පොලිස් අත්අඩංගුවේ සිටියදී කිලිනොච්චිය වට්ටකච්චිය වැවේ දී සැකකරුවකු මිය යාම සම්බන්ධයෙන් සැකපිට චුන්නාකම් පොලිසියේ හිටපු ස්ථානාධිපති චින්තක නිශාන්තප්‍රිය බණ්ඩාර ඇතුළු පස් දෙනකුට කිලිනොච්චි මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්ද රාජා මහතා අද (10) වරෙන්තු නිකුත් කළේය.
මීට පෙර වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි තවත් සැකකරුවකු ඉරිදා (9) රාත්‍රියේ අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අධිකරණයට අද ඉදිරිපත් කරනු ලැබුවේය. ඩබ්ලිව්.ඩී.සෝමදාස වීරසිංහ නමැති චුන්නාකම් හිටපු පොලිස් සැරයන් ලබන 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd