රුපියල් හැත්තෑ හත් ලක්ෂ අනු අට දහස් නවසිය අසුවක් වටිනා විදේශ මුදල් තොගයක් චීනයේ කුංමින්ග් වෙත ගෙන යාමට උත්සහ කළ චින ජාතිකයෝ දෙදෙනෙක් අද අළුයම කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවෝ වයස 36 සහ 38 වියේ පසුවන බවත් මින් එක් අයෙකු කාලයක සිට මෙරට ජල සම්පාදන ව්‍යාපෘතියක වැඩකරන බවත් ඔහුගේ මිතුරෙකු බව කියන අනෙකා මෑතකදී මෙරටට පැමිණ ඇති බවත් රේගුව කියයි.
මින් එක් අයෙකු ලග ඇමරිකානු ඩොලර් විසිදහසක්ද අනෙකා ලග ඇමරිකානු ඩොලර් තිස්නම දහසක්ද තිබු බව රේගුව කියයි.
ඔවුහු අද අළුයම 12.25 ට පමන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමින සිටියදි රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත. එම අවස්තාවේ ඔවුන්ගේ අත් බෑග් වල තිබී මෙම මුදල් සොයාගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධික්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ස්ටැන්ලි සේනාරත්න, ජේ.ඒ.ඞී.ඒ පෙරේරා යන නිලදාරීන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරි ඩබ්ලිව්.එන් විජේතුංග සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ශෂිකා කුමාරසිංහ,සමිත පේ‍්‍රමතිලක, අසංක ගුරුසිංහ, ශිනාරි පෙරේරා සහ ඩිලානි විරරත්න යන නිලධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
චීන්නු දෙන්නා රේගුවේ හිරවෙති
ධම්ම Thursday, 16 January 2014 11:18 AM
චීන්නුන්ට මොකටද මෙතරම් පුද්ගලික සල්ලි. චීනය සම්පත් සමසේ බෙදන සමාජවාදී රටක්නේ. (දී)
ඇන්ටන් Thursday, 16 January 2014 11:59 AM
ලංකාවේ දෙන්නෙක් ඇල්ලුවා වගේ නෙමේ ,ඔය චීන්නු දෙන්නව මුදලුත් සමග නිදහස් කරන්න කියල ඉහලින් නියෝග එයි නේද? (නදී)
චරිත සේරසිංහ ස්විස් Thursday, 16 January 2014 01:47 PM
චීන්නු හැම වැඩකටම දක්ෂයෝ වුණාට . අපේ රේගු නිලධාරීන් තරම් දක්ෂ නැහැ වගේ (දිල්)
සත්‍යා Thursday, 16 January 2014 03:14 PM
ඉස්සර චීන්නු හරිම අවංක ගුණ ගරුක ජාතියක්. මෑතක ඉඳල ලංකාවත් එක්ක ගනු දෙනු කරන්න ගත්ත දා ඉඳල මේ අයත් ලෝක හොරු වෙලා. (දී)