පසුගිය වසරේ මැයි මාසයේ කොල්ලුපිටියේ පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් දත්ත සොරකම් කළ චීන ජාතිකයන් තිදෙනකුට කොළඹ මහාධිකරණය සිව් වසරක සිර දඬුවම් පමුණුවා රුපියල් අට ලක්ෂයක දඩද නියම කළේය.
ලෑං මිං ,ඩෙන් හුවා ජුං හා වෙං මිං ට මෙම දඩ නියම කරන ලද්දේ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසිනි.
විද්‍යුත් උපකරණ පාවිච්චි කරමින් ටෙලර් යන්ත්‍ර දත්ත සොරකම් කිරීමට උත්සාහා කිරීමට ඔවුන් වරඳ පිළි ගත්හ.
ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් ළග තබා ගත් ලෑං ට හා වෙං ට අතිරේක වසරක(බරපතල වැඩ සහිත ) සිර දඩුවමක් ද රුපියල් තුන් ලක්ෂය බැගින් දඩ ද නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොණ්ඩ බැදපු චීන්නු නෙමෙයි.(නදී)
දත්ත සොරකම් කිරීමට චීන්නු කොහොමත් ලෝක ප්‍රසිද්ධයි. (නදී)
චීනුන්ගේ බඩු වගේම වැඩත් බාලයි,නමුත් ලංකාවේ අපේ අය මොවුන්ව ඉහළින් තියාගෙන ඉන්නේ. අර අධිවේගේ විවෘත කරනකොටත් ඉස්සරහින් තියාගෙන හිටියේ.නොරොච්චෝලේ බලාගාරේ තාම කැඩිලා (නි)
හොද වැඩේ.ඔහොම අය අල්ලලා දැඩි දඩුවම් දෙන එක තමයි හොද (නි)
හොද වෙලාවට මේ අය චිනයේ වුුණේ. නිකම් හරි වෙනත් ජාතියක් නම් ඉවරයි. (නි)
චීන්නු කොහොමත් හොරු (නි)
ඔන්න අපේ ආදරණිය සංචාරකයෝ. (නි)
දැන් අපේ හිර ගෙදර චීනුත් ඉන්නවා. අපේ මස්සිනාත් එහේ වැඩ හොඳා හොඳා. (ස)
දැනටමත් චීන්නු හිතා ඉන්නේ ලංකාව චීනයේ යටත් විජිතයක් කියලා.දැන් රටේ වටිනා කියන මර්මස්ථාන සියල්ලම සින්නක්කරයටම චීනෙට පවරලා ඉවරයි. (නි)
චීනගේ වැඩ තව ඉදිරියට කිවුවලු (නි)
නිසි දඩුවම් ලැබුණා නම් හොදයි (නි)
ටිකිරි බණ්ඩාගේ කතාව සත්‍යයයි (නි)
අනේ මන්දා මොනවා වෙලාද කියලා (දී)
අනේ මන්ද...චීන්නුන්ට ගිය රට!(නදී)
චීනය ලගා කර ගත්ත කියන්නේ රටවල් ඉවරෙටම ඉවරයි. පිලිපීනයට වෙලා තියෙන හරියම මදිද. කොමිස් මුදල් වෙනුවෙන් රටම වුනත් විකුනම් කාවි. දරුවන්ගේ අවාසනාව තමයි.(නදී)
"චීන පාතාල කල්ලි" වගයක් තියෙනවා කොළඹ. උන් කුළියට මිනීමරණ ලංකාවේ පාතාල කල්ලි වලටත් වඩා දරුණු වැඩ කරනවලු. පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා බලන්න පත්තර වල යන නිව්ස් (නදී)
හොරාට, වංචනිකයාට ජාතියක් නැහැ. හැබැයි, මේ ගොල්ල ටිකක් ඒ පැත්තට බරයි වගේ. අපේ දේශීය සම්පත් හොරෙන් ගෙනියනකොට කීප වතාවක් රේගුවෙන් අහු වුනා. සමහරු ඉන්නවා කුඩු අදින්න විශේෂ සමත්තු. සමහරු රත්තරන් ගෙනියන්න විශේෂ සමත්තු. "ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත" කියනවනේ. කොහොමත් අධිකරණයෙන් සුදුසු දඬුවමක් දීල තියෙනවා. (නදී)