අයි. පී. එල්. තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ මුම්බායි ඉන්දියනස් පිල අතර අද (21 වැනිදා) පැවති තරගයේදී මුම්බායි ඉන්දියනස් පිල ලකුණු 48 කින් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් කී‍්‍රඩකයෝ 26 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට පිවිසීමට සමතවූහ.
ඒ අනුව මුම්බායි ඉන්දියනස් පිලට අවසන් තරගයට පැමිණීමට නම් හෙට (22 වැනිදා) රාජස්ථාන් රෝයල්ස් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර පැවැත්වෙන තරගය ජයගන්නා පිල, එළබෙන 24 වැනිදා පැවැත්වෙන තරගයේදී පරාජය කළ යුතුය.
වේගවත් ආරම්භයක් ලබාගත් ඞ්වේන් ස්මිත් හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගින් පන්දු 28 කදී ලකුණු 68 ක් රැස්කරමින් මුම්බායි පිල ජයග‍්‍රහණය කරා රැගෙනයාමට උත්සහයක් දැරුවද, රවින්ද්‍ර ජඬේජාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔහුගේ උත්සහය අසාර්ථක විය.
තරගයේ වීරයා බවට පත්වූ මයික් හසී (නොදැවී 85) සහ සුරේෂ් රයිනා (නොදැවී 82) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 140 ක සම්බන්ධතාවයක් පිහිටුවමින් චෙන්නායි පිලේ ලකුණු සංඛ්‍යාව 192 ක් දක්වා ඔසවා තැබීමට සමත්වූහ.
පන්දු 58 කින් වාර්තා වූ හසීගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගතවිය.
හයේ පහර 5 කින් සහ හතරේ පහර 5 කින් සමන්විතවූ රයිනාගේ ඉනිමට වැයවී තිබුණේ පන්දු 48 ක් පමණි.
ලසිත් මාලිංග ඕවර 4 ක් යවා ලකුණු 45 ක් දුන් නමුත් කඩුල්ලක් දවාගැනීමට අසමත්විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුල්ලක් දැවී 192
(මයික් හසී නොදැවී 85, මුරලි විජේ 23, සුරේෂ් රයිනා නොදැවී 82)
මුම්බායි ඉන්දියනස් පිල ඕවර 18 .4 කදී සියලූ දෙනා දැවී 144
(ඞ්වේන් ස්මිත් 68, දිනේෂ් කාර්තික් 11, කිරන් පොලාඞ් 24, අම්බටි රයිඩු 15, ඞ්වේන් බ‍්‍රාවෝ 9/3, රවින්ද්‍ර ජඬේජා 31/3, මෝහිත් ශර්මා 32/2)
(*)
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෙන්නායි පිල අවසන් තරගයට
අනුර Wednesday, 22 May 2013 12:46 AM
ජයලලිතා එයා දිනුවා වගේ දැන් කියවාවි (නි)
යොහාන් Wednesday, 22 May 2013 07:25 AM
මම දැක්ක පුවත්පතක තිබුනා මේ තරඟයට මුම්බායි පිල මාලිංගගෙන් මැජික් එකක් බලාපොරොත්තු වෙනවා කියලා. දැක්ක නේද ඊයේ මාලිංගගේ මැජික්. ලැජ්ජාවේ බැහැ.(නදී)
තලල්ලේ Wednesday, 22 May 2013 08:52 AM
ලෝකේ හිටපු හොදම බැට්ස්මන්ලා පවා 0 ට ගිය අවස්තා ඕනෑ තරම් තියෙනවා. මෙයාලා කියන්නෙ මාලිංගට හැමදම විකට් ගන්න කියලද? (නි)