හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය සමාරම්භක උත්සවයේදී නර්තන කණ්ඩායම් ඉදිරිපත් කිරීම ඇතුළු කටයුතුවලට රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වැය කිරීමේ සිද්ධියට අදාළව බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසම ප්‍රවීණ නර්තනාචාර්යවරුන් වන චන්න - උපුලි රංගායතනයේ හිමිකරුවන් වන චන්න විජයවර්ධන හා උපුලි විජයවර්ධනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම අද (22) පෙරවරුවේ ඇරඹීය.
මහියංගණ නගරයේ තිබූ රජයේ ඉඩම් නිසි අවසරයකින් තොරව ලබාගෙන අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදිකර විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සාක්කි විභාග කිරීමද අද සිදුවේ. එහි සාක්කි දීමට නියමිතව සිටි ඌව පළාත් සභාවේ හිටපු ඇමැති අනුර විදානගමගේ සැත්කමක් සිදුකර කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම හේතුවෙන් අද නොපැමිණි අතර අනෙක් සාක්කිකරුවන්ගෙන් සාක්කි විමසීම ආරම්භ කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා රජාණන් මැදමුලනේ මුදල් අත දිගහැර වියදම් කරලා වගේ (ම)
බලාගෙන ගියාම වෙන කිසිම සංවර්ධ කටයුත්තක් වෙලාම නැහැනේ. (ර)
කොළඹ නයිට් ක්ලබ් වල දඟර නැටුම් දාලා කීයක් හම්බ කළත් ප්‍රශ්නයක් නැද්ද? (බ)