IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


චීනුන් තිදෙනෙක් හිරේ:බර දඩයකුත් ගහයි

පසුගිය වසරේ මැයි මාසයේ කොල්ලුපිටියේ පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් දත්ත සොරකම් කළ චීන ජාතිකයන් තිදෙනකුට කොළඹ මහාධිකරණය  සිව් වසරක සිර දඬුවම් පමුණුවා රුපියල් අට ලක්ෂයක දඩද නියම කළේය.

ලෑං මිං ,ඩෙන් හුවා ජුං හා වෙං මිං ට මෙම දඩ නියම කරන ලද්දේ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසිනි.

විද්‍යුත් උපකරණ පාවිච්චි කරමින් ටෙලර් යන්ත්‍ර දත්ත සොරකම් කිරීමට උත්සාහා කිරීමට ඔවුන් වරඳ පිළි ගත්හ.

ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් ළග තබා ගත් ලෑං ට හා වෙං ට අතිරේක වසරක(බරපතල වැඩ සහිත ) සිර දඩුවමක් ද  රුපියල් තුන් ලක්ෂය බැගින් දඩ ද නියම විය.



අදහස් (0)

චීනුන් තිදෙනෙක් හිරේ:බර දඩයකුත් ගහයි

එම.කාමිල් Tuesday, 19 November 2013 04:04 AM

අපි කොණ්ඩ බැදපු චීන්නු නෙමෙයි.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 19 November 2013 04:43 AM

දත්ත සොරකම් කිරීමට චීන්නු කොහොමත් ලෝක ප්‍රසිද්ධයි. (නදී)

:       0       0

ඇන්ටන් Monday, 18 November 2013 05:30 PM

චීනුන්ගේ බඩු වගේම වැඩත් බාලයි,නමුත් ලංකාවේ අපේ අය මොවුන්ව ඉහළින් තියාගෙන ඉන්නේ. අර අධිවේගේ විවෘත කරනකොටත් ඉස්සරහින් තියාගෙන හිටියේ.නොරොච්චෝලේ බලාගාරේ තාම කැඩිලා (නි)

:       0       0

රුවින්ද Monday, 18 November 2013 05:45 PM

හොද වැඩේ.ඔහොම අය අල්ලලා දැඩි දඩුවම් දෙන එක තමයි හොද (නි)

:       0       0

රයිඩර් Monday, 18 November 2013 06:03 PM

හොද වෙලාවට මේ අය චිනයේ වුුණේ. නිකම් හරි වෙනත් ජාතියක් නම් ඉවරයි. (නි)

:       0       0

පුබුදු Monday, 18 November 2013 06:09 PM

චීන්නු කොහොමත් හොරු (නි)

:       0       0

රස්පී Monday, 18 November 2013 06:31 PM

ඔන්න අපේ ආදරණිය සංචාරකයෝ. (නි)

:       0       0

දොන්සේතං Tuesday, 19 November 2013 01:16 PM

දැන් අපේ හිර ගෙදර චීනුත් ඉන්නවා. අපේ මස්සිනාත් එහේ වැඩ හොඳා හොඳා. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 19 November 2013 07:57 AM

දැනටමත් චීන්නු හිතා ඉන්නේ ලංකාව චීනයේ යටත් විජිතයක් කියලා.දැන් රටේ වටිනා කියන මර්මස්ථාන සියල්ලම සින්නක්කරයටම චීනෙට පවරලා ඉවරයි. (නි)

:       0       0

සිල්වා Monday, 18 November 2013 07:24 PM

චීනගේ වැඩ තව ඉදිරියට කිවුවලු (නි)

:       0       0

සුසන්ත Tuesday, 19 November 2013 09:26 AM

නිසි දඩුවම් ලැබුණා නම් හොදයි (නි)

:       0       0

දර්ශා Tuesday, 19 November 2013 09:31 AM

ටිකිරි බණ්ඩාගේ කතාව සත්‍යයයි (නි)

:       0       0

මාධව Monday, 18 November 2013 08:53 PM

අනේ මන්දා මොනවා වෙලාද කියලා (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 18 November 2013 09:22 PM

අනේ මන්ද...චීන්නුන්ට ගිය රට!(නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 18 November 2013 09:46 PM

චීනය ලගා කර ගත්ත කියන්නේ රටවල් ඉවරෙටම ඉවරයි. පිලිපීනයට වෙලා තියෙන හරියම මදිද. කොමිස් මුදල් වෙනුවෙන් රටම වුනත් විකුනම් කාවි. දරුවන්ගේ අවාසනාව තමයි.(නදී)

:       0       0

රමිත් Monday, 18 November 2013 10:57 PM

"චීන පාතාල කල්ලි" වගයක් තියෙනවා කොළඹ. උන් කුළියට මිනීමරණ ලංකාවේ පාතාල කල්ලි වලටත් වඩා දරුණු වැඩ කරනවලු. පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා බලන්න පත්තර වල යන නිව්ස් (නදී)

:       0       0

උපාලි Tuesday, 19 November 2013 12:22 AM

හොරාට, වංචනිකයාට ජාතියක් නැහැ. හැබැයි, මේ ගොල්ල ටිකක් ඒ පැත්තට බරයි වගේ. අපේ දේශීය සම්පත් හොරෙන් ගෙනියනකොට කීප වතාවක් රේගුවෙන් අහු වුනා. සමහරු ඉන්නවා කුඩු අදින්න විශේෂ සමත්තු. සමහරු රත්තරන් ගෙනියන්න විශේෂ සමත්තු. "ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත" කියනවනේ. කොහොමත් අධිකරණයෙන් සුදුසු දඬුවමක් දීල තියෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site