ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 54 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (08 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 77 කින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කරමින් 10 වැනි ජය ලැබීමට සමත් විය.
හයිද්‍රාබාද් පිලේ නායක කුමාර් සංගක්කාර නැවතත් අසාර්ථක වෙමින් පන්දු 9 කදී ලකුණු 3 කට දැවී ගියේය.
හයිද්‍රාබාද් පිල නියෝජනය කරන තිසර පෙරේරා පන්දු 13 කදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 23 ක් රැස් කිරීමට සමත් විය. තිසර යැවූ ඕවර හතරේදී ලකුණු 45 ක් ලබාදෙමින් කඩුලූ 3 ක් දවාගත්තේය.
සුරේෂ් රයිනා පන්දු 52 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 99 ක් රැස්කිරීමට සමත් විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 223 (මයික් හසී 67, මුරලි විජේ 29, සුරේෂ් රයිනා නොදැවී 99, රවින්ද්‍ර ජඬේජා නොදැවී 14, තිසර පෙරේරා 45/3)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 146 (පර්තිව් පටෙල් 44, තිසර පෙරේරා 23, කරන් ශර්මා නොදැවී 39, ඬේන් ස්ටෙයින් 14, මොහිට් ශර්මා 28/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ කට්ටියද චැම්පියන් කුසලානට යවන්නේ? (නි)
මොකද ප්‍රශ්නයක්ද ? (ස)
සූරයන්ගේ කුසලානය මේ සැරේ අපේ සිංහයන්ටයි යොහාන්. (ස)
ප්‍රශ්නයක් නැහැ සමීර, ලංකාවේ ක්‍රිකට් වලදායි කියන එකටයි මට බය. අපරාදේ අර්ජුන , අරවින්දලාගේ මහන්සිය (නි)