හයවැනි ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) අවසන් මහ තරගය චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර කොල්කටාහිදී හෙට (26) පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මෙහෙයවන චෙන්නයි සුපර් කිංග්ස් පිල මීට පෙර 2010 සහ 2011 යන වසරවලදී පිට පිටම දෙවරක් ශූරයන් බවට පත්ව තිබේ. ප‍්‍රබල චෙන්නායි පිල මේ දක්වා පැවැති අයි. පී. එල්. තරගාවලි හයෙන් පහක අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇති අතර 2008 සහ 2012 වසරවලදී අනු ශූරයන් බවට පත්විය.
ඉන්දීය ප‍්‍රවේගකාරි පිතිකරුවකු වන රෝහිත් ශර්මා මෙවර නායකයා ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් පිල 2010 වසරේ අනු ශූරයන් බවට පත්ව තිබේ.
ඉන්දීය හිටපු නායකයකු වන රාහුල් ද්‍රාවිඞ් මෙහෙයවන රාජස්ථාන් රෝයල්ස් පිල තෙවැනි ස්ථානයට පත්විය. කුමාර් සංගක්කාර නිත්‍ය නායකත්වය දැරූ සන්රයිසස් හයිද්‍රාබාද් පිල සිවුවැනි ස්ථානයට පත්ව සිටියි.
තරගාවලියේ ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 10 ක් හෙවත් ශ‍්‍රි ලංකා රුපියල් කෝටි 24 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. මෙවර ප‍්‍රධාන මුදල් ත්‍යාග හතර සදහා පමණක් ඉන්දීය රුපියල් කෝටි 25 හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 60 ක් වෙන්කර තිබේ.
තරගාවලියේ අනු ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 7.5 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 18 ක් පිරිනැමේ. තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට ඉන්දීය රුපියල් කෝටි 3.75 ක් හෙවත් රුපියල් කෝටි 9 බැගින් ද හිමිවේ.
මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග අවසන් තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතය.
මාලිංග මෙවර තරගාවලියේ තරග 16 කදී කඩුලූ 18 ක් දවාගෙන තිබේ.දකුණු ඉන්දීය දේශපාලන විරෝධතා හේතුවෙන් චෙන්නායි පිල නියෝජනය කිරීමට නියමිතව සිටි නුවන් කුලසේකර සහ අකිල ධනංජය තරගාවලියට සහභාගි වුයේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ඔය ඉන්දියාවට ගිය අපේ ක්‍රීඩකයන් ගැන කිසිම පැහැදීමක් නැහැ. ඒ කවුරු දිනුවත් පැරදුනත් කමක් නැහැ.(නදී)
ඊයේ මැච් එකේදී මාලිංග අන්තිම ඕවරය මම දෙකපු හොඳම ඔවර් එක,(අ)
මාලිංගට බනින්න එපා. ඔහු අපේ රටේ දක්ෂ කොල්ලෙක් ඉරිසියාවට කුහකකමට ඕවා කියන්න එපා. මාලිංග ඔබට ජය!(නදී)
සුගත් ඔය වගේ දේවල් මාලිංග වගේ මිනිහෙකුට සුදුසු දේවල් නෙමේ. හිටපු තැන අමතකයි.(නදී)
අවස්තාව අනුව මාලිංග වැරදියි. නමුත් මාලිංග රටේ සම්පතක්. ඊට වැඩිය රටට හෙන ගහන අපරාද කරන තක්කඩි නායකයෝ මේ රටේ ඔනාතරන් ඉන්නවා. මොනවා උනත් මාලිංග පෙන්නන දක්ෂතාවයන්ට අපි රටක් හැටියට ආඩම්බර වෙන්න ඕනා කියන එකයි මගේ අදහස.(නදී)
මාලිංග තම ක්‍රීඩා කරන බෝලයට පවා වැඳ නමස්කාර කොට කරන ක්‍රියාව ලෝකයාට අපගේ සිරිත් විරිත් පෙන්නාදීමකි. ලෝකයා අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් පමණක් නොව ඔවුන්ගේ විනය නිසාද අපේ රට අගය කරති. එබැවින් මුදල් පමණක් ගැන සිතන උදවිය මේවා ගැනද සිතා බලන්න. (නි)
අපි මැච් එක බලන්නවාද නැද්ද කියලා තීරණය වෙන්නේ මාලිංග ඉන්න එක මතයි(නි)
මොනවා උනත් මාලිංග ඉන්න පිල ජය ගත්තොත් හොදයි නේද? සතා උනත් අපේ රටේ සතෙක්නේ.(නදී)
සුගත් ඔබ හරි. මොකද මාලිංගට වැඩිය වැරදී කරපු අය ඕනෑ තරම් ඉන්නවා .මාලිංග කියන්නේ තරගය වෙනස් කරන්න පුළුවන් කෙනෙක්. (නි)
මාලිංගට මේ ටික කළේ මාධ්‍යයයි. (නි)
මාලිංගත් එක්ක අපේ කිසිම ඉරිසියාවක් නැහැ. අපිට තියෙන්නේ තරහක් මොකද මාලිංගට රට ගැන කිසිම ආදරයක් නැහැ. මාලිංගව අයින් කරලා අලුත් කොල්ලෙක් එතනට දැම්මනම් ලංකාවේ කණ්ඩායම හොදට හදල ගන්න පුළුවන්. ටෙස්ට් මැච් වලට එක්දින මැච් වලට ස්ථීර හොද කණ්ඩායමක් දාන්න ඕනා. එතකොට අපේ ටීම් එකත් පිකප් කරලා ගන්න පුළුවන්. එහෙම උනාම අපිට උනත් මැච් බලන්න ආසාවක් ඇතිවෙනවා. දැන්නම් මැච් තිත්ත වෙලා තියෙන්නේ 1990 දසකයේ එක මැච් එකක්වත් අපි අත්හැරියේ නැහැ.(නදී)
මාලිංග මේ ක්‍රීඩාවට සුදුසු කෙනෙක් නෙමෙයි, මට නම්. (නි)
මාලිංගට මුල් අමතකයිනේ. ලංකාදීපේ හොඳ ලිපියක් පල උනා ඔහුගේ ඉතිහාසය ගැන. ඔහුට උඩට එන්න අත දුන්නා මාධ්‍යට පයින් ගැහුවා. මම වඩාත් අකමැති ක්‍රිකට් ක්‍රීඩකය මාලිංගා කීවොත් හරි.(නදී)
මැදිහත්ව සිතන්න. මාලිංග එක අවස්ථාවක වැරදි හැසිරීමක් සිදුකළා. හරිම කැතයි ඒ හැසිරීම. ඒක එහෙම වුණා කියලා හැම වෙලාවෙම මාලිංගව විවේචනය කරන්ඩ එපා. මාලිංග කියන්නේ ලෝකේ දැනට ඉන්න හොඳම වේග පන්දු යවන්නන් කිහිප දෙනාගෙන් කෙනෙක්.අපේ රටේ කොල්ලෙක් මෙහෙම සෙල්ලම් කරනකොට මොනතරන් සතුටු විය හැකිද? මාලිංග මහන්සි වෙලා ගෙනෙන මුදල් ටික වුණත් එකතු වෙන්නේ රටේ ආර්ථිකයට නේද? (නි)
මාලිංගට ඉරිසියා කරලා අපිට මොනවද ලැබෙන්නේ, ඔය ගිය 11ස් දෙනාගෙන් අපිට යම් තරමින් හරි සතුටු වෙන්න පිළිවන් තිසර කොලුවගෙන් විතරයි.(නදී)
මාලිංග ඔබ ලෝකේ සිටින හොදම වේග පන්දු යවන්නෙක් අපි හැමදාම ඔබට ආදරෙයි. ඔබ යන හැම තැනකම ජය නියතයි. ඔබට ජයෙන් ජයම වේවා.(නදී)
මෙතරම් මිනි මරණ දේශපාලුවෝ ඉන්න රටේ මාලිංග කියපු වචන දෙක තුනට මෙතරම් දේවල් කියන්න ඕනෙද. කාගේ අතිනුත් වැරදි වෙනවා තමා. කව්රු මොනවා කිවත් අපි සුබ පතනවා මාලිංග.(නදී)
ඔබ හරි සුගත් , දේශපාලුවෝ කොච්චර ර වැරදි කරනවද?(නදී)
මාලිංග නැත්නම් අපිත් මැච් එක බලනවා. මාලිංගව දකිනකොට ඇගේ ලේ රත් වෙනවා.(නදී)
ලංකාවේ මිනිස්සු මහා පුදුම ජාතියක්.කප්පරක් වැරදි තියෙන මිනිස්සු ගැන කතා කරන්නේවත් නැහැ..මාලිංග කියන්නේ ඉස්සර අපේ රටේ cricket වෙනුවෙන් ගොඩක් මහන්සි උන කොල්ලෙක්.එහෙම එකේ පොඩි වැරැද්දකට ඔච්චර කියවන්න දෙයක් නැහැ,,ගොඩක් මිනිස්සුන්ට තියෙන්නේ පහත් ඉරිසියාවක් ....මොනා කීවත් මාලිංග තමන්ගේ ගමන යාවී..(අ)