ඉන්දියාවේ චෙන්නායි මධ්‍යම දුම්රිය නැවතුම් පොළේ දී අද උදෑසන බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් එක් අයෙක් මිය ගොස් 14 දෙනෙක් තුවාල ලැබූහ.
චෙන්නායි නුවර මහාබෝධි මධ්‍යස්ථානයේ කලවානේ මහානාම හිමි පැවසුවේ ශ්‍රී ලංකාවේ කිසිවකු එහි නැති බවයි. මේ දිනවල ශ්‍රී ලංකා වන්දනාකරුවන් නොපැමිණෙන බව ද මහානාම හිමියෝ පැවසූහ.
ඉන්දියා ජාතික රූපවාහිනිය පැවසුවේ 24 හැවිරිදි කතක් මියගොස් නව දෙනකු තුවාල ලබා ඇති බවයි. දුම්රියේ සැඟවී සිටි පුද්ගලයකුගෙන් ප්‍රශ්න කරන බවත්, ගුවාහටි බැංගලෝර් ශීග්‍රඝාමී දුම්රිය දුම්රිය පොළේ නතර කළ ගමන්ම අද උදේ 7.15ට පමණ බෝම්බ පිපිරී ගොස් ඇතැයි ද ඉන්දියා ජාතික රූපවාහිනිය කියයි.
එක්බෝම්බයක් කාන්තාවක වාඩිවී සිටි ආසනයක් යට පිපිරීමෙන් එහි විඩි වී සිටි ස්වාති නම් කත මිය ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෙන්නායි දුම්රියක බෝම්බ පිපිරේ
ශ්‍රියානන්ද පල්ලෙමුල්ල Friday, 02 May 2014 12:37 AM
යුද්ධය නිමාකළ අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජාතියේ ප්‍රණාමය. නැතිනම් ඔය බෝම්බබයත් පුපුරන්නේ ලංකාවේ දුම්රියක (ස)
සිල්වා Friday, 02 May 2014 07:30 AM
මට නම් කිසිම අනුකම්පාවක් හිතෙන්නේ නැහැ (නි)
ජීවක Thursday, 01 May 2014 11:34 AM
එයාලටත් දැනෙන්න ඕන ත්‍රස්තවාදය පතුරවද්දී කොයි තරම් බයකින් අපි ජීවත් වුණාද කියල.(ස)
වික්‍රම බොස්ටන් Thursday, 01 May 2014 11:39 AM
ඔය ටික ලංකාවේ වෙන කොට චෙන්නායි වලින් බෝම්බ එන්න ඇති ලංකාවට . අපි දැන් නිදහස්, වර්තමාන රජයට පින්සිදු වන්නට . දැන් ඉතින් ඉන්දීය රජයේ වගකීම මෙම ක්‍රියා නැවතීම. (ස)
එදිරිසූරිය Thursday, 01 May 2014 12:42 PM
ත්‍රස්තවාදීන් පහර දෙනකොට තෝරලා පහර දෙන්නේ නෑ නමුත් ඉන්දියාවේ අය හිතාගෙන ඉන්නේ ඒ අයට කොටි ගහන්නේ නෑ කියල අපේ දහම අනුව දිට්ඨ ධම්ම වේදනීය විදියට පඩිසන් දෙන්නේ මේ විදියට තමා, මේ මිනිස්සුන්ට නුවණැස පහල වේවා! (අ)
අල්විස් Thursday, 01 May 2014 12:16 PM
බෝම්බ පිපිරීමේ වේදනාව දන්නේ එය අත් විඳපු කෙනෙකුය. එබැවින් මියගිය කාන්තාවට නිවන් සුව පතමින්, තුවාල වූ පිරිස ඉක්මණින් සුව වේවායි පතමි. (ස)
නඩරාජා Thursday, 01 May 2014 01:31 PM
අපි ලංකාවේදී කොපමණ බයකින් ද හිටියේ. ඉන්දියාවට දැන් තේරෙයි. අපේ ජනාධිපතිතුමාට පින් සිදුවන්න අප සැනසුම් සුවය ලබනවා. (ස)
ඉසුරන්දි Thursday, 01 May 2014 02:39 PM
දැන්වත් අපිට වින කරපු කට්ටියගේ ඇස් අරෙයිද දන්නේ නැහැ. මෙයාලත් දැනගන්න ඕනේ මේවගෙ තියෙන පලවිපාක වල තරම. (ස)
සරත් බණ්ඩාර Thursday, 01 May 2014 03:03 PM
ලලිතා නෝනට බෝම්බවල සද්දේ ඇහෙන්න ඕනේ .එවිටයි ත්‍රස්තවාදය ගැන අත්දැකීම් ලැබෙන්නේ. (ස)