ඉන්දියාවේ චෙන්නායි මධ්‍යම දුම්රිය නැවතුම් පොළේ දී අද උදෑසන බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් එක් අයෙක් මිය ගොස් 14 දෙනෙක් තුවාල ලැබූහ.
චෙන්නායි නුවර මහාබෝධි මධ්‍යස්ථානයේ කලවානේ මහානාම හිමි පැවසුවේ ශ්‍රී ලංකාවේ කිසිවකු එහි නැති බවයි. මේ දිනවල ශ්‍රී ලංකා වන්දනාකරුවන් නොපැමිණෙන බව ද මහානාම හිමියෝ පැවසූහ.
ඉන්දියා ජාතික රූපවාහිනිය පැවසුවේ 24 හැවිරිදි කතක් මියගොස් නව දෙනකු තුවාල ලබා ඇති බවයි. දුම්රියේ සැඟවී සිටි පුද්ගලයකුගෙන් ප්‍රශ්න කරන බවත්, ගුවාහටි බැංගලෝර් ශීග්‍රඝාමී දුම්රිය දුම්රිය පොළේ නතර කළ ගමන්ම අද උදේ 7.15ට පමණ බෝම්බ පිපිරී ගොස් ඇතැයි ද ඉන්දියා ජාතික රූපවාහිනිය කියයි.
එක්බෝම්බයක් කාන්තාවක වාඩිවී සිටි ආසනයක් යට පිපිරීමෙන් එහි විඩි වී සිටි ස්වාති නම් කත මිය ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය නිමාකළ අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජාතියේ ප්‍රණාමය. නැතිනම් ඔය බෝම්බබයත් පුපුරන්නේ ලංකාවේ දුම්රියක (ස)
මට නම් කිසිම අනුකම්පාවක් හිතෙන්නේ නැහැ (නි)
එයාලටත් දැනෙන්න ඕන ත්‍රස්තවාදය පතුරවද්දී කොයි තරම් බයකින් අපි ජීවත් වුණාද කියල.(ස)
ඔය ටික ලංකාවේ වෙන කොට චෙන්නායි වලින් බෝම්බ එන්න ඇති ලංකාවට . අපි දැන් නිදහස්, වර්තමාන රජයට පින්සිදු වන්නට . දැන් ඉතින් ඉන්දීය රජයේ වගකීම මෙම ක්‍රියා නැවතීම. (ස)
ත්‍රස්තවාදීන් පහර දෙනකොට තෝරලා පහර දෙන්නේ නෑ නමුත් ඉන්දියාවේ අය හිතාගෙන ඉන්නේ ඒ අයට කොටි ගහන්නේ නෑ කියල අපේ දහම අනුව දිට්ඨ ධම්ම වේදනීය විදියට පඩිසන් දෙන්නේ මේ විදියට තමා, මේ මිනිස්සුන්ට නුවණැස පහල වේවා! (අ)
බෝම්බ පිපිරීමේ වේදනාව දන්නේ එය අත් විඳපු කෙනෙකුය. එබැවින් මියගිය කාන්තාවට නිවන් සුව පතමින්, තුවාල වූ පිරිස ඉක්මණින් සුව වේවායි පතමි. (ස)
අපි ලංකාවේදී කොපමණ බයකින් ද හිටියේ. ඉන්දියාවට දැන් තේරෙයි. අපේ ජනාධිපතිතුමාට පින් සිදුවන්න අප සැනසුම් සුවය ලබනවා. (ස)
දැන්වත් අපිට වින කරපු කට්ටියගේ ඇස් අරෙයිද දන්නේ නැහැ. මෙයාලත් දැනගන්න ඕනේ මේවගෙ තියෙන පලවිපාක වල තරම. (ස)
ලලිතා නෝනට බෝම්බවල සද්දේ ඇහෙන්න ඕනේ .එවිටයි ත්‍රස්තවාදය ගැන අත්දැකීම් ලැබෙන්නේ. (ස)