යාපනයේ චුන්නාකම්හිදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු පහර කෑමට ලක්වූයේ කඩයකින් කප්පම් ගැනීමේ සිදුවීමක් පාලනය කිරීමට ගිය අතරතුර බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මුහුණු ආවරණය කරගෙන අංක තහඩු නැති යතුරු පැදිවලින් පැමිණි හය දෙනකු කඩයෙන් කප්පම් ගැනීමට යෑමේදී එය සමථ කිරීමට පොලිසියේ දෙදෙනා ගොස් ඇති බවත්, එහි දී පහර දීම සිදුවී ඇති බවත් වාර්තා වෙයි.
සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කළ පොලිසියේ දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව ද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මොනවද මේ සිද්ධවෙන්නේ කියලා (නි)
කිසිම ආකාරයක බුරුලක් නොලැබෙන විදිහට තදින්ම නීතිය ක්රියාත්මක කළයුතුයි. මෙය ජාතිවාදී ප්රශ්නයක් බවට පත්නොවන්නට ආණ්ඩුව වගබලාගත යුතුයි. (නි)
මේ මාසේ ඇතුළත පහරදෙන සිද්ධීන් කීයක් වුණාද? ඔහොම ගිහිල්ලා මරණයක් වෙනරු, ඕවා සුළු ප්රශ්නනේ කියලා ඉඳිමු. අපිට නම් තේරෙනවා ක්රමානුකූලව නැවත අරගලයකට මුලපිරෙන බව (නි)
ඔන්න රටේ වෙනසක් ඇතිකළ හැටි (නි)
බැරිවෙලාවත් පොලිසියත් පහරදුන්නා නම් තත්ත්වය කොහොම වෙයිද? (නි)
එයාලා එහෙම කිවුවා නම් ඉතින් හරියටම ඒ විදියටම සිද්ධවෙන්න ඇති. ඇයි සිවිල් පිට නිලධාරීන් යැවුවේ? අනික දෙන්නෙක් විතරක්?
තව හමුදා කඳවුරු අයින් කරලා ආරක්ෂාව අඩුකරමු. (නි)
මෙතන එක්කෙනෙක් ඉන්නවා පොලිසිය සිවිල්පිට යන්නේ ඇයි කියලා දන්නේ නැති. අැමෙරිකාවෙන්වත් අහගන්නකෝ (නි)
නීතියට ඉහළින් සිටින පිරිසක් වෙන්න ඇති (නි)
පිටබැද්දර ජයාවත් එහෙට යැව්වා නම් හරි (නි)
තව ටිකදවසක් යනකොට පොලීසි, හමුදා තියෙන තැනටම ඇවිල්ලා ගහලා, කපලා, කොටලා යාවි. හැබැයි මුකුත් නොකර ඔවුන්ට මෛත්රීය කරන්න ඕනෑ. නැත්නම් කොහොමද යහපාලනයයි, සංහිඳියාවයි ඇතිකරන්නේ? (නි)
මටත් හිතෙන්නේ ඉතුරු හමුදා කඳවුරු ටිකත් ඉවත්කරගන්න ඕනෑ කියලා (නි)
අපට ඕවා අදාළ නැහැ. ඡන්දය පොරොන්දු පරිදි ලබා දී ඇති පොරොන්දු ඉටු කළයුතුව ඇති (නි)
පුදුමයි බුද්ධි අංශෙ දෙන්න කප්පම් ගන්න ගියා කියල කිව්වේ නැත්නම් (බ)
පිටබැද්දර, පොලිසියේ අයව යැවුවා කියල නැහැ. ඒ අය මේ සිද්ධිය දැකල එතනට ගිහින් තියෙන්නේ. පොලිසියට ගහන ඒවා හැමතැනම වෙනවා. මේ ළඟදි කොළඹත් වුනේ දෙනෝ දාහක් මැද්දේ. (බ)
ඇමෙරිකාවේ කල්ලෝ, පොලිස් කාරයන් තැන තැන මරනවා වගේ ලංකාවෙත් පටන් ගනීවි , ජාතික සමගිය කියල කරන හැමදේම ඉවසන් හිටියොත්! (බ)