රුපියල් හැත්තෑ හත් ලක්ෂ අනු අට දහස් නවසිය අසුවක් වටිනා විදේශ මුදල් තොගයක් චීනයේ කුංමින්ග් වෙත ගෙන යාමට උත්සහ කළ චින ජාතිකයෝ දෙදෙනෙක් අද අළුයම කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවෝ වයස 36 සහ 38 වියේ පසුවන බවත් මින් එක් අයෙකු කාලයක සිට මෙරට ජල සම්පාදන ව්‍යාපෘතියක වැඩකරන බවත් ඔහුගේ මිතුරෙකු බව කියන අනෙකා මෑතකදී මෙරටට පැමිණ ඇති බවත් රේගුව කියයි.
මින් එක් අයෙකු ලග ඇමරිකානු ඩොලර් විසිදහසක්ද අනෙකා ලග ඇමරිකානු ඩොලර් තිස්නම දහසක්ද තිබු බව රේගුව කියයි.
ඔවුහු අද අළුයම 12.25 ට පමන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමින සිටියදි රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත. එම අවස්තාවේ ඔවුන්ගේ අත් බෑග් වල තිබී මෙම මුදල් සොයාගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධික්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ස්ටැන්ලි සේනාරත්න, ජේ.ඒ.ඞී.ඒ පෙරේරා යන නිලදාරීන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරි ඩබ්ලිව්.එන් විජේතුංග සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ශෂිකා කුමාරසිංහ,සමිත පේ‍්‍රමතිලක, අසංක ගුරුසිංහ, ශිනාරි පෙරේරා සහ ඩිලානි විරරත්න යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නුන්ට මොකටද මෙතරම් පුද්ගලික සල්ලි. චීනය සම්පත් සමසේ බෙදන සමාජවාදී රටක්නේ. (දී)
ලංකාවේ දෙන්නෙක් ඇල්ලුවා වගේ නෙමේ ,ඔය චීන්නු දෙන්නව මුදලුත් සමග නිදහස් කරන්න කියල ඉහලින් නියෝග එයි නේද? (නදී)
චීන්නු හැම වැඩකටම දක්ෂයෝ වුණාට . අපේ රේගු නිලධාරීන් තරම් දක්ෂ නැහැ වගේ (දිල්)
ඉස්සර චීන්නු හරිම අවංක ගුණ ගරුක ජාතියක්. මෑතක ඉඳල ලංකාවත් එක්ක ගනු දෙනු කරන්න ගත්ත දා ඉඳල මේ අයත් ලෝක හොරු වෙලා. (දී)