගරය තුල ඉඩම් ටිකක් වෙන්කර චීන ටෝව්න් එකක් හදමු. චීන්නු එයි. ඉතාලියේ මිලානෝ වල සහ වෙනත් රටවල මෙවැනි කොටස් තියෙනවා. චීන්නු එවිට එහි ආයෝජනය කරාවි. (අ)
චීනය පාවිච්චි කරන්නේ ග්‍රීන් තේ මිස රතු තේ නොවෙයි. (ස)
මේ කට්ටිය ඔක්කෝම ඡන්දෙ ඉල්ලන්න. අපරාදේ පාර්ලිමේන්තු නොයා ඉන්නේ. (ස)
කසල තේ වෙළදාම නවත්වල ප්‍රමිතිය ඉහල දැම්මොත් අපේ තේ මිලදී ගන්න චීන්නු ඕන නැහැ.(අ)
ලෝකේ හොදම තේ තියෙන්නේ චීනයේ.අපිට ඒ තේ බොන්න බෑ.අපි බොන්නේ රොඩු නිසා.චීනයේ ග්‍රීන් තේ රෙඩ් තේ සේරම තියෙනවා.(අ)
අපේ කෙල්ලෝ චීන කෙල්ලන්ට වඩා ලස්සනයි.(අ)
අනේ මේරටේ දොඩවන සංවරභාවය, ගෑනුන්ගේ විලි බිය නැතිකරලා ඇඟ පසඟ පෙන්නලාද ලංකාවේ තේ ප්‍රචාරය කරන්න හදන්නේ? (අ)
බහු ජාතික සමාගම් වලට තේ වතු ටික අයිති නැතිනම් මෙලහකටත් අපිට චිනෙනේ ගෙන්නන තේ තමයි බොන්න වෙන්නේ.(අ)