(විමුක්ති එස් රුද්‍රිගු)

චීනයේ ගිනිකොනදිග ගුවාන්ඩොන්ග් පළාතේ පෙර පාසලක නාඳුනන පුද්ගලයකු කළ පිහි ඇනුමක් හේතුවෙන් සය දෙනෙකු මියගොස් එක් අයකු තුවාල ලබා ඇතැයි චීන බලධාරීන් වාර්තා කර ඇත.

මියගිය පුද්ගලයන් අතර එක් ගුරුවරයකු , පෙර පාසල් සිසුන් තිදෙනෙකු සහ දෙමාපියන් දෙදෙනෙකු සිටින බව චීන පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය එරට වේලාවෙන් අද (10) උදෑසන 7.40 ට සිදුව ඇති අතර පෙරවරු 8 වන විට සැකකරු අත් අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්ව ඇත.


සැකකරු 25 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහුගේ වාසගම ‘වූ‘ බවත් චීන පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මෙම පිහි ඇනුම සැකකරු චේතනාන්විතව සිදු කර ඇතැයි චීන පොලිසිය පෙන්වා දී ඇත.