යාපනයේ චුන්නාකම්හි දී සිවිල් ඇදුමින් සිටි බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙකුට එල්ල වූ ප්‍රහාරය හා විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණය එකිනෙක සම්බන්ධ කර නොගන්නා ලෙස රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා සහ ඊපීආර් එල් එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරු පැවසූහ.
චුන්නාකම්හිදී පොලිසියේ දෙදෙනාට පහර දුන් පිරිසට නීතිය ක්‍රියාත්මක කර දඩුවම් පමුණුවන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
සිවාජලිංගම් මහතා සහ ප්‍රේමචන්ද්‍රන් මහතා එම අදහස් පළ කළේ යාපනය ජනමාධ්‍ය කේන්ද්‍රයේ අද (23) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම සිදුවීමේ දෙක එකිනෙක සම්බන්ධ බවට පැතිර යන කතාවල සත්‍යතාවක් නැතැයි ද, එලෙස පතුරුවන්නට එපා යැයි ඉල්ලා සිටින්නේයැයි ද දකුණේ ජනයාගෙන් ඉල්ලා සිටින බව ද ඔවුහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට සම්පුර්ණ වගකීම ගන්න ඕනෑ සමහර උතුරු දේශපාලකයෝ නේද? ඔවුන් තමා සිවිල් ජනතාව අවුස්සන්නේ. (නි)
එහෙමනම් කලින් සිදුවීමට අපක්ෂපාතී පරික්ෂණයක් කරන්න උපදෙස් දුන්නේ අැයි (බ)
ඔයාල ඒක එහෙම කරන ඒක හොඳයි. (බ)
හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මෙන්න මේවට! (බ)
මෙම සිදුවීමට අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා ලංකාවේ ජනාධිපති තවම ප්‍රකාශ කළේ නැහැ නේද. යහපාලනයක වෙනස (බ)
කාගෙවත් හිත රිදෙන්න මොකුත් කරන්න එපා. අපිට ඕනෑ දෙයක් කමක් නැහැ. අපිට රිදෙන්න හිතක් නැහැනේ (නි)
සත්‍ය කුමක්දැයි මහජනතාවට දැනගන්න ඕනෑ. දඬුවම ගැන නම් පරිස්සම් වෙන්න ඕනෑ, මොකද ජාත්‍යන්තරය කලබලවෙයි. (නි)
මේ වගේ සිද්ධි පටන්ගත් මුල්තැනදීම විසඳාගන්න (නි)
දැන් ඔබට සතුටුයිද? (නි)
ලුසේනා, වහල් මානසිකත්වයෙන් අත්මිදෙන්න. එතකොට ඔබට තේරෙයි සෑම සිදුවීමකටම අපක්ෂපාතී පරීක්ෂණයක් කළයුතුයි කියලා. (නි)
දිලාන්, වහල් මානසික තත්වයයි මේ ප්‍රහරයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? හොඳටම කොළ පාට වෙලා වගේ (නි)
හැම සිදුවීමකටම අපක්ෂපාතී පරීක්ෂණයක් තියන්න කියලා ජනාධිපති කියන්නම ඕනෑද? නැත්නම් ඒවා පක්ෂපාතී වෙනවද? (නි)
ජයන්, මම කිවුවේ ලුසේනා සිතන විදිහට අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීමට ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් අවශ්‍යම නොවන බවයි (නි)