ඕස්ට්‍රේලියාව ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී හමුවූ සුන්බුන් අතුරුදන් වූ යානයේ නොවන බව ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. චන්ද්‍රිකා ඡායාරූප අනුව ඕස්ට්‍රේලියා හා චින නෞකා යොදා සිදුකරන ලද සෝදිසියක දි සොයාගත් සුන්බුන් කොටස් ධීවරයන් විසින් මසුන් ඇල්ලීමට යොදාගත් උපකරණ බව ඔවුන් පවසා ඇත. ඕස්ට්‍රේලියාව විසින් චන්ද්‍රිකා ඡායාරූප පිළිබද අනාවරණය කිරීමෙන් පසු මැලේසියා බලධාරීන් කියා සිටියේ එම්.එච්.370 ගුවන් යානය ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බවයි. එම කොටස් ගුවන් යානයේ නොවන බව තහවරු වීමත් සමග යානයේ අතුරුදන්වීම තවදුරටත් අභිරහසකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඕක මගේ කාමරේ තියෙන්නේ ඇවිල්ල අරන් යනවලා.(නදී)
ප්ලේන් එක තියෙන්නෙ මාමගෙ ගෙදරලු.(නදී)
බලමු මොකද වෙන්නේ කියලා. (ස)
අපේ ලංකාවෙ නම් සිදු වූ දේත්, ඉදිරියට වෙන්න තිබෙන දේත් දන්නා පුද්ගලයන් ඉන්නවා. එහෙම කෙනෙක්ගෙන් ඇහුවා නම් හරි. (නි)
අද අප්‍රේල් 1 වෙනිදා... (ස)
මේ යානෙට එයාලගේ අම්ම අප්පා තෙල් ගහනව කියලද එක එක්කෙනාට ඕනෙ දිහාවල අරන් යන්න (දී)
අයියෝ ආයෙමත්. (ස)
කොහොමින් කොහොම හරි මිනිස් ජීවිත ටික බේරුනොත් ඇති.... (දී)
සුදේශ්, අද අප්‍රේල් 1 වෙනිදා වුණාට කමක් නැහැ. ඔන්න බොරු එහෙම කියනවා නෙමෙයි. (ස)
ඔය මහ ලොකු තාක්ෂණය තියෙන ඇමරිකාවට බැරියැ ඕක හොයල දෙන්න. (ස)
ඇමෙරිකාවේ වැඩක්. (ස)
මේකත් හරියට අර කැස්බෑවා වගේ. (ස)
ඇත්තෙන්ම මේ යානයට මොකද වුණේ? (නි)
මේ අර කේලමා කොහෙද දන්නේ නැ නේද ? ඒ වගේ ගියද දන්නේ නැ.(දිල්)
මොනවා කීවත් එක රටකටවත් තාම යානාවට මොකද උනේ කියල හොයාගන්ඩ බැරි උනානේ.ඇමරිකාවේ අයට බැරියයි අපේ දේවල් හොයන වෙලේ යානයට මොකද උනේ බලන්න (දී)
මට නම් මේ ගැන මුකුත්ම තේරෙන්නෙ නැහැ (නි)
බින් ලාඩන් උන්න තැන හොයා ගත්තේ, ඒත් මේ වගේ දෙයක් හොයා ගන්න බැරි ඇයි මේ අයට.(නදී)
හත්වලාවේ මේක කොහාට මංගච්චලද (අ)
ඒ කියන්නෙ යානයේ හිටපු මිනිස්සු ජීවතුන් අතර ඇති කියන බලාපොරොත්තුව තවත් තියෙනවා. එයාලාට ඉක්මනට ගෙවල් වලට යන්න ලැබේවා! (ස)
මේ අනතුර මගින් තහවුරු වෙනවා තාමත් අපි නොදන්නා ගොඩාක් දේවල් මේ මහා පෘථිවි තලය තුල සැඟවී තියෙන බව.ඒ වගේම අපි තාමත් ජීවත් වෙන්නේ සියවස් ගණනක් පසුපසය.සොබාදහම විසඳුමක් දෙනකම් තවත් කාලයක් ඉවසන්න වෙයි. (ස)
ගොඩක් දෙනෙකුගේ එකම පැතුම එම යානයත් එහි ගිය මගිනුත් කිසිම අනතුරකට ලක් නොවී නැවත ඒ අයගේ නෑදෑහිත මිතුරන්ට මුණ ගැසෙන්න කියායි. (අ)
පෙලෙන් පොජ්ජ ඇමෙරිකාවට මන්ධු වෙලා බොලන්...(අ)
මට නිකන් පිස්සු වගේ ඇත්තටම මොකද්ද උනේ මේ යානයට (දී)
ඔය යානය පැහර ගත්තා මොකද කියන්නේ (දී)
තාක්ෂණයෙන් අද ලෝකය ඉහලයිලු!!! අනේ මන්දා අල්පෙනෙත්තක් නැතිවුනත් හොයාගන්න පුලුවන්... ඒත් මේක? (දී)
ඔය යානය ඉන්දියන් සාගරය පැත්තට අවිල්ලාලු (දී)
මේක සැලසුම් සහගත පැහැර ගැනීමක්.හැමෝම ජීවත්ව සිටිනවා.මුහුද මැද තියන දුපතකට ගොඩ බාල ඇති.අපි නොදන්නා දුපත් කොච්චරක් නම් තියේද ඔය හරියෙ.ගුවන් යානයක් ගොඩ බාන්න පුළුවන්. (ස)
ටයිටැනික් නැව වගේ අවුරුදු 85කට විතර පස්සේ මුහුද යටින් හොයා ගනීවිද දන්නෙ නැහැ. (ස)
මේ යානයට ඇත්තටම වුණ දේ මම හිතන්නෙ නැහැ කවදාවත් දැනගන්න පුලුවන් වෙයි කියලා. මේවා ලොකු ලොකු රටවල ලොකු ලොකු රහස් වෙන්න පුලුවන්. (නි)
අනේ! අර ඉන්දියාවේ පේන බලන කෙනාගෙන් අහලා බලන්නකෝ කොහෙටද වැටුනේ කියලා. (නි)
සමාන්තර ලෝකෙකට ගියාද දන්නේ නැහැනේ.(නදී)
මට නම් හිතෙන්නේ වෙන ලෝකෙකට අරන් ගිහින් වගේ. හොයාගන්න බැරි වුණාට වෙනත් ජීවින් ඉන්නවා. විශ්වය අනන්තයක් (නි)
ඕක අපේ අර ජ්‍යෝතිෂ මහත්තයාගෙන් තමා හරියටම දැනගන්න වෙන්නේ. (නි)
කාලගුණය හොඳ නැහැ කියලා කල්දානවා. අැයි සබ්මැරින් යවලා පරික්ෂා නොකරන්නේ? (නි)
ඇත්තෙන්ම මේ යානය කොහේ ඇද්ද? (නි)
මම දැනගත්තා වැරදි තීරණයක් කියලා (නි)
මේ යානය ලොකු සැළසුමක තවත් එක් ආරම්භයක් විය හැකිය. දැනට ලෝකයේ සිදුකෙරෙන හා සිදුකරමින් පවතින වඩාත් වියදම් අධිකම මෙහෙයුම මෙය බවයි සැළවෙන්නේ. එහෙත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවන ආකාරයේ සිදුවීමක් හෝ අනතුරක සේයාවක් හෝ නොමැතිව යානය පැහැරගත්තා නම් මඟීන් 239 දෙනෙක් කෑම-බීම දෙමින් කිසිදු රහසක් එළියට නොයන පරිදි රඳවා ගැනීම බොහෝ අසීරු කාර්යක්. එසේ රඳවා ගන්නේ නම් එය මෙතෙක් ලොව බිහිවූ කිසිදු අන්තවාදී කණ්ඩායමකට කළ නොහැකිවූ කාර්යයකි. ඩ්‍රෝන යානා, චන්ද්‍රිකා, ගළවා ගැනීමේ ගුවන් යානා, යුධ නෞකා වලින් මිදී මීටර් 209 ක් දිග මීටර් 60ක් උස යානයක් සඟවා තැබීම දැවැන්ත කාර්යයකි. (නි)
අපි ගොඩ දෙනෙකුගේම පැතුම එම යානයේ සිටින සියලුම දෙනාටම කරදරයක් නොවීමයි. (නි)
ඒ කියන්නේ අභිරහස තවත් දිග්ගැස්සුණා. (නි)
එතකොට මේකට මොකද වුණේ? (නි)
පිටසක්වළකින් පැමිණ ගුවන් යානය පැහැරගෙන ගොස්ද? (නි)
මම කියුවේ ඔය යානය තවම මේ පෘතුවි තලය තුල තියෙනවා (දී)
ඇත්තෙන්ම මේ යානයට මොකක්ද වුණේ? (නි)
අනේ මන්ද මීට පස්සේ ගුවන් ගමනක් යන්න කලින් අපේ කේන්දර බලවා ගන්න ඕන ද නැතිනම් නියමුවා ගේ කේන්දරේ බලන්න ඉල්ලා ගන්න ඕන ද කියල මට නම් තේරෙන්නේ නැහැ. (දී)
මෙහෙ වන පොජ්ජට වැටිලද කියල හෝදිසි පොජ්ජක් කරලා බලන්න (දී)
කවදාවත් මෙවන් විනාශයක් නම් වෙන්න එපා (දී)
දානා,ඇමෙරිකාවට නොවෙයි, මත්තල පැත්තට ගොඩබැහැලාද දන්නෙ නැහැ. (නි)
අපේ රටේ මිනිසුන්ට අපේ රටේ ඇති වටිනාකම තේරුම් ගන්න බැහැ. (නි)
ඒකත් කොහේ හරි වාහන අවහිරතාවයකට අහුවෙලාද දන්නෙ නැහැ (නි)
ඔය යානය පිටසක්වල ජීවීන් තමයි පැහැරගෙන තියෙන්නේ. (ස)